bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 1
2 Samuel 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
1
තවද සාවුල් මැරුණු පසු, දාවිත් අමලෙක්වරුන් නසා හැරී ඇවිත් ශික්ලග්හි දෙදවසක් සිටියායින් පසු,
2
තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.
3
ඔබ කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආයෙමියි ඔහුට කීය.
4
එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.
5
එකල දාවිත්: සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් මළ බව ඔබ දන්නේ කොහොමදැයි තමාට කී යෞවනයාගෙන් ඇසීය.
6
ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.
7
ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසීය. මම මෙහියයි උත්තරදුනිමි.
8
ඔබ කවුදැයි ඔහු මාගෙන් ඇසුවේය. මම අමලෙක් මනුෂ්‍යයෙක්මියි ඔහුට උත්තරදුනිමි.
9
ඔහු මට කථාකොට: මා ළඟ සිට මා මරන්න, මක්නිසාද මම ගාවිනාවෙන් සිටිමි; මාගේ පණද සම්පූර්ණයෙන් තවම මා තුළ තිබේයයි කීවේය.
10
එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි, මක්නිසාද ඔහු වැටුණායින් පසු ජීවත්වෙන්නේ නැති බව සත්තක ලෙස මට දැනුණේය. මම ඔහුගේ හිසේ තිබුණු කිරීටයද අතේ දමා තිබුණු වළල්ලද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනායෙමියි කීවේය.
11
එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද තමුන්ගේ වස්ත්‍ර අල්වා ඉරාගෙන,
12
සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද ස්වාමීන්වහන්සේ ගේ සෙනඟද ඉශ්රායෙල් වංශයද කඩුවෙන් වැටුණු නිසා ඔවුන් ගැන වැලපෙමින් හඬමින් සවස දක්වා නිරාහාරයෙන් සිටියෝය.
13
දාවිත් තමාට එපවත් කී තරුණයාට කථාකොට: ඔබ කොහේ කෙනෙක්දැයි ඇසීය. මම විදේශියෙක්වූ අමලෙක් මනුෂ්‍යයෙකුගේ පුතෙක් වෙමියි ඔහු කීවේය.
14
දාවිත්ද: ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තා විනාශකිරීමට භය නැතුව ඔබේ අත දිගුකළේ කෙසේදැයි ඔහුට කියා,
15
තරුණයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: ඔබ ගොස් ඔහුට පහරදෙන්නැයි කීය. ඔහුද පහරදී ඔහු මැරුවේය.
16
දාවිත් ඔහුට කථාකොට: ඔබේ ලේ ඔබේම හිස පිට වේවා; මක්නිසාද-මම ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තා මැරුවෙමියි කියා ඔබේම මුඛය ඔබට විරුද්ධව සාක්ෂිදුන්නේයයි කීවේය.
17
දාවිත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් ගැන මේ විලාප ගීය කියමින් වැලපුණේය.
18
ධනුර් ගීය නම්වූ ගීය යුදා පුත්‍රයන්ට උගන්වන්ටත් ඔහු නියමකෙළේය. ඒක යාෂාර්ගේ පොතේ ලියා තිබේ.
19
එම්බා ඉශ්රායෙල්, ඔබේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි!
20
පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.
21
එම්බා ගිල්බෝවා කඳුනි, ඔබ පිට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා, ප්‍රථම ඵල පූජා පිට්ටනිද නොතිබේවා. මක්නිසාද බලවතුන්ගේ පලිහ වන සාවුල්ගේ පලිහ තෙලින් ආලේපකරනු නොලැබුවාක් මෙන් අගෞරව ලෙස අහක දමනලද්දේය.
22
මරනලද්දවුන්ගේ ලෙයින්ද බලවතුන්ගේ තෙලින්ද යොනාතාන්ගේ දුන්න පස්සට නොපැන්නේය, සාවුල්ගේ කඩුවද සිස්ව හැරීනායේය.
23
සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
24
ඉශ්රායෙල් දූවරුනි, ප්‍රියකරු රතු වස්ත්‍ර ඔබ සැමට පැලෙඳවුවාවූ, ඔබ සැමගේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසුවාවූ සාවුල් ගැන අඬව්.
25
අහෝ බලවතුන් සටන මැදදී වැටුණු හැටි! අහෝ යොනාතාන්, ඔබේ උස් තැන් පිට ඔබ මැරුම්කෑවෙහිය.
26
මාගේ සහෝදරවූ යොනාතාන්, ඔබ ගැන මට ශෝකය ඇත්තේය. ඔබ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුමය, ස්ත්රීන්ගේ ආදරයට වඩා මහත්ය.
27
අහෝ බලවතුන් වැටුණු හැටි! යුද්ධායුධත් නාස්තිවුණ හැටි!
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24