bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 16
2 Samuel 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 17 →
1
දාවිත් කඳු මුදුනෙන් ටිකක් ඔබ්බට ගිය විට මෙපිබොෂෙත්ගේ වැඩකාරයාවූ ශීබා ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙක්ද උන් පිට පැටෙවු රොටි දෙසියයක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද ඉඳිඵල තට්ටු සියයක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහුගේ පෙරමගට ආයේය.
2
මේවා මොකටදැයි රජ ශීබාගෙන් ඇසුවේය. ශීබාද: කොටළුවන් රජ්ජුරුවන්ගේ පවුලට නැගීයන්ටත් රොටි හා ඉඳිඵල යෞවනයන්ට කන්ටත් මුද්‍රිකපානය කාන්තාරයේදී වෙහෙසෙන්නන්ට බොන්ටත්යයි කීවේය.
3
එවිට රජ: ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද-ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය.
4
එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.
5
දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,
6
දාවිත්ටත් දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල්ගැසීය. මුළු සෙනඟද සියලු බලවන්තයෝද දාවිත්ගේ දකුණු පසෙහිද වම් පසෙහිද සිටියෝය.
7
ෂිමෙයි දෙස් තබමින් කියනුයේ: මිනීමරු මනුෂ්‍යය, දුර්ජන මනුෂ්‍යය, යන්න, යන්න.
8
සාවුල් වෙනුවට රජවුණාවූ ඔබ පිටට ස්වාමීන්වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ පමුණුවා, ඔබේ පුත්‍රවූ අබ්සලොම් අතට රජකම භාරදුන්සේක. ඔන්න, ඔබ විපත්තියට අසුවී ඉන්නෙහිය, මක්නිසාද ඔබ මිනිමරුවෙක්යයි කීවේය.
9
එවිට ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට කථාකොට: අර මළ බල්ලා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මක්නිසාද? ගොස් ඔහුගේ හිස කපාදමන්ට මට අවසර ලැබේවයි කීවේය.
10
රජද: ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ සැමගෙන් මට කම් කිම්ද? ඔහු දෙස් කීවේ මක්නිසාද? දාවිත්ට දෙස් කියන්නැයි ස්වාමීන්වහන්සේ ඔහුට කියා තිබේ නම්-ඔබ මෙසේ කළේ මක්නිසාදැයි කියන්ට පුළුවන් කවරෙකුටදැයි කීවේය.
11
තවද දාවිත් අබිෂයිටත් තමාගේ සියලු සේවකයන්ටත් කථාකොට: මා තුළෙන් නික්මුණාවූ මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමියයාට දැන් එසේ කරන්ට බැරිද? ඔහු නිකම් උන්නාවේ, දෙස් කීවාවේ; මක්නිසාද එසේ කරන්ට ස්වාමීන්වහන්සේ ඔහුට කීසේක.
12
සමහරවිට මට කරනලද අයුක්තිය දෙස ස්වාමීන්වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතැයි කීවේය.
13
මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයෙහි යද්දී ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ දෙස් කියමින්ද ඔහු දෙසට ගල්ගසමින් දූලි දම දමාද ගියේ ය.
14
රජද තමා වෙත සිටි මුළු සෙනඟ සමඟ වෙහෙසව ඇවිත් එහි විඩා සන්සිඳුවාගත්තේය.
15
නුමුත් අබ්සලොම්ද ඉශ්රායෙල් මනුෂ්‍යයන් වන මුළු සෙනඟද ඔහු සමඟ අහිතොපෙල්ද යෙරුසලමට ආවෝය.
16
තවද දාවිත්ගේ මිත්රයාවූ අර්කීය හූෂයි අබ්සලොම් ළඟට පැමිණුණ විට: රජු සැරදේවා, රජු සැරදේවයි කීවේය.
17
අබ්සලොම්ද: ඔබේ මිත්‍රයා කෙරෙහි ඇති ඔබේ කරුණාව මේකද? ඔබේ මිත්‍රයා සමඟ නොගියේ මක්නිසාදැයි හූෂයිට කීවේය.
18
හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේ ද මේ සෙනඟද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.
19
ඇරත් මා විසින් සේවයකළ යුතු කාටද? ඔහුගේ පුත්‍රයා ඉදිරියෙහි නොවේද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළාක් මෙන් ඔබ ඉදිරියෙහිත් සේවය කරන්නෙමියි අබ්සලොම්ට කීවේය.
20
එවිට අබ්සලොම් අහිතොපෙල්ට කථාකොට: අප විසින් කුමක් කටයුතුදැයි මන්ත්‍රණය කොට කියන්නැයි කීවේය.
21
අහිතොපෙල්ද: ඔබගේ පියාණන් ගෙදර ප්‍රවේසම් කිරීමට සිටවා ගිය ඔහුගේ උපභාර්යාවන් කරා එළඹෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබගේ පියාණන්ට ඔබ පිළිකුලක්ව සිටින බව අසන්නෝය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලන්ගේ අත් සවිවන්නේයයි අබ්සලොම්ට කීවෝය.
22
මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් ගැසුවෝය; අබ්සලොම්ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියේදී තමාගේ පියාගේ උපභාර්යාවන් කරා එළඹුණේය.
23
ඒ දවස්වලදී අහිතොපෙල් දුන් මන්ත්‍රණය මනුෂ්‍යයෙකු විසින් දෙවියන්වහන්සේගේ මුඛයෙන් විචාරීමක්මෙන් විය. දාවිත්ටත් අබ්සලොම්ටත් අහිතොපෙල්ගේ සියලු මන්ත්‍රණ එයාකාරව තිබුණේය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24