bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 2
2 Samuel 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 3 →
1
ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේ ගෙන් විචාරමින්: මා යුදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.
2
එවිට දාවිත්ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම්ද කර්මෙලිය නාබල්ගේ භාර්යාවව සිටියාවූ අබිගායිල්ද එහි ගියෝය.
3
දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේය. ඔව්හු හෙබ්‍රොන් නුවරවල වාසය කළෝය.
4
තවද යුදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යුදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.
5
දාවිත් යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් වෙතට පණිවිඩකාරයන් යවමින්: ඔබ සැමගේ ස්වාමියාවූ සාවුල්ට ඔබ සැම මේ කරුණාව පෙන්වා ඔහු තැන්පත්කළ බැවින් ස්වාමීන්වහන්සේ ගෙන් ඔබ සැමට ආශීර්වාද වේවා.
6
දැන් ස්වාමීන්වහන්සේ ඔබ සැමට කරුණාවත් සැබෑකමත් පෙන්වනසේක්වා. ඔබ සැම මේ දේ කළ නිසා මමත් එසේම ඔබ සැමට යහපත කරන්නෙමි.
7
එබැවින් ඔබ සැමගේ අත් බලවත් වේවා. ඔබ සැම වික්‍රමාන්විතව සිටින්න. මක්නිසාද ඔබ සැමගේ ස්වාමිවූ සාවුල් මළේය, ඇරත් යුදා වංශය තමුන් කෙරෙහි රජකොට මා ආලේපකෙළේයයි කියන්ට කීවේය.
8
තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,
9
ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.
10
(සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත-ඉශ්රායෙල්හි රජකම්කරන්ට පටන්ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස්ව සිටියේය, ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේය.) නුමුත් යුදා වංශය පමණක් දාවිත්ට ඇලුම්වුණේය.
11
දාවිත් හෙබ්‍රොන්හි යුදා වංශයට රජව සිටි කාලය සත් අවුරුදු හමාසයක්ය.
12
නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝද මහනායිම් සිට පිටත්ව ගිබියොන්ට ගියෝය.
13
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.
14
අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය.
15
එවිට සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්යමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක්ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක්ද නැගිට ගියෝය.
16
එවිට ඔව්හු එකිනෙකා තමතමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා කඩුවෙන් ළැපැත්තට ඇන එක්ව වැටුණෝය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට හෙල්කත්-හශ්ශුරීම් යන නම තබනලද්දේය.
17
ඒ දවසේ සටන ඉතා බලවත්විය; අබ්නේර්ද ඉශ්රායෙල් මනුෂ්‍යයෝද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝය.
18
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
19
අසාහෙල් අබ්නේර් පස්සේ එළවාගන යනුයේ, දකුණටවත් වමටවත් නොහැරී අබ්නේර් පස්සේම ගියේය.
20
එවිට අබ්නේර් පස්සට හැරී: ඔබ අසාහෙල්දැයි ඇසීය. එසේයයි ඔහු කීය.
21
අබ්නේර්: ඔබ දකුණට හෝ වමට හෝ හැරී, යෞවනයන්ගෙන් එක්කෙනෙකු අල්ලා, ඔහුගේ ආයුධ හැරගන්නැයි ඔහුට කීවේය. නුමුත් අසාහෙල් ඔහු වෙතින් අහක්ව යන්ට කැමති නොවීය.
22
නැවතත් අබ්නේර්: මා වෙතින් අහක්ව යන්න, මක්නිසාද මම ඔබ බිමට ගසාහෙළන්නෙම්ද? එසේ කළොත් මා ඔබේ සහෝදරවූ යෝවාබ්ට මාගේ මුහුණ ඔසවන්නේ කොහොමදැයි අසාහෙල්ට කීවේය.
23
එහෙත් ඔහු අහක්ව යන්ට අකැමැතිවිය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේය, හෙල්ලය ඔහුගේ පිටෙන් නික්මුණේය; ඔහු එතැනම මළේය. තවද අසාහෙල් වැටී මැරුණු තැනට ආ සියල්ලෝම නැවතුණෝය.
24
නුමුත් යෝවාබ්ද අබිෂයිද අබ්නේර් ලුහුබඳවා ගොස් ඉරබැස්ස විට ගිබියොන් කාන්තාරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමුණුණෝය.
25
බෙන්යමින් පුත්‍රයෝ අබ්නේර් වෙතට රැස්වී එක කණ්ඩායමක්ව හෙලක් මුදුනේ නැවතී සිටියෝය.
26
එවිට අබ්නේර් යෝවාබ්ට අඬගසා: කඩුව නිතරම විනාශකරන්ටද? එයින් අන්තිමේදී තික්තකම හටගන්න බව ඔබ නොදන්නෙහිද? එසේවී නම් තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්ට කියා ඔබ කොපමණ කල් සෙනඟට අණනොකර සිටිනෙහිදැයි කීවේය.
27
යෝවාබ්ද: දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ කථානොකෙළහිනම් සැබවින් සෙනඟ උදයේම තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ නොගොස් හැරී යන්ට තිබුණේයයි කීවේය.
28
එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.
29
අබ්නේර් සහ ඔහුගේ මිනිස්සු ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස්, යොර්දානෙන් එගොඩව, මුළු බිත්රොන් මැදින් ගොස්, මහනායිම්ට පැමුණුණෝය.
30
යෝවාබ් තෙමේ අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී ඇවිත් මුළු සෙනඟ රැස්කෙළේය, එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙක්ද අසාහෙල්ද නැති බව පෙනුණේය.
31
නුමුත් දාවිත්ගේ සේවකයෝ බෙන්යමින්වරුන්ගෙන්ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන්ද තුන්සිය හැටකට පහරදී මැරුවෝය.
32
ඔව්හු අසාහෙල් රැගෙන බෙත්-ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය. යෝවාබ්ද ඔහුගේ මිනිස්සුද මුළු රාත්‍රියේ ගොස් එළිවෙන කොට හෙබ්‍රොන්ට පැමුණුණේය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24