bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 19
2 Samuel 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 20 →
1
තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය.
2
රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය.
3
මක්නිසාද යුද්ධයේදී පලායන සෙනඟ ලජ්ජා සහිතව හොරෙන් එන්නාක් මෙන්, ඒ දවසේදී සෙනඟ හොරෙන් නුවරට ඇතුල්වුණෝය.
4
රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය.
5
යෝවාබ්ද රජු ළඟට ගෙට ඇතුල්වී කථාකොට: ඔබට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමෙන්ද ඔබට ප්‍රේමකරන්නන්ට වෛරවීමෙන්ද ඔබගේ ජීවිතයත් ඔබගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ජීවිතත් ඔබගේ භාර්යාවන්ගේ ජීවිතත් ඔබගේ උපභාර්යාවන්ගේ ජීවිතත් අද ගැළවුවාවූ ඔබගේ සියලු සේවකයන්ගේ මුහුණු ඔබ අද ලජ්ජා කෙළෙහිය.
6
මක්නිසාද අධිපතීන්ගෙන්වත් සේවකයන්ගෙන්වත් ඔබට කමක් නැති බව ඔබ අද පෙන්නුවෙහිය. අප සියල්ලන්ම අද මැරුණත් අබ්සලොම් ඉතුරුවුණා නම් ඔබ ඉතා ප්‍රසන්නවන බව අද මට පෙනෙයි.
7
එබැවින් දැන් නැගිට පිටතට ගොස් ඔබගේ සේවකයන්ට කරුණාවෙන් කථාකළ මැනවි. ඔබ පිටත නොගියොත් ඔබ සමඟ අද රෑ කිසිවෙක් නොසිටින බවට ස්වාමීන්වහන්සේ ගේ නම කියා දිවුරමි. එයින් ඔබගේ බාලවයසේ පටන් දැන් දක්වා ඔබට සිදුවුණු සියලු අන්තරාවලට වඩා ඔබට අන්තරාවේයයි කීවේය.
8
එවිට රජ නැගිට දොරටුවේ හිඳගත්තේය. රජ දොරටුවේ හිඳිනේයයි මුළු සෙනඟට දන්වනලද්දේය. මුළු සෙනඟද රජු ඉදිරියට ආවෝය. ඉශ්රායෙල්වරු තම තමුන්ගේ කූඩාරම්වලට පලාගොස් සිටියෝය.
9
සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය.
10
අප කෙරෙහි අප විසින් පත්කරගත් අබ්සලොම්ද යුද්ධයේදී මැරුණේය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ සැම නිශ්ශබ්දව සිටින්නේ මක්නිසාදැයි කීවෝය.
11
එවිට දාවිත් රජ පූජකයන් වන ශාදොක්ටත් අබියාතර්ටත් මෙසේ කියා ඇරියේය: ඔබ සැම යුදාහි වැඩිමහල්ලන්ට කථාකොට-රජ්ජුරුවන් තමාගේ ගෙට ගෙන්වන්ට මුළු ඉශ්රායෙල් කරන කථාව ඔහුට සැලවී තිබෙද්දී රජ්ජුරුවන් තමාගේ ගෙට නැවත ගෙනෙන්ට ඔබ සැම අන්තිමයන් වන්නේ මක්නිසාද?
12
ඔබ සැම මාගේ සහෝදරයෝය, මාගේ ඇට සහ මාංසයත්ය. එබැවින් රජ්ජුරුවන් නැවත ගෙනෙන්ට ඔබ සැම අන්තිමයන් වෙන්නේ මක්නිසාදැයි කියන්න.
13
තවද අමාසාට කථාකොට: ඔබ මාගේ ඇට සහ මාංශයත් නොවේද? ඔබ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.
14
මෙසේ ඔහු සියලු යුදා මනුෂ්‍යයන්ගේ සිත් එක්කෙනෙකුගේ සිත මෙන් නමා ගත්තේය; ඔව්හුද: ඔබගේ සියලු සේවකයන් සමඟ හැරී අවමැනවැයි රජුට කියා ඇරියෝය.
15
එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යුදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.
16
තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යුදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය.
17
ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.
18
රජ ගෙදර වැසියන් මෙගොඩකරන්ටත් ඔහුගේ කැමැත්තක් කරන්ටත් පාරුවක් එගොඩට ගියේය. ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි යොර්දානෙන් එගොඩවුණ කල රජු ඉදිරියෙහි වැටී,
19
කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි.
20
මක්නිසාද ඔබගේ දාසයාවූ මා පව්කළ බව මම දනිමි. එබැවින් යෝසෙප්ගේ මුළු වංශය අතරෙන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ පෙරමගට බැස එන්ට මම පළමුකොටම ආවෙමියි කීය.
21
එහෙත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි උත්තරදෙමින්: ෂිමෙයි ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනුලැබිය යුතු නොවේදැයි කීය.
22
දාවිත්ද: ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ සැම අද මට එදිරිවීමට ඔබ සැමත් මාත් අතරේ තිබෙන සම්බන්ධකම මොකද? අද ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත්කරන්ට යුතුද? මක්නිසාද අද මා ඉශ්රායෙල් කෙරෙහි රජව සිටින බව මම නොදනිම්දැයි කීවේය.
23
තවද: ඔබ නොනස්නෙහියයි රජ ෂිමෙයිට කියා දිවුළේය.
24
සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.
25
තවද ඔහු රජු සම්මුඛවෙන්ට යෙරුසලමට ආ කල රජ කථාකොට: මෙපිබොෂෙත්, ඔබ මා සමඟ නොගියේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
26
ඔහු උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මාගේ වැඩකාරයා මා රැවටුවේය. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා කොර බැවින්-කොටළුවෙකු සූදානම්කරගන ඌ පිට නැගී රජ්ජුරුවන් සමඟ යමියි ඔබගේ මෙහෙකරුවා කීවේය.
27
ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි.
28
මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නුමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.
29
රජද: ඔබේ කාරණා ගැන තවත් කථාකරන්නේ මන්ද? ඔබත් ශීබාත් බිම බෙදාගන්න ලෙස මම කියමියි ඔහුට කීවේය.
30
මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය.
31
තවද ගිලියදිය බර්සිල්ලයි රොගේලීම් සිට ඇවිත් යොර්දානෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ යොර්දානෙන් මෙගොඩට ආයේය.
32
බර්සිල්ලයි ඉතා මහලුව අසූ අවුරුද්දක් වයස්ව සිටියේය. ඔහු රජු මහනායිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයාදුන්නේය; ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙකි.
33
රජද: මා සමඟ යන්ට එන්න, යෙරුසලමේ මා වෙත ඔබ පෝෂ්‍යකරන්නෙමියි බර්සිල්ලයිට කීවේය.
34
බර්සිල්ලයිද: රජ්ජුරුවන් සමඟ යෙරුසලමට යන්ට මාගේ ජීවිතයේ තවත් ඉතිරිව තිබෙන අවුරුදුවල දවස් කොපමණද?
35
මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද?
36
ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද?
37
මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.
38
රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් ඔබට කර දෙන්නෙමියි කීවේය.
39
මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.
40
මෙසේ රජ මෙගොඩවී ගිල්ගාල්ට ආවේය, කිම්හාම්ද ඔහු සමඟ ආවේය. මුළු යුදා සෙනඟද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක්ද රජු මෙගොඩට කැඳවාගන ආවෝය.
41
එවිට සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ රජු ළඟට අවුත් රජුට කථාකොට: අපේ සහෝදරවූ යුදා මනුෂ්‍යයන් ඔබ හොරෙන් අඬගසාගන රජුද ඔහුගේ ගෙයි වැසියන්ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මනුෂ්‍යයන්ද යොර්දානෙන් මෙගොඩට ගෙනාවේ මක්නිසාදැයි ඇසුවෝය.
42
සියලු යුදා මනුෂ්‍යයෝ ඉශ්රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. ඔබ සැම මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය.
43
ඉශ්රායෙල් මනුෂ්‍යයෝ යුදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් ඔබ සැමට වඩා අයිතිකම අපට ඇත්තේය. ඔබ සැම අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යුදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24