bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 23
2 Samuel 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
1
තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:
2
ස්වාමීන්වහන්සේ ගේ ආත්මය මා ලවා කථාකෙරෙවුසේක, උන්වහන්සේගේ වාක්‍යයද මාගේ දිවේ තිබුණේය.
3
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය- දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.
4
ඒ තෙමේ වලාකුල් නැතුව ඉර උදාවන කල්හි තිබෙන උදය ආලෝකයද වැස්සෙන් පසුව බබළන දීප්තිය කරණකොටගෙන පොළොවෙන් හටගන්න ළපටි තෘණද මෙන් වන්නේය.
5
සැබවින් මාගේ වංශය දෙවියන්වහන්සේ ඉදිරියෙහි එසේම පවතිනු නොවේද? මක්නිසාද සියල්ල ගැන නියම ලෙස ස්ථිරකර තිබෙන සදාකාල ගිවිසුමක් උන්වහන්සේ මා සමඟ කළසේක. ඒ මාගේ මුළු ගැළවීමත් මාගේ මුළු ප්‍රසන්නයත් වේ. උන්වහන්සේ එය වැඩෙන්ට නොසලස්වනසේක්ද?
6
නුමුත් සියලු දුර්ජනයෝ අතින් නාල්ලන්නාවූ අහක දමන්නාවූ කටු ගස්වලට සමානය.
7
ඒවා අල්ලන මනුෂ්‍යයා යකඩ සහ හෙල්ල මිටක්ද රැගෙන සිටිය යුතුය; ඒවා තිබෙන තැනම මුළුමනින් ගින්නෙන් දවා දමනු ලබන්නේය.
8
දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාම මේවාය: අධිපතීන්ට ප්‍රධානවූ තාකෙමොනිය යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය; ඔහු එක් වතාවකදී අටසිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරුවේය.
9
ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය.
10
ඔහු නැගිට තමාගේ අතට වෙහෙසවී තමාගේ අත කඩුවට ඇලෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ස්වාමීන්වහන්සේ එදා මහත් ජයක් සාදා දුන් සේක; සෙනඟ ද කොල්ලය ගන්ට පමණක් ඔහු පස්සේ ගියෝය.
11
ඊළඟට හාරාරිය අගීගේ පුත්‍රවූ ෂම්මාය. පිලිස්තිවරු හමුදාවක්ව කොල්ලු පුරාම තිබුණු බිම් කොටසක රැස්ව සිටියෝය; සෙනඟද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය.
12
නුමුත් ඔහු බිම් කොටස මැද සිට ඒක බේරාගන පිලිස්තිවරුන් මැරුවේය. ස්වාමීන්වහන්සේ මහත් ජයක් සාදාදුන්සේක.
13
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ.
14
දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්-ලෙහෙම්හි සිටියාහ.
15
දාවිත් තද ආශාවක් ඇත්තේ: අනේ බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර කවුරුවත් මට බොන්ට ගෙනක් දෙනවා නම් හොඳයයි කීවේය.
16
එවිට ඒ බලවන්තයන් තුන්දෙනා පිලිස්තිවරුන්ගේ සේනාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් ඔහු ඒවා බොන්ට අකැමැතිව ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට:
17
ස්වාමීන්වහන්ස, මෙසේ කිරීම මාගෙන් දුරුවේවා. තමුන්ගේ ප්‍රාණය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතුදැයි කියා ඒවා බොන්ට අකැමැතිවුණේය. ඒ බලවන්තයෝ තුන්දෙනා මේ දේවල් කළෝය.
18
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.
19
තුන්දෙනා අතරෙන් ඔහු ඉතා ගරුතර තැනැත්තා නොවේද? එබැවින් ඔහු ඔවුන්ගේ අධිපතියා කරනලද්දේය. එසේ වුවත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය.
20
මහත් ක්‍රියාවල් කළාවූ, කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙන්නා මැරුවේය. හිම වැටෙන දවසකදී ඔහු බැස ගොස් වළක් ඇතුළෙහිදී සිංහයෙකු මැරුවේය.
21
ඔහු එඩිතර පෙනීමක් ඇති මිසර මනුෂ්‍යයෙකුත් මැරුවේය. මිසරයාගේ අතේ හෙල්ලයක් තිබුණේය; එහෙත් ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේම හෙල්ලයෙන් ඔහු මැරුවේය.
22
යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.
23
ඔහු තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක්ය, එහෙත් පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය. දාවිත් තමාගේ මුරකාරයන් කෙරෙහි ඔහු අධිපතියා කෙළේය.
24
යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල් වනාහි තිස් දෙනාගෙන් එක්කෙනෙක්ය; තවත් අය නම් බෙත්-ලෙහෙම්හි දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;
25
හරොදිය ෂම්මාය, හරොදිය එලිකාය;
26
පල්තිය හෙලෙශ්ය, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය;
27
අනාතෝතිය අබියෙසෙර්ය, හුෂාතිය මෙබුන්නයිය;
28
අහොහිය ශල්මොන්ය, නෙටොපාතිය මහරයිය;
29
නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හෙලෙබ්ය, බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඉත්තයිය;
30
පිරාතොනිය බෙනායාය, ගාෂ්හි දොළවල හිද්දයීය;
31
අර්බාතිය අබී-යල්බොන්ය, බර්හුමිය අස්මාවෙත්ය;
32
ෂාල්බොනිය එලියාබාය, යාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ය;
33
හරාරිය ෂම්මාය, අරාරිය ෂාරාර්ගේ පුත්‍රවූ අහියාම්ය;
34
මයකාතියයාගේ පුත්‍රයා වන අහස්බයිගේ පුත්‍රවූ එලිපෙලෙත්ය, ගීලොනිය අහිතොපෙල්ගේ පුත්‍රවූ එලියාම්ය;
35
කර්මෙලිය හෙශ්රයිය, අර්බිය පයරයිය;
36
ශෝබාහි නාතාන්ගේ පුත්‍රවූ ඉගාල්ය, ගාදිය බානීය;
37
අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයිය;
38
ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය; හිත්තීය උරියාය.
39
ඒ සියල්ලෝ තිස් සත්දෙනෙක්ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24