bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 3
2 Samuel 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
1
තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.
2
හෙබ්‍රොන්හිදී දාවිත්ට පුත්‍රයෝ උපන්නෝය. ඔහුගේ කුලුඳුලා නම් යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය;
3
ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයඛාගේ පුත්‍රවූ අබ්සලොම්ය;
4
සතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය; පස්වෙනියා අබිටල්ගේ පුත්‍රවූ ෂෙපටියාය;
5
සවෙනියා දාවිත්ගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය. මොව්හු හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන්නෝය.
6
සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.
7
අයාගේ දූවූ රිශ්පා නම් උප භාර්යාවක් සාවුල්ට සිටියාය. ඊෂ්-බොෂෙත්ද: ඔබ මාගේ පියාණන්ගේ උප භාර්යාව වෙතට පැමුණුණේ මන්දැයි අබ්නේර්ට කීවේය.
8
එවිට අබ්නේර් ඊෂ්-බොෂෙත්ගේ වචන ගැන ඉතා කෝපවී: මම යුදාට අයිති බලු හිසක්ද? මම දාවිත් අතට ඔබ අසුකරනොදී, අද දක්වා ඔබේ පියවූ සාවුල්ගේ වංශයටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්වමි, එහෙත් අද ඔබ මේ ස්ත්‍රිය ගැන මා කෙරෙහි වරද පමුණුවයි.
9
රජකම සාවුල්ගේ වංශයෙන් අහක්කර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යුදාවරුන්ද කෙරෙහි පිහිටුවන පිණිස,
10
ස්වාමීන්වහන්සේ දාවිත්ට දිවුළ ලෙස මම ඔහුට නොකෙළෙම්නම් දෙවියන්වහන්සේ අබ්නේර්ට එසේමත් ඊට වැඩියත් කරනසේක්වයි කීවේය.
11
ඔහු අබ්නේර්ට භයවුණ බැවින් තවත් එක වචනයක්වත් කියා උත්තරදෙන්ට නොහැකිවිය.
12
එවිට අබ්නේර් තමා වෙනුවෙන් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවා: දේශය කාට අයිතිදැයි කියාත් ඔබ මා සමඟ ගිවිසුමක් කළොත් සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත හරවාගන්නා පිණිස මාගේ අත ඔබ සමඟ වන්නේය කියාත් කියන්ට කීවේය.
13
දාවිත්ද කථාකොට: යහපත; මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් ඔබ විසින් එක දෙයක් කළ යුතුය, එනම් ඔබ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් ඔබ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.
14
තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.
15
ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන ලායිෂ්ගේ පුත්‍රවූ පල්ටියෙල් වෙතින් ඈ ගෙන්නෙවුවේය.
16
ඇගේ පුරුෂයා ඈ සමඟ ගොස් බහුරීම් දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේය. එවිට අබ්නේර්: හැරී යන්නැයි ඔහුට කීය. ඔහු හැරී ගියේය.
17
අබ්නේර් ඉශ්රායෙල් වැඩිමහල්ලන් සමඟ කථාකොට: දාවිත් ඔබ සැම කෙරෙහි රජකර ගන්න පිණිස ඔබ සැම පසුගිය කාලයෙහි සෙ වුහුය.
18
දැන් එසේ කරන්න. මක්නිසාද මාගේ සෙනඟවූ ඉශ්රායෙල් පිලිස්තිවරුන්ගේ අතින්ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින්ද මාගේ මෙහෙකරුවූ දාවිත් ලවා මම ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ දාවිත් ගැන කියා තිබේයයි කීවේය.
19
අබ්නේර් බෙන්යමින්වරුන් සමඟත් කථාකෙළේය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන්ටද මුළු බෙන්යමින් වංශයටද හොඳව පෙනුණු සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ටත් කියන්ට ගියේය.
20
මෙසේ අබ්නේර්ද ඔහු සමඟ මනුෂ්‍යයන් විසිදෙනෙක්ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමුණුණෝය. දාවිත් අබ්නේර්ටත් ඔහු සමඟ සිටි මනුෂ්‍යයන්ටත් මංගල්‍යකෑමක් පිළියෙළ කෙළේය.
21
අබ්නේර් දාවිත්ට කථාකොට: මම පිටත්ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙතට රැස්කරගන එන්නෙමි, මෙසේ ඔබගේ සිතට ආසා ඇති සියල්ලන් කෙරෙහි ඔබ රජකම්කරනවා ඇතැයි කීවේය. දාවිත් අබ්නේර් යන්ට ඇරියේය; ඔහු සමාදානයෙන් ගියේය.
22
ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද කොල්ලකෑම පිණිස පිටත්ව ගොස් බොහෝ වස්තු ලබාගන හැරී ආවෝය. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේය; මක්නිසාද දාවිත් ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය.
23
නුමුත් යෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාවද ආ විට: නේර්ගේ පුත්‍රවූ අබ්නේර් රජු ළඟට ආයේය, රජු ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය කියා යෝවාබ්ට කියනලද්දේය.
24
එවිට යෝවාබ් රජ්ජුරුවන් ළඟට ඇවිත්: ඔබ කළේ කුමක්ද? අබ්නේර් ඔබ වෙතට ආයේය; ඔහු ගොහින් ඉවරය. ඔබ එසේ ඔහුට යන්ට හැරියේ මක්නිසාද?
25
නේර්ගේ පුත්‍රවූ අබ්නේර් ඔබ රවටා, ඔබගේ යාම ඊමත් ඔබ කරන සියල්ලත් දැන ගන්ට ආ බව ඔබ දන්නෙහියයි කීවේය.
26
යෝවාබ් දාවිත් වෙතින් පිටතට ඇවිත් අබ්නේර් පස්සේ පණිවිඩකාරයන් යැවීය, ඔව්හු සිරා ළිඳ ළඟ සිට ඔහු නැවත කැඳවාගන ආවෝය. නුමුත් දාවිත් ඒ බව නොදත්තේය.
27
අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.
28
ඉන්පසු දාවිත් ඒ අසා: මමත් මාගේ රාජ්‍යයත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ගේ ලේ ගැන සදාකාලේටම නිදොස්ය.
29
ඒ වරද යෝවාබ්ගේ හිස පිටත් ඔහුගේ පියාගේ මුළු වංශය පිටත් පැමිණේවා; යෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහයක් ඇති කෙනෙක් හෝ කුෂ්ඨරෝගකාරයෙක් හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙක් හෝ කඩුවෙන් වැටෙන කෙනෙක් හෝ කෑම හිඟවූ කෙනෙක් හෝ නැතුව නොසිටීවයි කීවේය.
30
අබ්නේර් ගිබියොන්හි සටෙන්දී තමුන්ගේ සහෝදරවූ අසාහෙල් මැරූ නිසා යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබීෂයිද මෙසේ ඔහු මරාදැමුවෝය.
31
දාවිත් යෝවාබ්ටත් ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කථාකොට: ඔබ සැමගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි ඇඳගන, අබ්නේර්ට පෙරටුවෙන් වැලපෙමින් යන්නැයි කීවේය. දාවිත් රජද දෙනය පස්සෙන් ගියේය.
32
ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත්කළෝය. රජ ශබ්ද නගා අබ්නේර්ගේ සොහොන්පළ ළඟදී ඇඬීය. මුළු සෙනඟද ඇඬුවෝය.
33
රජ්ජුරුවෝ අබ්නේර් ගැන විලාප ගීයක් කියමින්: මෝඩයෙක් මැරෙන්නාක් මෙන් අබ්නේර් මැරෙන්ට යුතුද?
34
ඔබේ අත් නොබඳිනලද්දේය, ඔබේ පාදවල විලංගු නොදමනලද්දේය. දුෂ්ටයන් ඉදිරිපිට මනුෂ්‍යයෙක් වැටෙන්නාක්මෙන් ඔබ වැටුණෙහියයි කීවේය. නැවතද මුළු සෙනඟ ඔහු ගැන ඇඬුවෝය.
35
දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.
36
මුළු සෙනඟද ඒක දැනගත්තෝය, ඒක ඔවුන්ට යහපත්ව පෙනුණේය. එසේම රජ්ජුරුවන් කළ සියල්ලත් මුළු සෙනඟට යහපත්ව පෙනුණේය.
37
මෙසේ නේර්ගේ පුත්‍රවූ අබ්නේර් මැරීම රජ්ජුරුවන් කෙරෙන් නොවූ බව මුළු සෙනඟද සියලු ඉශ්‍රායෙල්වරුද ඒ දවසේ දැනගත්තෝය.
38
රජ්ජුරුවෝ තමාගේ සේවකයන්ට කථාකොට: අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙක්ද උත්තමයෙක්ද වැටුණු බව ඔබ සැම දන්නේ නැද්ද?
39
මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24