bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 17
2 Samuel 17
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
1
තවද අහිතොපෙල් අබ්සලොම්ට කථාකොට: මනුෂ්‍යයන් දොළොස් දහසක් තෝරාගෙන අද රාත්‍රියේ පිටත්ව දාවිත් පස්සේ එළවාගන යන්ට මට අවසර ලැබේවා.
2
ඔහු වෙහෙසව අත්හෙළා සිටියදී මම ඔහුට විරුද්ධව පැමිණ ඔහු භයගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලායනවා ඇත: මම රජුට පමණක් පහරදී,
3
මුළු සෙනඟ ඔබ වෙතට හරවාගන්නෙමි. ඔබ විසින් සොයන මනුෂ්‍යයා වනාහි සියල්ලන්ගේ හැරී ඒම හා සමානය. මෙසේ මුළු සෙනඟ සමාදානයෙන් සිටිනවා ඇතැයි කීවේය.
4
ඒ කීමට අබ්සලොම්ද සියලු ඉශ්රායෙල් වැඩිමහල්ලෝද ප්‍රසන්න වූහ.
5
එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය.
6
හූෂයි අබ්සලොම් ළඟට ආ කල්හි අබ්සලොම් ඔහුට කථාකොට: අහිතොපෙල් මේ ආකාරයෙන් කථාකෙළේය. ඔහුගේ කීම ලෙස කරමුද? නැත්නම් ඔබ කථාකරන්නැයි කීය.
7
හූෂයි අබ්සලොම්ට කථාකොට: අහිතොපෙල් මේ වතාවේ කළ මන්ත්‍රණය හොඳ නැතැයි කීවේය.
8
හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.
9
දැන් ඔහු වළක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද පටන්ගැන්මේදීම ඔවුන්ගෙන් සමහර දෙනෙක් වැටුණාම ඒ අසන කවුරු නුමුත්-අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මැරීමක් සිදුවීයයි කියනවා ඇත.
10
එවිට සිංහයෙකුගේ සිත මෙන් සිතක් ඇති බලවන්තයා පවා මුළුමනින්ම මලානික වෙනවා ඇත. මක්නිසාද ඔබගේ පියාණන් බලවන්තයෙක් බවත් ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මනුෂ්‍යයන් බවත් සියලු ඉශ්රායෙල්වරු දනිති.
11
මා කියන මන්ත්‍රණය නම්: දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටින සියලු ඉශ්රායෙල්වරුන් ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් ඔබ වෙතට රැස්කරගන ඔබම සටනට යන ලෙසය.
12
එසේ ඔහු සිටින යම් ස්ථානයකට අපි ඔහු වෙතට පැමිණ, භූමි මතුයෙහි පිනි වැටෙන්නාක් මෙන් ඔහු පිටට බැස එන්නෙමුව. එවිට ඔහුවත් ඔහු සමඟ සිටින සියලු මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවන්නේය.
13
ඇරත් ඔහු නුවරකට ඇතුල්වී සිටියොත් සියලු ඉශ්රායෙල්වරුන් ඒ නුවරට ලනු දමා, එහි කුඩා ගලක්වත් සම්බනොවෙන තුරු අපි ගඟටම ඒක ඇදදමන්නෙමුයයි කීවේය.
14
අබ්සලොම්ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝද: අහිතොපෙල්ගේ මන්ත්රණයට වඩා අර්කීය හූෂයිගේ මන්ත්‍රණය හොඳයයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අබ්සලොම් පිටට නාස්තිය පමුණුවන පිණිස අහිතොපෙල්ගේ හොඳ මන්ත්‍රණය නිෂ්ඵල කරන්ට නියමකර තිබුණේය.
15
එකල හූෂයි පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් කථාකොට: අහිතොපෙල් මේ මේ ආකාරයෙන් අබ්සලොම්ටත් ඉශ්රායෙල් වැඩිමහල්ලන්ටත් මන්ත්‍රණය දුන්නේය; මම මේ මේ ආකාරයෙන් මන්ත්‍රණය දුනිමි.
16
එබැවින් දැන් ඉක්මනින් පණිවිඩයක් යවා: රජුද ඔහු සමඟ මුළු සෙනඟද නැතිනොවන පිණිස අද රෑ කාන්තාරයේ සමභූමිවල නොනැවතී කොහොම නුමුත් එගොඩවෙන්ට ඕනෑයයි දාවිත්ට දන්වන්නැයි කීවේය.
17
යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
18
නුමුත් තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්නුවේය. ඔවුන් දෙදෙනාම ඉක්මනින් ගොස් බහුරීම්හි මනුෂ්‍යයෙකුගේ ගෙදරට පැමුණුණෝය; ඔහුගේ මිදුලෙහි ළිඳක් තිබුණේය; ඔව්හු ඒකට බැස්සෝය.
19
ස්ත්‍රීද වැස්ම රැගෙන ළින් කෙට් එළා, කිසිවක් දැනනොගන්නා හැටියට ඒ පිට ඇඹරෑ ධාන්‍ය වනා තැබුවාය.
20
අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.
21
තවද ඔවුන් ගිය පසු, ඔව්හු ළිඳෙන් ගොඩනැගී ගොස් දාවිත් රජුට දන්වමින්: ඔබට විරුද්ධව අහිතොපෙල් මෙසේ මන්ත්‍රණයකළ නිසා පිටත්වී ඉක්මනින් ඇළෙන් එගොඩවුවමැනවැයි දාවිත් රජුට කීවෝය.
22
එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද පිටත්ව යොර්දානෙන් එගොඩවූවෝය. එළිවෙනකොට ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් යොර්දානෙන් එගොඩ නොගොස් ඉතුරුව සිටියේ නැත.
23
තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණ සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
24
දාවිත් මහනායිම්ට ආයේය. අබ්සලොම්ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝද යොර්දානෙන් එගොඩට ගියෝය.
25
තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.
26
ඉශ්‍රායෙල්වරුද අබ්සලොම්ද ගිලියද් රටෙහි අන්දායම් බැඳගත්තෝය.
27
දාවිත් මහනායිම්ට පැමුණුණු විට අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත්‍රවූ ෂෝබිද ලෝ-දෙබාර්හි අම්මීයෙල්ගේ පුත්‍රවූ මාඛීර්ද රොගේලීම්හි ගිලියදිය බර්සිල්ලයිද,
28
යහන්, තළි, මැටි භාජන, කෑමට තිරිඟු, යව, පිටි, විලඳ, මෑ, කොල්ලු, බැදපු මුං,
29
මීපැණි, වෙඬරු, බැටළුවන්, එළ දීකිරි යන මේවා දාවිත්ටත් ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝය. මක්නිසාද: සෙනඟ කාන්තාරයෙහි බඩගිනිව වෙහෙසව පිපාසාව සිටිත්යයි ඔව්හු කීවෝය.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24