bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 7
2 Samuel 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 8 →
1
රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර,
2
රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය.
3
එවිට නාතාන්: ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි රජුට කීවේය.
4
තවද එම රාත්රියේදී ස්වාමීන්වහන්සේ ගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ:
5
ඔබ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න-මාගේ වාසස්ථානය කොට ඔබ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?
6
මම ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් ගෙනා දවස පටන් අද දක්වා ගෙයක නොවැස කූඩාරමකද මණ්ඩපයකද හැසුරුණෙමි.
7
මාගේ සෙනඟවූ ඉශ්රායෙල් පාලනයකරන්ට මාගෙන් අණ ලැබූ යම් ඉශ්රායෙල් ගෝත්‍රයකට: ඔබ සැම මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීවෙම්ද?
8
එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද ඔබ ගත්තෙමි.
9
ඔබ ගිය හැම තැන්හිම මම ඔබ සමඟ සිට ඔබේ සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් ඔබට සාදා දෙන්නෙමි.
10
මාගේ සෙනඟ වූ ඉශ්රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි;
11
මුලදී කළ ලෙසද මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. ඔබේ සියලු සතුරන්ගෙන් ඔබට නිදහස ලැබෙන්ට සලස්වන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ ඔබට වංශයක් සාදාදෙන බව ස්වාමීන්වහන්සේ ඔබට දන්වන සේක.
12
ඔබේ දවස් සම්පූර්ණවී ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපුණු කල්හි, මම ඔබෙන් පැවත එන ඔබේ බීජය ඔබට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.
13
ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ රජකමේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරන්නෙමි.
14
මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි;
15
එහෙත් ඔබ ඉදිරියෙන් මා විසින් අහක්කළ සාවුල්ගෙන් මාගේ කරුණාව පහකළාක් මෙන් ඔහුගෙන් එය පහනොවන්නේය.
16
ඔබේ වංශයද රජකමද ඔබ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. ඔබේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
17
මේ සියලු වචනවල හැටියටත් මේ මුළු දර්ශනය ලෙසත් නාතාන් දාවිත්ට කීවේය.
18
එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?
19
එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මේකත් ඔබ ඉදිරියෙහි මදිව මතු බොහෝ කලකට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ කථාකළසේක; ඒත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මනුෂ්‍ය ප්රකාරයටය.
20
දාවිත් ඔබට තවත් මක්කියන්ටද? ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබනම් ඔබගේ මෙහෙකරුවා දන්නාසේක.
21
ඔබ මේ මුළු මහත් දේ කොට ඔබගේ මෙහෙකරුවාට දැන්නුවේ ඔබගේ වචනය නිසාත් ඔබගේ සිතේ හැටියටත්ය.
22
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ උතුම්ව සිටිනසේක. අපේ කන්වලින් ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබ ඇර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත.
23
පොළොවේ මොන ජාතියක් ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල්ට සමානද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ඊමටත් තමන්ට නාමයක් උපදවාගැනීමටත් ඔබ මිසරයෙන්ද ජාතීන්ගෙන්ද ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්ද ඔබට මුදාගත්තාවූ ඔබගේ සෙනඟ ඉදිරියේදී ඔබගේ දේශය උදෙසා ඔබ මහත්වූ භයානකවූ දේ කළසේක.
24
මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
25
ඉතින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාද ඔහුගේ වංශයද ගැන ඔබ කී වචනය සදාකාලේටම ස්ථිරකොට ඔබ කී ලෙස කළමැනව.
26
ඉශ්රායෙල් කෙරෙහි දෙවියන්වහන්සේව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේ යයි කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාකල් වර්ණනාකරනු ලැබේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.
27
මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස,--මම ඔබට වංශයක් සාදන්නෙමියි කියා ඔබගේ මෙහෙකරුවාට ඔබ එළිදරව් කළසේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පුකරන්ට ඔබගේ මෙහෙකරුවා, ධෛර්ය ගත්තේය.
28
ඉතින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ වචන සැබෑමය, ඔබද ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දෙය පොරොන්දුවූසේක.
29
එබැවින් ඔබගේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදාකාලේටම පවතින පිණිස ඊට ආශීර්වාදකරන්ට ඔබ කැමතිවනසේක්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ ඒක කීසේක. ඔබගේ ආශීර්වාදයෙන් ඔබගේ මෙහෙකරුවාගේ වංශය සදාකාලේටම ආශීර්වාදකරනු ලබාවයි කීවේය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24