bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Samuel 4
2 Samuel 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 5 →
1
අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය.
2
සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.
3
බෙයේරොත්වරු ගිත්තායිම්ට පලාගොස් අද දක්වා එහි විදේශියෝව සිටිති.)
4
සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ට පාද කොරවූ පුත්‍රයෙක් සිටියේය. යෙස්‍රෙයෙල්හි සිටි සාවුල් සහ යොනාතාන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙක් ව සිටියේය, ඔහුගේ කිරි මවු ඔහු වඩාගෙන පලාගියාය. ඈ ඉක්මන්කර පලා යන අතර ඔහු වැටී කොරවුණේය. ඔහුගේ නම මෙඵිබොෂෙත්ය.
5
තවද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝවූ රේඛාබ්ද බානාද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේදී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුල්වුණෝය, ඉරමුදුන් වේලාව නිසා ඔහු සැතපී උන්නේය.
6
ඔව්හු තිරිඟු ගෙනයන්ට එන්නාක් මෙන් ගේ ඇතුළට පැමිණ ඔහුගේ බඩට ඇන්නෝය. රේඛාබ්ද ඔහුගේ සහෝදරවූ බානාද පැනලා ගියෝය.
7
එසේ ඔහු තමාගේ සැතපෙන ගෙයි ඇඳේ නිදා ඉන්දදී ඔව්හු ගෙට ඇතුල්වී ඔහුට ඇන, ඔහු මරා, ඔහුගේ හිස කපාදමා, එය රැගෙන මුළු රාත්‍රියේ අරබා සමභූමියේ පාරෙන් ගියෝය.
8
ඔව්හු හෙබ්‍රොන්හි සිට දාවිත් ළඟට ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනැවිත් රජුට කථාකොට: ඔබ මරන්ට සෙවුවාවූ ඔබට සතුරුවූ සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් උදෙසා අද දවසේ සාවුල්ගෙන්ද ඔහුගේ වංශයෙන්ද පළිගත්සේකැයි කීවෝය.
9
දාවිත්ද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වන රේඛාබ්ටත් ඔහුගේ සහෝදරවූ බානාටත් උත්තර දෙමින්: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,
10
යහපත් ආරංචියක් ගෙනෙමියි සිතාගන එක් කෙනෙක් සාවුල් මැරුණේය කියා මට දැන්වූ විට මම ඔහු අල්වා ශික්ලග්හිදී මරාදැමුවෙමි, ඔහු ගෙනා ආරංචිය ගැන මා විසින් දුන් විපාකය ඒකය.
11
තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමු දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ ඔබ සැමගේ අතින් අයකර ඔබ සැම දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය.
12
දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24