bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 12
1 Samuel 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 13 →
1
සාමුවෙල් මුළු ඉශ්රායෙල් සෙනඟට මෙසේ කීවේ ය; “මෙන්න, ඔබ හැම මාගෙන් ඉල්ලූ සියලු දේට මම සවන් දී ඔබ කෙරෙහි රජෙකු පත් කෙළෙමි.
2
දැන් ඒ රජතුමා ඔබ හැමගේ නායකයා ය. මම නම් මහලු ය, මාගේ හිසකෙස් පැහී තිබේ. මාගේ පුත්රයෝත් ඔබ සමඟ සිටිති. මම බාල වියෙහි පටන් අද දක්වා ඔබේ නායකයා වී සිටියෙමි.
3
මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”
4
සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබ අපට අයුක්තියක් කෙළේ වත්, පීඩා කෙළේ වත්, කිසිවෙකුගේ අතින් කිසිවක් ගත්තේ වත් නැතැ”යි කීවෝ ය.
5
සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.
6
සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය.
7
එබැවින් ඔබටත්, ඔබේ පියවරුන්ටත් සමිඳාණන් වහන්සේ කළ සියලු බලවත් ක්රියා ගැන මා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබට මතක් කර දෙන පිණිස නිශ්චල ව සිටින්න.
8
ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක.
9
එහෙත්, ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළෝ ය. එවිට උන් වහන්සේ හාශොර්හි සේනාධිපතියා වූ සිසෙරා අතටත්, පිලිස්තිවරුන් අතටත්, මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය.
10
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසමින්, ‘අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කිරීමෙන් පව් කෙළෙමු. එහෙත්, අපේ සතුරන් අතින් අප ගැළෙවුව මැනව. අපි ඔබ වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු’යි කීවෝ ය.
11
එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.
12
එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.
13
“මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක.
14
ඔබ සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි නොගසා, උන් වහන්සේට බිය ව වැඳුම්පිදුම් කොට, උන් වහන්සේගේ හඬට කීකරු ව සිටින්නහු නම්, ඔබ කෙරෙහි රජකම් කරන රජුත්, ඔබ හැමත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අනුව යන්නහු නම්, ඔබට ශුභසිද්ධ වේ.
15
එහෙත්, ඔබ හැම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසන්නහු නම්, උන් වහන්සේ ඔබේ රජතුමාටත්, ඔබටත් විරුද්ධ ව සිටින සේක.
16
එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න.
17
දැන් තිරිඟු කපන කාලය නොවේ ද? එහෙත්, අහස් ගර්ජනාවක් ද වර්ෂාව ද එවන ලෙස මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. ඒ ඉටු වූ කල රජෙකු ඉල්ලීමෙන් ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම ඔබ තේරුම් ගන්නවා ඇත.”
18
මෙසේ කී පසු සාමුවෙල් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. එදින සමිඳාණන් වහන්සේ අහස් ගර්ජනාව ද වර්ෂාව ද එවූ සේක. එවිට මුළු සෙනඟ සමිඳාණන් වහන්සේටත්, සාමුවෙල්ටත්, අතිශයෙන් බිය වූ හ.
19
ඔව්හු සාමුවෙල් අමතා, “අප නොනසින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤා කළ මැනව; මන්ද, රජෙකු ඉල්ලීමේ වරද අපේ අනික් සියලු පාපවලට අප එකතු කර ඇතැ”යි කී හ.
20
එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.
21
බොරු දෙවිවරුන් අනුව නොයන්න. ඔවුන් බොරු දෙවිවරුන් වන බැවින්, ඔබට පිහිටවන්නට වත්, ඔබ ගළවන්නට වත් ඔවුන්ට නොහැකි ය.
22
සමිඳාණන් වහන්සේ ඔබ තමන් වහන්සේගේ ම සෙනඟ කරගන්නට ප්රසන්න ව සිටින බැවින්, තමන්ගේ උදාර නාමය නිසා තමන්ගේ ම සෙනඟ අත් නොහරින සේක.
23
ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.
24
සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.
25
එහෙත්, ඔබ තවදුරටත් නපුරුකම් කරන්නහු නම්, ඔබ ද ඔබේ රජු ද විනාශ වනු ඇත.”
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31