bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 30
1 Samuel 30
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 31 →
1
දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,
2
එහි සිටින ස්ත්‍රීන් ද ලොකු කුඩා සියල්ලන් ද වහල්කමට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන පිටත් ව ගියහ.
3
දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ.
4
එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ.
5
දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.
6
දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.
7
දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය.
8
දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.
9
එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ හයසියදෙනා ද පිටත් ව ගියහ. ඔව්හු බෙසොර් ඔය ළඟට පැමිණි විට සමහරෙක් එහි නැවතුණහ.
10
එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ.
11
දාවිත්ගේ සෙනඟට නුවරෙන් පිටත දී මිසර වැසියෙක් සම්බ විය. ඔව්හු ඒ මිනිසා දාවිත් ළඟට ගෙනවුත්, කන්නට රොටි ද බොන්නට වතුර ද ඔහුට දුන්හ.
12
තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි.
13
දාවිත් ඔහු අමතා, “ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය.
14
අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.
15
“ඒ හමුදාව ළඟට යන්නට ඔබ මට මඟ පෙන්වන්නෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මා නොමරන හැටියටත්, මාගේ ස්වාමියා අතට පාවා නොදෙන හැටියටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ මට දිවුරුම් දුන්නොත් මම ඒ හමුදාව ළඟට පැමිණෙන්නට ඔබට මඟපෙන්වමි”යි කී ය.
16
ඔහු දාවිත් ඒ ස්ථානයට පැමිණෙව්වේ ය. එවිට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත්, ජුදා දේශයෙනුත් ගත් ඉමහත් කොල්ලය කමින්, බොමින්, නටමින් සෑම තැන ම විසිරී සිටියහ.
17
දාවිත් ඇඳිරි වේලේ පටන් පසු දින සවස දක්වා ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැඟී පලා ගිය තරුණයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.
18
මෙසේ දාවිත් අමලෙක්වරුන් ගෙන ගිය සියල්ලන් ද තමාගේ භාර්යාවන් දෙදෙනා ද ගළවාගත්තේ ය.
19
ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය.
20
සියලු එළු බැටළුවන් ද ගවයන් ද දාවිත් ගත්තේ ය. ඔහුගේ සෙනඟ උන් අනික් සිවුපාවුන්ට පෙරටුවෙන් දක්කමින්, “මෙය දාවිත්ට අයිති කොල්ලය ය”යි කී හ.
21
දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.
22
එවිට දාවිත් සමඟ ගිය සෙනඟ අතරෙන් නපුරු, දුදන මිනිසුන් සියලු දෙනා කතා කොට, “අප සමඟ නොගිය මිනිසුන්ට අප ගළවා ගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමු. ඔවුන් එකිනෙකාට තම තමන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද රැගෙන යන්නට පමණක් දෙමු”යි කී හ.
23
එවිට දාවිත් මෙසේ කී ය: “මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක.
24
ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.”
25
එදා දාවිත් කී දේ, පණතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.
26
දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.
27
එසේ යැව්වේ, බෙතෙල්හි ද දකුණු රාමොත්හි ද යත්තීර්හි ද
28
අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද
29
රාකාල්හි ද ජෙරාමෙයෙල්වරුන්ගේ නුවරවල ද කේනිවරුන්ගේ නුවරවල ද
30
හොර්මාහි ද බෝර්ආෂාන්හි ද අතාක්හි ද
31
හෙබ්‍රොන්හි ද දාවිත් සහ ඔහුගේ සෙනඟ ගැවසුණ සියලු තැන්හි ද සිටි ප්‍රජා මූලිකයන් වෙත ය.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31