bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 25
1 Samuel 25
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 26 →
1
සාමුවෙල් මියගියේ ය; සියලු ඉශ්රායෙල්වරු රැස් ව ඔහු ගැන වැළපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත් කළහ. ඉන්පසු දාවිත් පිටත් ව මායොන් පාළුකරයට බැස ගියේ ය.
2
සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.
3
ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.
4
නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පන බව කාන්තාරයේ දී දාවිත්ට සැළ විය.
5
දාවිත් තරුණයන් දසදෙනෙකු යවමින් ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කර්මෙල් කන්දට ගොස්, නාබල් වෙත පැමිණ මාගේ නාමයෙන් ඔහුට ආචාර කරන්න.
6
ඔහුට ආචාර කරමින් ‘අපි ශුභ පැතීමට ඔබ වෙත එවනු ලැබීමු. ඔබේ පවුලට සාමදානය වේ වා! ඔබට ඇති සියල්ලටත් සාමදානය වේ වා!
7
ඔබට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමු. ඔබේ බැටළු එඬේරු අප සමඟ සිටියහ; අප ඔවුන්ට හිංසා කෙළේ වත්, ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලය තුළ දී ඔවුන්ට අයිති කිසිවක් නැති වුණේ වත් නැත.
8
ඒ ඔබේ සේවකයන්ගෙන් ඔබ විමසුවොත් ඔවුන් ඒ බව ඔබට කියනු ඇත. ඒ නිසා අපට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා! මන්ද, අපි මංගල අවස්ථාවකට එළඹ සිටිමු. මෙහෙකරුවන්ටත්, ඔබේ පුත් දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමු’යි කියන්න.”
9
මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ.
10
නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.
11
එසේ වී නම්, මා මාගේ රොටි ද වතුර ද මාගේ බැටළු ලොම් කපන්නන් උදෙසා මා මැරූ සතුන්ගේ මස් ද රැගෙන, කොතැනින් ආවා ද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්නට දැ”යි ඇසුවේ ය.
12
එවිට දාවිත්ගේ තරුණයන් හැරී ගොස් දාවිත් වෙත පැමිණ නාබල් කී දේ ඔහුට සැළ කළහ.
13
එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ.
14
නාබල්ගේ මෙහෙකරුවන්ගෙන් එක් කෙනෙක් ඔහුගේ බිරිඳ වූ අබිගායිල්ට මෙසේ කීවේ ය: “අප ස්වාමියාට ආචාර කරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවුඩකාරයන් එව්වේ ය. එහෙත්, ඔහු ඔවුන්ට බැණ වැදුණේ ය.
15
ඒ තරුණයෝ නම් ඉතා හොඳින් අපට සැලකුවෝ ය. අපි කෙත්වල සිටිය දී ඔවුන් සමඟ ගැවසුණ මුළු කාලයේ දී අපට අනතුරක් වුණේ වත්, අපෙන් කිසිවක් නැති වුණේ වත් නැත.
16
අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ, ඔව්හු රෑ දවල් දෙක්හි අපට උපකාරයක් මෙන් සිටියහ.
17
ඒ නිසා දැන් ඔබ ඒ කරුණු දැනගෙන කුමක් කටයුතු දැ යි කල්පනා කළ මැනව. මන්ද, අපේ ස්වාමියාටත්, ඔහුගේ මුළු පවුලටත් විරුද්ධ ව අනතුරක් කිරීමට නියම කර ඇත. අපේ ස්වාමියා කොතරම් දුර්ජනයෙක් ද කීවොත්, ඔහු සමඟ කිසිවෙකුට කතා කරන්නට නොහැකි ය.”
18
එවිට අබිගායිල් කඩිනමින්, රොටි දෙසියයක් ද මිදියුස බඳුන් දෙකක් ද කෑමට පිළියෙළ කළ බැටළුවන් පස්දෙනෙකු ද විලඳ නැළි පහක් ද වියළි මුද්‍රික පල පොකුරු සියයක් ද අත්තික්කා කැටි දෙසියයක් ද රැගෙන, ඒවා කොටළුවන් පිට පැටෙවුවා ය.
19
එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.
20
ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය.
21
දාවිත් මෙසේ ඉටාගෙන සිටියේ ය: “සැබැවින් පාළුකරයේ දී මේ මිනිසාට අයිති සියල්ල මම ආරක්ෂා කෙළෙමි. කිසිවක් නැති නොවන ලෙස මොහු සන්තක සියල්ල මා ආරක්ෂා කිරීම නිෂ්ඵල ය. එසේ වුව ද මා මොහුට කළ යහපතට ඔහු මට අයහපතක් කර ඇත.
22
මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”
23
අබිගායිල් දාවිත් දුටු විට ඉක්මනින් කොටළුවා පිටින් බැස දාවිත් ඉදිරියෙහි මුණින්තළා වැඳ වැටුණා ය.
24
ඈ ඔහුගේ පාමුල වැටී මෙසේ කීවා ය: “මාගේ ස්වාමීනි, ඒ අපරාධය මා පිට, මා පිට ම වේ වා; ඔබට කතා කරන්නට ඔබේ මෙහෙකාරියට අවසර ලැබේ වා. ඔබේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනව.
25
මාගේ ස්වාමීනි, නාබල් නම් ඒ දුර්ජන මිනිසා ගැන නොසැලකුව මැනව. ඔහුගේ නාමය යම් සේ ද, ඔහුගේ ගතියත් එසේ ම ය; ඔහුගේ නම නාබල් ය. එහි තේරුම අනුව ඔහු තිරිසනෙකි; මාගේ ස්වාමීන් වන ඔබ විසින් එවන ලද තරුණයන් ඔබේ මෙහෙකාරී වන මම නුදුටිමි.
26
දැන් මාගේ ස්වාමීනි, ලේ වැගිරීමේ අපරාධයෙන් ද ඔබේ ම අතින් පළිගැනීමෙන් ද සමිඳාණන් වහන්සේ ඔබ වැළැක්වූ සේකැ යි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි. එබැවින් ඔබේ සතුරෝ ද මාගේ ස්වාමියා වන ඔබට අන්තරා කරන්නට සොයන්නා ද නාබල් මෙන් තිරිසන්නු වෙත් වා.
27
ඉතින් ඔබේ මෙහෙකාරී වන මා විසින් මාගේ ස්වාමියා වන ඔබට ගෙනෙන ලද මේ තෑග්ග මාගේ ස්වාමියා වන ඔබ පස්සේ යන තරුණයන්ට දුන මැනව.
28
ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය.
29
ඔබ ලුහුබැඳ අවුත් ඔබේ ප්‍රාණය හානි කරන්නට යම් මිනිසෙකු තැත් කළොත්, කෙනෙකු ඔහුගේ වටිනා වස්තුව ආරක්ෂා කරන සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. උන් වහන්සේ ඔබේ සතුරන්, ගල් පටියකින් විදින ගල් සේ වීසි කරදමන සේක් වා!
30
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබ ගැන වදාළ සියලු යහපත්කම් ඉෂ්ට කර, ඔබ ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා වශයෙන් පත් කළ කල්හි
31
මාගේ ස්වාමියා වන ඔබ නිකරුණේ ලේ වැගිරෙව්වෙහි ය කියා වත්, තමා අතින් පළිගත්තේ ය කියා වත් ඒ ගැන ඔබට සිත් වේදනාවක් වත්, ශෝකයක් වත් නොවනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ආශීර්වාද කළ කල්හි ඔබේ මෙහෙකාරී වන මා සිහි කළ මැනව.”
32
දාවිත් අබිගායිල්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “මා සම්බ වන පිණිස අද දවසේ ඔබ එවා වදාළ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!
33
ඔබේ දැනුමැතිකමට ද ස්තුති වේ වා! ලේ වගුරුවා මාගේ අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළකු ඔබට ආශීර්වාද වේ වා!
34
ඔබට හිංසා කිරීමෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා වැළකු සේක. ඔබ කඩිනමින් මා සම්බ වන්නට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක් වත් හෙට එළි වන විට ඉතුරු නොවන්නේ යයි උන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”
35
මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, “ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.
36
අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත.
37
පසු දා නාබල්ගේ වෙරි සිඳුණ කල ඈ ඔහුට සියලු දේ සැළ කළා ය. එවිට ඔහු හදිස්සි ආබාධයකින් දරදඬු විය.
38
ඊට දස දවසකට පමණ පසු සමිඳාණන් වහන්සේ නාබල්ට පහර දුන් සේක; ඔහු මළේ ය.
39
නාබල් මළ බව දාවිත් අසා, “නාබල් අතින් මට වූ නින්දාව ගැන යුක්තිය ඉටු කළ, තමන් වහන්සේගේ මෙහෙකරුවා නපුරෙන් වැළකූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ ම හිස පිටට හැරෙවූ සේකැ”යි කී ය. දාවිත් අබිගායිල් සරණපාවා ගන්න අදහසින් ඒ ගැන ඈ සමඟ කතා කරගන්නට පණිවුඩකාරයන් යැව්වේ ය.
40
දාවිත්ගේ සේවකයෝ කර්මෙල් කන්දෙහි අබිගායිල් වෙත පැමිණ ඈට කතා කරමින්, “දාවිත් ඔබ සරණපාවා ගැනීමේ අදහසින් ඔබ කැඳවාගෙන එන පිණිස ඔබ වෙත අප එව්වේ ය”යි කී හ.
41
අබිගායිල් නැඟිට මුණින්තළා වී, “එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය.
42
එවිට අබිගායිල් කඩිනමින් කොටළුවෙකු පිට නැඟී පිටත්වුණා ය. ඇගේ තරුණියෝ පස්දෙනෙක් ද ඈ සමඟ ගියහ. එසේ ඈ දාවිත්ගේ පණිවුඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවා ය.
43
දාවිත් ජෙශ්‍රෙයෙල්හි අහිනොවම් ද සරණපාවාගෙන සිටියේ ය. ඈ ද අබිගායිල් ද යන දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූ හ.
44
සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31