bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 20
1 Samuel 20
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 21 →
1
දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.
2
ජොනතන් පිළිතුරු දෙමින්, “එවැන්නක් සිද්ධ නොවේ වා! ඔබ නොනසින්නෙහි ය. මාගේ පියා මට නොදන්වා ලොකු හෝ කුඩා හෝ කිසි දෙයක් නොකරන්නේ ය. එබැවින් මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්න වුවමනාවක් තිබේ ද? ‘මාගේ පියා ඔබ මරන්නට ඉන්නේ ය’ යන කීමේ සත්‍යයක් නැතැ”යි කීවේ ය.
3
දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.
4
ජොනතන් ද, “ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.
5
දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: “හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න.
6
ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න.
7
ඉතින් ඔහු, ‘හොඳයි’ කීවොත්, ඔබේ මෙහෙකරු වන මට අනතුරක් නොවන බව එයින් පෙනෙනු ඇත. එහෙත්, ඔහු කිපුණොත්, ඔහු මට නපුරක් කරන්නට අදහස් කරගෙන සිටින බව එයින් පෙනෙනු ඇත.
8
ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”
9
ජොනතන් ඊට පිළිතුරු දෙමින්, “ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.
10
එවිට, දාවිත්, “ඔබේ පියාණන් ඔබට උදහසින් උත්තර දුන්නොත් ඒ බව මට දන්වන්නේ කවරෙක් දැ”යි ජොනතන්ගෙන් ඇසී ය.
11
ජොනතන් ද, “එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ.
12
ජොනතන් දාවිත් අමතා මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ වන සේක් වා! හෙට හෝ අනිද්දා හෝ මේ වේලාවට පමණ මාගේ පියාගේ අදහස මා සොයා දැනගත් පසු, දාවිත්ට හොඳක් වන්නට තිබේ නම්, ඒ බව දන්වන පිණිස මම ඔබ වෙත පණිවුඩයක් එවන්නෙමි.
13
මාගේ පියා ඔබට නපුරක් කරන්නට අදහස් කර ඇත්නම්, ඔබ සාමදානයෙන් යන පිණිස මා ඒ බව ඔබට දන්වා ඔබ පිටත් කර නොහැරියොත්, සමිඳාණන් වහන්සේ ඉතා දරුණු ලෙස මට දඬුවම් කරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ පියා සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟත් වැඩ සිටින සේක.
14
මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න.
15
මා මැරුණොත්, මාගේ පවුලේ ඥාතීන් කෙරෙහි ඔබේ කරුණාව කවදාවත් පහ නොකරන්න. එසේ ය, සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා මිහි පිටින් සිඳ දැමූ පසුත්,
16
ඔබත් මාත් අතර කළ ගිවිසුම නොකැඩී පවතී වා. එය කඩ කරනු ලැබුවොත්, සමිඳාණන් වහන්සේ ඔබට දඬුවම් කරන සේක.”
17
මෙසේ කී පසු දාවිත් තමාට ප්‍රේම කරන බවට ජොනතන් යළිත් ඔහුගෙන් දිවුරුම් ගත්තේ ය. එසේ කෙළේ, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ නිසා ය.
18
ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.
19
අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.
20
එවිට මම ඉලක්කයකට විදින්නාක් මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විදින්නෙමි.
21
ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි.
22
එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.
23
ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”
24
ඔවුන් කතා කරගත් ලෙස දාවිත් කෙතෙහි සැඟවුණේ ය. අමාවක දවස පැමිණි විට රජතුමා කෑම කන්නට හිඳගත්තේ ය.
25
වෙන දා මෙන් ඔහු බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තේ ය. ජොනතන් රජු ඉදිරියෙන් ද අබ්නේර් රජුගේ පැත්තකින් ද හිඳගත්හ. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි.
26
එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.
27
අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.
28
ජොනතන් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “දාවිත් බෙත්ලෙහෙමට යන පිණිස බැගෑපත් ව මාගෙන් අවසර ඉල්ලමින්,
29
‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.”
30
එවිට සාවුල්ගේ කෝපය ජොනතන්ට විරුද්ධ ව ඇවිළ, “හිතුවක්කාර, අනාචාර ස්ත්‍රියකගේ පුත්‍රය, ඔබ ඔබට ලජ්ජාවත්, ඔබේ මෑණියන්ට ලජ්ජාව හා අගෞරවයත් පැමිණෙන ලෙස ජෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම් ව සිටින බව මා දන්නේ නැද් ද?
31
ජෙස්සේගේ පුත්‍රයා මිහි පිට ජීවත් ව සිටින තුරු ඔබ වත්, ඔබේ රජකම වත් ආරක්ෂා සහිත නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා වෙත ගෙන්වන්න; සැබැවින් ඔහු මරනු ලබන්නේ ය”යි කීවේ ය.
32
ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, “ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.
33
එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය.
34
ජොනතන් කෝපයෙන් දිළිහෙමින් මේසයෙන් නැඟිට ගොස් අමාවක දෙ වන දින වන එදා කෑම නොකා සිටියේ ය. තමාගේ පියා දාවිත්ට අගෞරව කළ බැවින් ඔහු දාවිත් ගැන ශෝක වුණේ ය.
35
පසු දින උදෑසන ජොනතන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේ දී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේ ය.
36
ඔහු ළමයාට කතා කොට, “ඔබ දුව ගොස් මා විදින ඊගස් සොයාගෙන එන්නැ”යි කියා ළමයා දුවද්දී ඔහුට එහායින් ඊගසක් විද්දේ ය.
37
ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, “ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය.
38
යළිත් ජොනතන් ළමයාට මොරගසා, “කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය.
39
ඒ සිද්ධියේ තේරුම කුමක් දැ යි ළමයා දැන නොගත්තේ ය. ජොනතන් හා දාවිත් පමණක් එය දැනගෙන සිටියහ.
40
ජොනතන් තමාගේ ආයුධ ළමයාට දී, “ඒවා නුවරට ගෙන යන්නැ”යි ඔහුට කීවේ ය.
41
ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.
42
ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31