bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 21
1 Samuel 21
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 22 →
1
දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.
2
දාවිත් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි.
3
දැන් ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද? මට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුන මැනවැ”යි අහිමෙලෙක් නම් පූජකයාට කීවේ ය.
4
පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.
5
දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය.
6
එවිට සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් අහකට ගන්න ලද පිදුම් රොටි මිස වෙන රොටි එහි නොතිබුණ බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේ ය. ඒවා අහකට ගන්න ලද්දේ, එම දවසේ දී ම ඒවා වෙනුවට උණු රොටි තබන පිණිස ය.
7
තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.
8
දාවිත් අහිමෙලෙක්ට කතා කොට, “මට දෙන්නට ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තිබේ ද? රජ්ජුරුවන්ගේ අණ පරිදි නොපමා ව පිටත්වන්නට සිදු වුණ බැවින් කඩුවක් වත්, ආයුධයක් වත් මම නොගෙනාවෙමි”යි කීවේ ය.
9
පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.
10
දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය.
11
ආකීෂ්ගේ සේවකයෝ රජු අමතා, “මොහු සිය දේශයෙහි රජ වූ දාවිත් නොවේ ද? ‘මැරී සාවුල්, දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක් යැ’යි කියමින් ස්ත්‍රීන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කීවෝ ය.
12
දාවිත් ඒ වචන සිතට ගෙන ගාත්හි රජ වූ ආකීෂ්ට බොහෝ සේ බිය විය.
13
ඒ නිසා ඔහු ඔවුන් ඉදිරියෙහි ඔල්මාද වූවෙකු මෙන් හැසිරිණි; ඔවුන් ඔහු දමනය කරන්නට උත්සාහ කරන විට ඔහු පිස්සෙකු මෙන් ක්‍රියා කෙළේ ය; වාසල් දොර පහුරු ගෑවේ ය; තමාගේ කෙළ රැවුල දිගේ වැගිරෙන්න හැරියේ ය.
14
එවිට ආකීෂ් තමාගේ සේවකයන්ට කතා කොට, “මේ මිනිසා පිස්සෙකු බව ඔබට පෙනෙන්නේ නැද් ද? ඔබ ඔහු මා ළඟට ගෙනාවේ කුමට ද?
15
මා ඉදිරියෙහි පිස්සු විකාර කරන්නට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසා ද? මොහු මාගේ ගෙට එන්නට යුතු දැ”යි කීවේ ය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31