bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 19
1 Samuel 19
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 20 →
1
දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය.
2
ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න.
3
ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
4
ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය.
5
ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”
6
සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය.
7
ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.
8
නැවතත් යුද්ධයක් ඇති විය. දාවිත් පිටත් ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන් අතරේ මහා විනාශයක් කෙළේ ය. ඔව්හු ද ඔහු ඉදිරියෙන් පලා ගියහ.
9
දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය.
10
දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, දාවිත් සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේ ය; හෙල්ලය බිත්තියට වැදුණේ ය. දාවිත් පලා ගොස් පණ බේරාගත්තේ ය.
11
එදා රෑ සාවුල්, දාවිත්ගේ නිවෙස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය.
12
මීකල් ද දාවිත් කවුළුවෙන් පහළට බැස්සුවා ය. එවිට ඔහු ද පලා ගොස් ගැළවුණේ ය.
13
මීකල් තෙරපීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ හිසට එළු ලොම් කොට්ටයක් තබා, එය රෙදිවලින් වැසුවා ය.
14
දාවිත් අල්ලාගෙන යන්නට සාවුල් එවූ සේවකයන් පැමිණි කල, “ඔහු ලෙඩින් ය”යි ඈ කීවා ය.
15
ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, “ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය.
16
ඒ සේවකයෝ ගේ ඇතුළට ගිය කල, හිසට තබා තිබුණ එළු ලොම් කොට්ටය සමඟ තෙරපීම් රූපය ඇඳේ තිබෙන බව දුටුහ.
17
සාවුල් මීකල්ට කතා කොට, “ඔබ මෙසේ මා රවටා, මාගේ සතුරාට ගැළවී යන්නට ඉඩ හැරියේ මන්දැ”යි ඇසී ය. මීකල් උත්තර දෙමින්, “ ‘ඔබ මට බේරී යන්නට උදව් නොකළොත් මම ඔබ මරන්නෙමි’යි ඔහු මට කී නිසා ය”යි කීවා ය.
18
දාවිත් ගැළවී පලා ගොස් රාමාහි සිටි සාමුවෙල් වෙත පැමිණ, සාවුල් තමාට කළ සියල්ල දැන්නුවේ ය. එවිට දාවිත් සහ සාමුවෙල් නායොත්ට ගොස් එහි විසූ හ.
19
“දාවිත් රාමායේ නායොත්හි සිටින්නේ ය”යි සාවුල්ට දන්වන ලද්දේ ය.
20
දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය.
21
ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.
22
එවිට සාවුල් ද රාමාට ගොස් සේකුහි තිබෙන මහ ළිඳ ළඟට පැමිණ, “සාමුවෙල් සහ දාවිත් මෙතැන සිටිත් දැ”යි ඇසී ය. “අන්න, ඔව්හු රාමායේ නායොත්හි සිටිති”යි කෙනෙක් ඔහුට කීවේ ය.
23
සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය.
24
ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31