bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 26
1 Samuel 26
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 27 →
1
ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, “දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ.
2
එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය.
3
සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි,
4
ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය.
5
එවිට දාවිත් පිටත් වී සාවුල් කූඩාරම් ගසාගෙන සිටි ස්ථානයට අවුත්, සාවුල් ද ඔහුගේ සෙන්පතියා වූ නේර්ගේ පුත් අබ්නේර් ද නිදා උන් ස්ථානය දුටුවේ ය. සාවුල් කඳවුර ඇතුළේ වැදහොත්තේ ය; සෙනඟ ඔහු වට කර කූඩාරම් ගසාගෙන සිටියහ.
6
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.
7
මෙසේ දාවිත් ද අබිෂයි ද රාත්‍රියෙහි සාවුල්ගේ කඳවුරට පිවිස, සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝ ය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදා උන්හ.
8
එවිට අබිෂයි දාවිත්ට කතා කොට, “දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමට ම ඇණ දමන්නට මට අවසර දුන මැනව; ඔහුට පහර දෙකක් ගසන්නට වුවමනා නැතැ”යි දාවිත්ට කීවේ ය.
9
දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.
10
තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;
11
මාගේ අත සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව එසවීමෙන් උන් වහන්සේ මා වළක්වන සේක් වා! ඔහුගේ හිස ළඟ තිබෙන හෙල්ලයත්, වතුර භාජනයත් අරගෙන අපි යමු.”
12
මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණ හෙල්ලයත්, වතුර භාජනයත් ගෙන පිට වී ගියේ ය. එය කිසිවෙකු දුටුවේ වත්, දැනගත්තේ වත් නැත. කිසිවෙකු පිබිදුණේත් නැත; සමිඳාණන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත්කර තිබුණ බැවින් ඔව්හු සියල්ලෝ ම නිදාගෙන සිටියහ.
13
එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේ ය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය.
14
ඉන්පසු දාවිත් සාවුල්ගේ සෙනඟටත්, නේර්ගේ පුත් අබ්නේර්ටත් මොරගසා, “අබ්නේර්, මට පිළිතුරු දෙන්නැ”යි කී ය. අබ්නේර් ද පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ට අඬගසන ඔබ කවරෙක් දැ”යි ඇසුවේ ය.
15
දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; “ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය.
16
ඔබේ යුතුකම ඔබ නොකෙළෙහි ය. ඔබ හැම දෙන සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන ඔබ හැමගේ ස්වාමියා රැක බලා නොගත් නිසා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි, ඔබ හැම මරණයට සුදුස්සෝ ය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත්, වතුර භාජනයත් දැන් කොහේ ද කියා බලන්න.”
17
දාවිත්, මෙසේ කී පසු සාවුල් දාවිත්ගේ කට හඬ හැඳිනගෙන, “මාගේ පුත, ඔය ඔබේ කට හඬ දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඒ මාගේ කට හඬ ය.
18
මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා ලුහුබැඳ එන්නේ මක්නිසා ද? මා කෙළේ කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?
19
මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.
20
සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් දුරු ව විදේශිකයෙකු මෙන් මාගේ ලේ බිම හැළෙන්නට ඉඩ නුදුන මැනව. කඳුවල වටුවෙකු පස්සේ එළවා යන්නෙකු මෙන් මා වැනි බලුමැක්කෙකු මැරීමට ඉශ්රායෙල්හි රජතුමා පිටත් ව එන්නේ කුමට ද?”
21
එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.
22
දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න. තරුණයන්-ගෙන් එක් කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියා වේ.
23
සමිඳාණන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත්, මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව අත ඔසවන්නට කැමැති නොවීමි.
24
ඉතින් අද දවසේ ඔබේ ප්‍රාණය මා ගරු කොට සැලකුවාක් මෙන් මාගේ ප්‍රාණය ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි දී ගරු කොට සලකනු ලැබේවා. උන් වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවන සේක් වා!”
25
එවිට සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ ඉමහත් දේ කරන්නෙහි ය; ඒකාන්තයෙන් ම ජය ගන්නෙහි ය”යි දාවිත්ට කී ය. ඉන්පසු දාවිත් යන්නට ගියේ ය; සාවුල් ද සිය නිවෙසට හැරී ගියේ ය.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31