bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 15
1 Samuel 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 16 →
1
සාමුවෙල් සාවුල්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබ රජ කොට අභිෂේක කරන පිණිස මා එවූ සේක. එබැවින් දැන් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.
2
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.
3
දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ “
4
සාවුල් සෙනඟ එකතු කරගෙන තෙලායිම්හි දී ඔවුන් ගණන් කෙළේ ය. පාබළ සෙනඟ දෙලක්ෂයක් ද ජුදාවෙන් හේවායෝ දස දහසක් ද සිටියෝ ය.
5
සාවුල් අමලෙක්වරුන්ගේ නුවරට පැමිණ මිටියාවතේ සැඟවී රැක සිටියේ ය.
6
තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.
7
සාවුල් ද හවිලා පටන් මිසරයට පෙරදිගින් පිහිටා තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය.
8
ඔහු අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් පණපිටින් අල්ලාගෙන, සියලු සෙනඟ කඩුවෙන් ගසා දමා සහමුලින් ම විනාශ කර දැමුවේ ය.
9
එහෙත්, සාවුල් සහ සෙනඟ ආගග් ද බැටළුවන් හා ගවයන්ගෙනුත්, තර සතුන්ගෙනුත් ඉතා හොඳ සතුන් ද බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් දේ සියල්ල ද විනාශ නොකර ඉතිරි කරගත්තෝ ය. ප්‍රයෝජනයක් නැති, නොවටින සියල්ල ම ඔව්හු විනාශ කර දැම්මෝ ය.
10
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට,
11
“මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
12
සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. “සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය.
13
සාමුවෙල් සාවුල් වෙත පැමිණෙන කල සාවුල් ඔහු අමතා, “සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා; මම සමිඳාණන් වහන්සේ වදාළ දේ ඉෂ්ට කෙළෙමි”යි කී ය.
14
සාමුවෙල් පිළිතුරු දෙමින්, “එසේ නම්, මට ඇසෙන මේ බැටළු හඬත්, මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක් දැ”යි ඇසුවේ ය.
15
සාවුල් පිළිතුරු දෙමින්, “මාගේ සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝ ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන් ද ගොනුන්ගෙන් ද ඉතා හොඳ සතුන් ඉතිරි කරගත්තෝ ය. සෙසු සතුන් අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු”යි කීවේ ය.
16
එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය.
17
එවිට සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ සුළු කෙනෙකැ යි ඔබ ම සිතූ නමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍ර කෙරෙහි නායකයා කරනු ලැබුවා නොවේ ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ අභිෂේක කළ සේක.
18
සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවමින්, ‘පව්කාරයන් වන අමලෙක්වරුන් විනාශ කරදමා ඔවුන් නැති වී යන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නැ’යි ඔබට වදාළ සේක.
19
එහෙත්, සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවී කොල්ලය පිට කඩා පැන, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි වැරදි සහිත දේ කෙළේ මක්නිසා දැ”යි ඇසී ය.
20
සාවුල් පිළිතුරු දෙමින්, “නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි.
21
එහෙත්, සෙනඟ විනාශ කළ යුතුව තිබූ දේවලින් ඉස්තරම් කොටස වන බැටළුවන් ද ගවයන් ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හි දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෝ ය”යි සාමුවෙල්ට කීවේ ය.
22
සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.
23
මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.
24
සාවුල් සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි. මන්ද, මම සෙනඟට බිය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් සමිඳාණන් වහන්සේගේ ආඥාව ද ඔබේ වචන ද කඩ කෙළෙමි.
25
එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය.
26
සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.
27
සාමුවෙල් යන්නට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේ ය. එවිට ඒ සළුව ඉරුණේ ය.
28
සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.
29
ඉශ්රායෙල්හි පරාක්‍රමයාණෝ බොරු නොකියන සේක. අධිෂ්ඨාන කරගත් දේ වෙනස් නොකරන සේක. උන් වහන්සේ මනුෂ්‍යයෙකු නොවන බැවින් සිතූ දේ වෙනස් නොකරන සේකැ”යි කීවේ ය.
30
එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය.
31
එවිට සාමුවෙල් සාවුල් සමඟ ගියේ ය. සාවුල් ද සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.
32
එවිට සාමුවෙල් කතා කොට, “අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. ආගග් ද, ‘මරණයට පත් වීම කෙතරම් භයානක දෙයක් ද’ කියා සිතමින් භයෙන් වෙවුල වෙවුලා සාමුවෙල් වෙත ආවේ ය.
33
සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.
34
ඉක්බිති සාමුවෙල් රාමා නගරයට ගියේ ය; සාවුල් ද ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේ ය.
35
ඉන්පසු සාමුවෙල් ජීවිතාන්තය දක්වා තවත් සාවුල් දුටුවේ නැත. එහෙත්, සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. සමිඳාණන් වහන්සේ සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31