bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 14
1 Samuel 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 15 →
1
එක් දවසක් සාවුල්ගේ පුත් ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට යමු”යි කීවේ ය. ජොනතන් ඒ බව තම පියාට දැන්නුවේ නැත.
2
සාවුල් ගිබියාවට යාබද ව පිහිටි මිග්‍රෝන්හි තිබුණ දෙළුම් ගස යට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු සමඟ හයසියයක් පමණ සෙනඟ සිටියෝ ය.
3
ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.
4
පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට ජොනතන් යන්නට උත්සාහ කළ කඳුපාරවල් අතරේ, එක පැත්තක ගිරිකුළක් ද අනික් පැත්තේ තවත් ගිරිකුළක් ද විය. එකක නම බෝශෙශ් ය, අනිකේ නම සෙනේ ය.
5
එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය.
6
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
7
ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.
8
එවිට ජොනතන් කතා කරමින්, “අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු.
9
ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු.
10
ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”
11
ඔව්හු දෙදෙන ගොස් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන්නට සිටියෝ ය. පිලිස්තිවරු කතා කරමින්, “අන්න, හෙබ්‍රෙව්වරු සැඟවී සිටින ගුහාවලින් පිටතට එමින් සිටිති”යි කීවෝ ය.
12
මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.
13
ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය.
14
ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද මෙසේ ප්‍රථම වරට මැරුවේ, අක්කර භාගයක පමණ බිම් පෙදෙසක සිටි මිනිසුන් විසිදෙනෙකු පමණ ය.
15
කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්රාසයක් ඇති විය.
16
බෙන්ජමින්ගේ දේශයෙහි ගිබියාහි සිටි සාවුල්ගේ රැකවල්ලු පිලිස්තිවරුන් වියවුල් වී ඔබමොබ විසිර යනු දුටුවෝ ය.
17
එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, “අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය.
18
එවිට සාවුල් අහියා නම් පූජකයාට කතා කොට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී ඒපොද් සැට්ටය ඉශ්රායෙල් ජනයාට ඉදිරියෙන් උසුලාගෙන ගියේ ඔහු ය.
19
සාවුල් පූජකයාට කතා කරන ඒ අවස්ථාවේ දී පිලිස්තිවරුන්ගේ කඳවුරේ ඇති වූ අවුල් වියවුල් එන්න එන්න වැඩි විය. “ඔබේ අත අහකට ගන්නැ”යි සාවුල් පූජකයාට කී ය.
20
එවිට සාවුල් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද යුද්ධය සඳහා පැමිණියෝ ය. පිලිස්තිවරුන් අතරේ මහත් වියවුලක් තිබුණ බව ඔව්හු දුටුවෝ ය. එක එක මිනිසා තම තමාගේ කඩුවෙන් තම තමා ළඟ සිටි තැනැත්තාට පහර දුන්නේ ය.
21
ඊට පෙර පිලිස්තිවරුන් සමඟ සිටියාවූ ද ඔවුන් සමඟ කඳවුරට ගියාවූ ද හෙබ්‍රෙව්වරු, සාවුල් හා ජොනතන් සමඟ සිටි ඉශ්රායෙල්වරුන් වෙත හැරී ආවෝ ය.
22
එසේ ම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් පලා යන බව අසා, ඔවුන්ට පහර දෙමින් වේගයෙන් ඔවුන් ලුහුබැඳ ගියෝ ය.
23
මෙසේ සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඉශ්රායෙල්වරුන් ගැළෙවු සේක. යුද්ධය ද බෙත්-ආවන් ඉක්මවා පැතුරුණේ ය.
24
ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත.
25
ඔවුන් සියලු දෙනා වනයට පැමිණි විට එහි හැම තැන ම බිම මී පැණි සම්බ විය.
26
මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත.
27
එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.
28
එවිට සෙනඟගෙන් එක් කෙනෙක් කතා කොට, “ඔබේ පියා අද කෑම කන මනුෂ්‍යයාට සාප වේවා යි කියා කෑම නොකන හැටියට සෙනඟගෙන් දිවුරුමක් ගත්තේ ය. ඒ නිසා සෙනඟ විඩාවට පත් වී සිටිති”යි කීවේ ය.
29
එවිට ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න.
30
ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය.
31
ඒ දවසේ දී ඉශ්රායෙල්වරු මික්මාෂ් පටන් අයාලෝන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන්නෝ ය. සෙනඟ බොහෝ සේ විඩාවට පත් වී සිටියෝ ය.
32
සෙනඟ කොල්ලය පිට කඩා පැන, බැටළුවන් ද හරකුන් ද වස්සන් ද අරගෙන බිම දමා මරා, ලේ පිටින් ම කෑවෝ ය.
33
එවිට, “සෙනඟ ලේ පිටින් ම කෑම කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරති”යි සාවුල්ට දන්වන ලද්දේ ය. ඔහු ද පිළිතුරු දෙමින් “ඔබ ද්‍රෝහි ලෙස ක්‍රියා කළහු ය. මා ළඟට මහ ගලක් පෙරළාගෙන එන්නැ”යි කීවේ ය.
34
සාවුල් තවදුරටත් කතා කරමින්, “ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය.
35
සාවුල් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. එය ඔහු විසින් ගොඩනැඟුණු පළමු වන පූජාසනය ය.
36
සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.
37
සාවුල් ද, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්නට ඕනෑ ද? ඔබ වහන්සේ ඔවුන් ඉශ්රායෙල් අතට පාවා දෙන සේක් දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. එහෙත්, උන් වහන්සේ එදා ඔහුට උත්තර නොදුන් සේක.
38
එවිට සාවුල් කතා කොට, “සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි රැස් ව අද මේ පාප සිදු වුණේ කුමන හේතුවක් නිසා දැ යි සෝදිසි කර බලන්න.
39
වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.
40
එවිට ඔහු, “ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. “ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය.
41
සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.
42
එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි.
43
“ඔබ කෙළේ කුමක් ද කියා මට කියන්නැ”යි සාවුල් ජොනතන්ට කීවේ ය. ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ අතේ තිබුණ සැරයටියේ අගින් මී පැණි ටිකක් ගෙන මා කෑ බව සැබෑ ය. ඒ නිසා මෙන්න, මම මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය.
44
සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය.
45
එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.
46
එවිට සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ නොගොස් හැරී ආවේ ය. පිලිස්තිවරු ඔවුන්ගේ ප්‍රදේශයට යන්නට ගියෝ ය.
47
සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.
48
ඔහු වික්‍රමාන්විත ක්‍රියා කරමින් අමලෙක්වරුන්ට පහර දී ඉශ්රායෙල්වරුන්ව කොල්ලකන අයගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේ ය.
49
සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය.
50
සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.
51
සාවුල්ගේ පිය වූ කිෂ් සහ අබ්නේර්ගේ පිය වූ නේර් අබියෙල්ගේ පුත්‍රයෝ ය.
52
සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31