bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Samuel 23
1 Samuel 23
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 24 →
1
“පිලිස්තිවරු කෙයිලා නගරයට විරුද්ධ ව යුද්ධ කරමින් කමත්වලින් ධාන්‍ය කොල්ලකන්නෝ ය”යි දාවිත්ට දන්වන ලදී.
2
එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.
3
එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ.
4
එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.
5
එවිට දාවිත් ද ඔහුගේ සෙනඟ ද කෙයිලා නගරයට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධ කොට, ඔවුන්ගේ සිවුපාවුන් පැහැරගෙන, ඔවුන් අන්ත පරාජයට පමුණුවා කෙයිලාහි වැසියන් ගළවාගත්තේ ය.
6
අහිමෙලෙක්ගේ පුත් අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒපොද් සැට්ටයක් ඇති ව ආයේ ය.
7
දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.
8
දාවිත් සහ ඔහුගේ සෙනඟ වටලනු පිණිස සාවුල් කෙයිලා නගරයට යන්නට සියලු සෙනඟ යුද්ධය සඳහා කැඳෙව්වේ ය.
9
තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.
10
එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ.
11
කෙයිලාහි ජනයා සාවුල් අතට මා පාවා දෙනවා ඇද් ද? ඔබේ මෙහෙකරු වන මට සැළ වී තිබෙන ලෙස සාවුල් එනවා ඇද් ද? ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුට දැන්වුව මැනව.” සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාවුල් එන්නේ ය”යි වදාළ සේක.
12
එවිට දාවිත්, “කෙයිලාහි ජනයා මා සහ මාගේ සෙනඟ සාවුල් අතට පාවා දෙනවා ඇද් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ ය, ඔවුන් පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.
13
එවිට දාවිත් හයසියයක් පමණ ඔහුගේ සෙනඟ ද රැගෙන කෙයිලා නගරයෙන් පිටත් වී තමන්ට යා හැකි ඒ ඒ තැන්වලට ගියහ. දාවිත් කෙයිලා නගරයෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එවිට ඔහු තමාගේ ගමන නතර කෙළේ ය.
14
ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.
15
සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය.
16
එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.
17
ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය.
18
ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.
19
එවිට ශිප් වැසියෝ ගිබියාවෙහි සිටි සාවුල් ළඟට අවුත්, “දාවිත් අපේ ප්‍රදේශයේ පාළුකරයට දකුණෙන් තිබෙන හකීලා නම් කැළෑවේ සැඟවී සිටී;
20
ඒ නිසා රජතුමෙනි, එනු මැනව; ඔබේ සිතෙහි ඇති මුළු කැමැත්ත ලෙස අව මැනව; රජ්ජුරුවන් අතට දාවිත් අල්ලා දීම අපේ වැඩක් ය”යි කීවෝ ය.
21
සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!
22
ඉතින් ඔබ ගොස් තවදුරටත් සෝදිසි කර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත්, එහි ඔහු සිටිනු දුටුවේ කවරෙක් ද කියාත් බලා දැනගන්න. මන්ද, ඔහු උපා යෙදීමට අති දක්ෂ බව මට දැනගන්නට ලැබී තිබේ.
23
ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”
24
ශිප් වැසියෝ පිටත් ව සාවුල්ට පළමුවෙන් සිය නගරයට ගියහ. එහෙත්, දාවිත් සහ ඔහුගේ සෙනඟ පාළුකරයට දකුණු දිගින් අරබා සම භූමියෙහි තිබෙන මායොන් පාළුකරයෙහි සිටියහ.
25
සාවුල් ද ඔහුගේ සෙනඟ ද ඔහු සොයන පිණිස ගියහ. ඒ බව දාවිත්ට දන්වනු ලැබූ බැවින් ඔහු පර්වතයට බැස අවුත් මායොන් පාළුකරයෙහි සිටියේ ය. සාවුල් ඒ බව අසා දාවිත් ලුහුබැඳ මායොන් පාළුකරයට ගියේ ය.
26
සාවුල් සහ ඔහුගේ සෙනඟ කන්දේ එක පැත්තකින් ද දාවිත් සහ ඔහුගේ සෙනඟ කන්දේ අනික් පැත්තෙන් ද ගියහ. සාවුල් සහ ඔහුගේ සෙනඟ, දාවිත් සහ ඔහුගේ සෙනඟ අල්ලාගන්න පිණිස වට කළ නිසා, දාවිත් සාවුල්ට බියෙන් ගැළවී යන්නට ඉක්මන් කෙළේ ය.
27
ඒ අතරතුරේ දී සාවුල් වෙත පණිවුඩකාරයෙක් පැමිණ, “ඉක්මනින් ආපසු අව මැනව; පිලිස්තිවරු අප රට ආක්‍රමණය කරති”යි කීවේ ය.
28
එබැවින් සාවුල් දාවිත් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා පැමිණ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටනට ගියේ ය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට වෙන් කිරීමේ පර්වතය යන අරුත ඇති සෙල-හම්මා-ලෙකොත් යන නම තැබූහ.
29
දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31