bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 10
2 Kings 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 11 →
1
ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියහ. ජේහු ලියුම් ලියා සමාරියේ සිටි ජෙශ්‍රෙයෙල්හි අධිපතීන් වන ප්‍රජා මූලිකයන්ට ද ආහබ්ගේ දරුවන් ඇතිදැඩි කළ භාරකාරයන්ට ද යැවී ය.
2
එහි ලියා තිබුණේ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම
3
ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි.
4
එහෙත්, ඔව්හු අතිශයින් බිය ව කතා කොට, “බලන්න, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්නට නුපුළුවන් විය. එසේ නම්, අපි කෙසේ සිටිමු දැ”යි ඇසුවෝ ය.
5
එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු; කිසිවෙකු රජ කර නොගන්නෙමු. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.
6
එවිට ඔහු දෙ වන වර ඔවුන්ට ලියුමක් ලියා, “ඔබ මාගේ පක්ෂයට සිට, මාගේ හඬට ඇහුම්කන් දෙන්නහු නම්, ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා වෙත ජෙශ්‍රෙයෙල් නගරයට එන්නැ”යි කියා හැරියේ ය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩි කළ නුවර ප්‍රධානීන් වෙත සිටියෝ ය.
7
තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.
8
එවිට පණිවුඩකාරයෙක් අවුත්, “රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනවුත් තිබේ ය”යි ඔහුට දැන්වී ය. “හෙට වන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැ”යි ඔහු කී ය.
9
පසු දා උදෑසන ඔහු පිටතට ගොස් සිටගෙන, මුළු සෙනඟට කතා කොට, “ඔබ නිර්දෝෂ ය. මම මාගේ ස්වාමියාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි. එහෙත්, මොවුන් සියල්ලන් මැරුවේ කවරෙක් ද?
10
එබැවින් සමිඳාණන් වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධ ව වදාළ තමන්ගේ වචනයෙන් කිසිවක් නිෂ්ඵල නොවන බව දැනගන්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ එලියා ලවා කියෙවූ දේ ඉෂ්ට කළ සේකැ”යි කී ය.
11
මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.
12
ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී,
13
ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ.
14
ඔහු ද, “ඔවුන් පණපිටින් අල්ලාගන්නැ”යි කී ය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මිනිසුන් සතළිස්දෙදෙනෙකු වන ඔවුන් බෙත්-එකෙද් නම් ළිඳ ළඟ දී මැරූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඔහු ඉතිරි කෙළේ නැත.
15
ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමඟට ආ රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් සම්බ වී ඔහුට ආචාර කොට, “මාගේ සිත ඔබේ සිත කෙරේ අවංක ව තිබෙන්නාක් මෙන් ඔබේ සිතත් අවංක දැ”යි ඇසුවේ ය. ජෙහෝනාදාබ්, “එසේ ය”යි කී විට, “එසේ නම් මට ඔබේ අත දෙන්නැ”යි ඔහු කීවේ ය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේ ය.
16
එවිට ජේහු තමාගේ රථයට ඔහු නංවාගෙන, කතා කොට, “සමිඳාණන් වහන්සේ උදෙසා වන මාගේ උද්යෝගය බලන්නට මා සමඟ එන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝ ය.
17
ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.
18
තවද, ජේහු මුළු සෙනඟ රැස් කර, ඔවුන්ට කතා කොට, “ආහබ් බාල් දෙවියාට ස්වල්ප වශයෙන් සේවය කෙළේ ය. එහෙත්, ජේහු ඔහුට බොහෝ සෙයින් සේවය කරන්නේ ය.
19
එබැවින් බාල්ගේ සියලු දිවැසිවරුන් ද ඔහු අදහන සියල්ලන් ද සියලු පූජකයන් ද එක් කෙනෙකු වත් නෑර මා වෙත කැඳවාගෙන එන්න. මන්ද, බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නට මට වුවමනා වී තිබේ. නොඑන සියල්ලෝ ම මරණයට පත් වන්නෝයැ”යි කී ය. එහෙත්, ජේහු බාල් අදහන්නන් නැති කරන පිණිස ප්‍රයෝගයෙන් එසේ කෙළේ ය.
20
තවද, ජේහු, “බාල් උදෙසා පවත්වන නමස්කාරයට සියලු දෙන රැස්වීම පිණිස නියම කරන්නැ”යි කී ය. ඔව්හු එසේ ප්‍රසිද්ධ කළහ.
21
එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය.
22
ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කතා කොට, “බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැ”යි කීවේ ය. ඔහු ද වස්ත්‍ර ගෙනාවේ ය.
23
ජේහු ද රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් ද බාල්ගේ දේවාලයට ගොස්, “බාල් අදහන සියල්ලන් මිස, මෙහි ඔබ සමඟ සමිඳාණන් වහන්සේගේ සේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැ”යි බාල් අදහන්නන්ට කී ය.
24
ඔව්හු යාග ද දවන පූජා ද ඔප්පු කරන්නට ඇතුළට ගියහ. එවිට ජේහු මිනිසුන් අසූ දෙනෙකු පිටත සිටුවා, “මා විසින් ඔබ අතට අසු කර දෙනු ලබන මිනිසුන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්නට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්න වේ ය”යි කියා තිබිණි.
25
තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, “ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය.
26
තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා,
27
බාල්ගේ පූජාසනයත් බාල්ගේ දේවාලයත් බිඳ දමා අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළහ.
28
මෙසේ ජේහු ඉශ්රායෙල්වරුන් අතරෙන් බාල් නැති කරදැමී ය.
29
එසේ නමුත්, බෙතෙල්හි ද දාන්හි ද තිබූ රන් වස්සන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ජේහු ඉවත් නො වී ය.
30
සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.
31
එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
32
එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.
33
හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.
34
ජේහුගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ සියලු බලවත්කම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
35
ජේහු මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙහෝවාහාස් ඔහු වෙනුවට රජ විය.
36
ජේහු සමාරියෙහි ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය විසිඅට අවුරුද්දකි.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25