bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 6
2 Kings 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 7 →
1
දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, “බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය.
2
ජොර්දානය ළඟට ගොස්, එතැනින් එක් එක්කෙනා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්න අපට අවසර ලැබේ වා”යි කී හ. “යන්නැ”යි ඔහු පිළිතුරු දිනි.
3
එක් කෙනෙක්, “ඔබ ද, ඔබේ මෙහෙකරුවන් සමඟ යන්න සතුටු වුව මැනවැ”යි කී ය. “මම යමි”යි ඔහු ඔවුන් සමඟ ගියේ ය.
4
ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ.
5
එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.
6
එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.
7
ඔහු ද කතා කොට, “ඒක ගන්නැ”යි කී විට ඔහු අත දිගු කර එය ගත්තේ ය.
8
සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය.
9
දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය.
10
දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය.
11
මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය.
12
ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය.
13
එවිට ඔහු කතා කොට, “මා විසින් ඔහු අල්ලාගනු ලබන පිණිස ඔහු කොතැන ද කියා ඔබ ගොස් බලන්නැ”යි කී ය. “ඔහු දොතාන්හි සිටින්නේ ය”යි ඔහුට දන්වන ලදී.
14
එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය.
15
එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.
16
ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය.
17
එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.
18
ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, “මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක.
19
එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.
20
තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය.
21
ඉශ්රායෙල් රජු ඔවුන් දැක, “මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය.
22
ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය.
23
ඔහු ඔවුන්ට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කළේ ය. ඔවුන් ආහාර පාන අනුභව කළ පසු ඔහු ඔවුන් පිටත් කර හැරියේ ය. ඔව්හු ද තමන්ගේ ස්වාමියා ළඟට ගියෝ ය. සිරියාවේ ආක්‍රමණය සඳහා යෙදෙන කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝ ය.
24
ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය.
25
කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, වල් ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.
26
ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, පිහිට වුව මැනවැ”යි මොරගැසුවා ය.
27
ඔහු උත්තර දෙමින්, “සමිදාණන් වහන්සේ ඔබට පිහිට නොවන සේක් නම්, මම කුමකින් ඔබට පිහිට වෙම් ද? මට තිරිඟු වත් මිදි වත් ඇද් දැ?”යි කියා,
28
“ඔබට කුමක් වී තිබේ දැ”යි ඇගෙන් ඇසී ය. ඈ ද පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පුත්‍රයා අද අපට කන්න දෙන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමු’යි මේ ස්ත්‍රිය මට කීවා ය.
29
එසේ අපි මාගේ පුතා උයා කෑවෙමු. පසු දින ‘ඔබේ පුත්‍රයා අපට කන්න දියන්නැ’යි ඈට කීවෙමි. එහෙත් ඈ ඇගේ පුත්‍රයා සඟවාගෙන සිටියා ය” කීවා ය.
30
එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය.
31
එවිට ඔහු, “ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.
32
එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.
33
ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25