bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 18
2 Kings 18
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 19 →
1
ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය.
2
විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබි ය. ඈ සෙකරියාගේ දුවකි.
3
ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
4
ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය.
5
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය.
6
ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය.
7
සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.
8
ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.
9
ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන,
10
තුන් අවුරුද්දකට පසු එය අල්ලාගත්තේ ය. ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ නව වන අවුරුද්ද වන හෙසකියාගේ හය වන අවුරුද්දේ දී සමාරිය අල්ලාගන්න ලද්දේ ය.
11
අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය.
12
මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.
13
හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය.
14
එවිට ජුදාහි රජු වන හෙසකියා, “මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය.
15
හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය.
16
ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුළුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය.
17
එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.
18
එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.
19
එවිට රබ්-ෂාකේ ඔවුන්ට කතා කොට, “අසිරියාවේ රජු වන මහා රජතුමාණෝ මෙසේ කියන්නාහ: ‘ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තබන්නහු ද?
20
යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද?
21
මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය.
22
‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද?
23
ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
24
එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද?
25
මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.
26
එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.
27
එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය.
28
එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න.
29
ඔබ රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. මාගේ අතින් ඔබ ගළවන්නට ඔහුට බැරි ය.
30
සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න.
31
හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු,
32
ඔබ එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නටත්, තම තමාගේ ළිඳේ වතුර බොන්නටත් පුළුවන. මෙසේ ඔබ නොනැසී ජීවත් වන්නහු ය. සමිඳාණන් වහන්සේ අප ගළවාගන්න සේක කියා හෙසකියා ඔබ පොළඹවන කල ඔහුට සවන් නොදෙන්න.
33
විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද?
34
හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද?
35
සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.”
36
එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි.
37
එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25