bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 12
2 Kings 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 13 →
1
ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.
2
ජෙහෝවාෂ් වනාහි ජෙහෝයාදා පූජකයා විසින් තමාට දැනුමැතිකම් දෙන ලද කාලය මුළුල්ලෙහි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
3
එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. ඒ කාලයේත් සෙනඟ කඳු මත පූජාස්ථානවල පූජා ඔප්පු කොට සුවඳ දුම් පිදූ හ.
4
ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන යාග පූජා මුදල් ද,
5
පූජකයෝ තම තමන් සේවය කළ අයගෙන් ද අඳුනන්නවුන්ගෙන් ද ගනිත් වා, ඔව්හු ද මාලිගාවේ වුවමනා පරිදි කැඩුම්බිඳුම් ප්රතිසංස්කරණය කරත් වා”යි කී ය.
6
එහෙත්, පූජකයන් විසින් ජෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා මාලිගාවේ කැඩුම්බිඳුම් ප්රතිසංස්කරණය නොකරන ලදී.
7
එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, “ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය.
8
පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්නටත්, මාලිගාවේ කැඩුම්බිඳුම් ප්රතිසංස්කරණය නොකරන්නටත් එකඟ වූ හ.
9
එහෙත්, පූජක වූ ජෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ එය තැබී ය. තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් සියල්ල ම දොරටු පාලකයන් වන පූජකයෝ එහි දැමූ හ.
10
පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ ය.
11
ගණන් කළ ඒ මුදල් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළාවූ ද කෙරෙවූවා වූ ද තැනැත්තන් අතට දුන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළ වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්,
12
පෙදරේරුවන්ටත්, ගල් කපන්නන්ටත් ඒ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්රතිසංස්කරණය කිරීමට ලී සහ කැපූ ගල් මිලයට ගන්න පිණිසත්, මාලිගාව අලුත්වැඩියා කිරීමට ඕනෑ කළ සියල්ල පිණිසත් ඒ මුදල් දුන්නෝ ය.
13
එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා,
14
ඒ මුදල් වැඩ කළ තැනැත්තන්ට දී එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත් වැඩියා කරවූ හ.
15
තවද, වැඩ කරන්නන්ට දෙන්න මිල භාර දෙනු ලැබූ මිනිසුන් විශ්වාස ලෙස කටයුතු කළ බැවින් ඔවුන්ගෙන් ගණන් තැබීමක් නොගන්න ලදී.
16
අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිල සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලදී. ඒ මිල පූජකයන්ට අයිති විය.
17
එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය.
18
එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.
19
ජෝවාෂ්ගේ අනෙක් ක්රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
20
ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.
21
ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25