bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 15
2 Kings 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 16 →
1
ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය.
2
දහසය අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙකොලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.
3
තමාගේ පිය වූ අමශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
4
එසේ වුවත්, දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
5
සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
6
උශ්ශියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
7
ඔහු මියගිය පසු දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.
8
ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්අට වන අවුරුද්දේ දී ජෙරොබෝවම්ගේ පුත් ශෙකරියා සමාරියේ ඉශ්රායෙල්හි හය මාසයක් රජකම් කෙළේ ය.
9
ඔහු තමාගේ පියවරුන් කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නො වී ය.
10
ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය.
11
ශෙකරියාගේ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
12
මෙය වනාහි ‘නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝ ය”යි සමිඳාණන් වහන්සේ ජේහුට වදාළ වචනය වේ. එය එලෙස ම සිදු විය.
13
ජාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ජුදාහි රජ වන උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී රජ වී මාසයක් සමාරියෙහි රජකම් කෙළේ ය.
14
එවිට ගාදීගේ පුත් මෙනහෙම් තිර්ශා සිට පිටත් වී සමාරියට අවුත් ජාබෙශ්ගේ පුත් ෂල්ලුම්ට සමාරියේ දී පහර දී ඔහු මරා, ඔහු වෙනුවට රජ විය.
15
ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
16
එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය.
17
ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී ගාදීගේ පුත් මෙනහෙම් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේ ය.
18
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල ඉවත් නොවී සිටියේ ය.
19
අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය.
20
මෙනහෙම් තෙමේ අසිරියාවේ රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී කාසි පණහක් බැගින් ඉශ්රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අය කෙළේ ය. එවිට අසිරියාවේ රජ දේශයේ නොනැවතී හැරී ගියේ ය.
21
මෙනහෙම් අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
22
මෙනහෙම් ද මියගිය පසු ඔහුගේ පුත් පෙකහියා ඔහු වෙනුවට රජ විය.
23
ජුදාහි රජ වූ උශ්ශියාගේ පණස් වන අවුරුද්දේ දී මෙනහෙම්ගේ පුත් පෙකහියා සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය.
24
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
25
ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
26
පෙකහියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
27
ජුදාහි රජු වන උශ්ශියාගේ පණස් දෙ වන අවුරුද්දේ දී රෙමලියාගේ පුත් පෙකා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසි අවුරුද්දක් රජකම් කෙළේ ය.
28
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
29
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
30
උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.
31
පෙකාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
32
රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.
33
විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.
34
ජෝතාම් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කරමින් තමාගේ පියා වූ උශ්ශියා කළ සියල්ල ලෙස කෙළේ ය.
35
එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.
36
ජෝතාම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
37
ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේ සිරියාවේ රජ වූ රෙශින් ද රෙමලියාගේ පුත් පෙකා ද ජුදාට විරුද්ධ ව සටනට යවන්න පටන්ගත් සේක.
38
ජෝතාම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25