bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 9
2 Kings 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 10 →
1
දිවැසිවර එලිෂා දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙකුට අඬගසා, “ඔබ ඉඟටිය බැඳගෙන, මේ තෙල් කුළාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.
2
ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන ජෙහෝෂාපාට්ගේ පුත් ජේහු සොයාගෙන, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගෙන ඇතුළු කාමරයකට ගොස්,
3
තෙල් කුළාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට, ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කී පසු, දොර හැර ප්‍රමාද නොවී යන්නැ”යි කී ය.
4
මෙසේ ඒ තරුණ දිවැසිවරයා රාමොත්-ගිලියද්ට ගියේ ය.
5
ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය.
6
ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.
7
මාගේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මැරීම ගැන ද සමිඳාණන් වහන්සේගේ සියලු මෙහෙකරුවන් මැරීම ගැන ද මා ජෙශෙබෙල්ගෙන් පළිගන්න පිණිස නුඹේ ස්වාමීන් වූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.
8
ආහබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් ද නිර්දාසයන් ද වන ආහබ්ගේ සියලු පිරිමින් මරාදමා,
9
ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද වන්නට සලස්වන්නෙමි.
10
බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ “යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය.
11
එකල ජේහු තම ස්වාමියාගේ සේවකයන් වෙත ආවේ ය. එක් කෙනෙක් කතා කොට, “සියල්ල හොඳින් තේරුණා ද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ කුමක්නිසා දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඒ මනුෂ්‍යයාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නොවේ දැ”යි ඔවුන්ට කී ය.
12
“අපි එය නොදනිමු. අපට එය කියන්නැ”යි ඔව්හු කී හ. ඔහු කතා කොට, “ ‘මම ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස නුඹ අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි මේ හැටියට මට කීවේ ය”යි දැන්වී ය.
13
එවිට ඔව්හු ඉක්මන් ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩි පෙළ මත එළා හොරණෑ පිඹ, “ජේහු දැන් රජ යැ”යි කී හ.
14
මෙසේ නිම්ෂිගේ පුත් ජෙහෝෂාපාට්ගේ පුත්‍ර වන ජේහු, ජෝරාම්ට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ ය. එකල ජෝරාම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද් මුර කරමින් සිටියහ.
15
එහෙත්, ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන අතර සිරියන්වරුන් විසින් තමාට කරන ලද තුවාළ සුව කරගන්න පිණිස ජෙශ්‍රෙයෙල්ට හැරී අවුත් සිටියේ ය. තවද, ජේහු කතා කොට, “ඔබ කැමැති නම් ජෙශ්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාට වත් ගැළවී යන්න ඉඩ නොදෙන්නැ”යි කියා
16
රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය.
17
ජෙශ්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා ජේහුගේ හමුදාව එනු දැක, “හමුදාවක් මට පෙනේ ය”යි කී ය. ජෝරාම් ද, “ඔබ අසරුවෙකුට අඬගසා ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි අසන්නට ඔවුන්ගේ පෙරමඟට යවන්නැ”යි කී ය.
18
මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, “පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය.
19
එවිට ඔහු දෙ වන අසරුවෙකු යැවී ය. ඔහු ද ඔවුන් ළඟට අවුත්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් ද’ කියා රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය.
20
මුරකාරයා ද, “ඔහු ඔවුන් ළඟට පැමිණි නමුත් නැවත නොඑන්නේ ය. රථය පදවන්නා එය පදවන්නේ නම්, නිම්ෂිගේ පුත් ජේහුගේ මෙහෙයවීම මෙන් ය. කුමක් නිසා ද ඔහු උමතුවෙන් මෙන් පදවන්නේ ය”යි දැන්නුවේ ය.
21
ජෝරාම් ද කතා කොට, “රථය සූදානම් කරන්නැ”යි කී ය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝ ය. ඉශ්රායෙල් රජ වූ ජෝරාම් ද ජුදාහි රජ වූ අහසියා ද තම තමාගේ රථයට නැඟී පිටත් වී ජේහුගේ පෙරමඟට ගොස්, ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේ දී ඔහුට සම්මුඛ වූ හ.
22
ජෝරාම්, ජේහු දුටු විට, “ජේහු, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබේ මව වන ජෙශෙබෙල්ගේ වේශ්‍යාකම් ද ඇගේ මායම් ද මෙපමණ තිබිය දී මොන සාමදානයක් දැ”යි ඇසී ය.
23
එවිට ජෝරාම් හැරී පලා යමින්, “අහෝ අහසියා, මෙය ද්‍රෝහිකමකි” කියා අහසියාට කී ය.
24
එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය.
25
එවිට ජේහු තමාගේ ආරක්ෂක භටයා වන බිද්කර්ට කතා කොට, “ඔහු රැගෙන ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ කෙතට දමන්න, මන්ද, මාත්, ඔබත් එක් ව ඔහුගේ පිය වූ ආහබ් පස්සෙන් අසුන් පිට ගිය විට සමිඳාණන් වහන්සේ ඔහුට විරුද්ධ ව දුන් තීන්දුව සිහි කරන්න.
26
එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.
27
ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.
28
ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් ජෙරුසලමට ගෙන ගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන් ගෙයි තැන්පත් කළහ.
29
ආහබ්ගේ පුත් ජෝරාම්ගේ එකොළොස් වන අවුරුද්දේ දී අහසියා ජුදා දේශයේ රජ විය.
30
ජේහු ජෙශ්‍රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය.
31
ජේහු දොරටුවෙන් ඇතුළු වන විට ඈ කතා කොට, “ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසුවා ය.
32
ඔහු කවුළුව දෙස බලා, “මාගේ පක්ෂයට සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. එවිට නපුංසකයන් දෙදෙනෙක් ඔහු දෙස බැලුවෝ ය.
33
“ඈ පහළට හෙළන්නැ”යි ඔහු කී ය. ඔව්හු ඈ පහළට හෙළුවෝ ය. ඇගේ ලේවලින් මඳක් බිත්තියේත්, අශ්වයන් පිටත් ඉසිණි.
34
ඔහු ඇය පාගාගෙන අසුපිටින් ගියේ ය. ඔහු ඇතුළු වී, කා බී, “ඒ සාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවක නිසා සලකා බලා ඈ තැන්පත් කරන්නැ”යි කී ය.
35
ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී,
36
හැරී ගොස් ඔහුට දැන්නූ හ. ඔහු කතා කොට, “මේ සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ තිෂ්බි ජාතික එලියා ලවා කියෙවූ වචනය ය: ‘ජෙශ්‍රෙයෙල් පෙදෙසේ දී බල්ලෝ ජෙශෙබෙල්ගේ මාංස කන්නෝ ය.
37
මේ ජෙශෙබෙල් යයි කියන්න බැරි වන ලෙස ජෙශෙබෙල්ගේ මළකඳ ජෙශ්‍රෙයෙල් පෙදෙසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේ ය. කියා වදාළ සේකැ’ “යි කීවේ ය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25