bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 23
2 Kings 23
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 24 →
1
එවිට රජ තෙම ජුදාහි ද ජෙරුසලමෙහි ද සියලු ප්‍රජා මූලිකයන් තමා ළඟට රැස් කරවාගෙන,
2
ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය.
3
තවද, රජ කුළුණ ළඟ සිට, ඒ පොතේ ලියා තිබූ ඒ ගිවිසුමේ වචන ඉෂ්ට කරන පිණිස සමිඳාණන් වහන්සේ අනුව යන ලෙසත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා ද පණත් ද මුළු හෘදයෙන් හා මුළු සිතින් පිළිපදින ලෙසත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේ ය. මුළු සෙනඟ ද ගිවිසුමට එකඟ වූ හ.
4
එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.
5
ජුදාහි නගරවල ද ජෙරුසලම වටකර ද තිබූ කඳු මත පූජාස්ථානවල සුවඳ දුම් ඔප්පු කරන පිණිස ජුදාහි රජුන් විසින් පත් කරන ලද කපුවන් ද බාල්ට සහ ඉර සඳටත්, ග්‍රහ තාරකාවලට සහ ආකාශ වස්තූන් සියල්ලටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන් ද ඔහු පහකෙළේ ය.
6
ඔහු අෂේරා කප් කණුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ඉවත් කොට ජෙරුසලමෙන් පිට කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුළුස්සාදමා කුඩු කර, ඒ කුඩු පොදු සෙනඟගේ සොහොන් බිමෙහි විසුරුවා දැමී ය.
7
සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.
8
තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය.
9
එසේ වී නමුත්, කඳු මත පූජාස්ථානවල පූජකයෝ තමන්ගේ සහෝදරයන් සමඟ මුහුන් නොදැමූ රොටි කෑ හ. එහෙත්, ඔව්හු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ළඟට නාවෝ ය.
10
කිසිවෙකු තමාගේ පුත්‍රයෙකු වත්, දුවක වත් මොලෙක් දෙවියාට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයන්ගේ මිටියාවතෙහි තිබුණ තොපෙත් නම් ගිනි උදුන දූෂ්‍ය කෙළේ ය.
11
ජුදාහි රජුන් හිරු දෙවියාට කැප කළ අශ්වයන් ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වන තැනින් ඉවත් කෙළේ ය. ඒවා උප නගරයෙහි සිටි ඇමතියා වන නාතාන්-මෙලෙක්ගේ කාමරය අසල මළුවේ තබා තිබුණි. ඔහු හිරු දෙවියාගේ රථය ද ගින්නෙන් පුළුස්සා දැමී ය.
12
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.
13
තවද, රජ තෙම ජෙරුසලම ඉදිරිපිට ඔලීව කන්දට දකුණෙන් තිබූ සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්ටාරොත්ටත්, මෝවබ්වරුන්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල වූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජ වූ සලමොන් විසින් ගොඩනැඟුණු ගිරිකුළු දේවාල දූෂ්‍ය කෙළේ ය.
14
ඔහු රූප හා කුළුණු බිඳ, අෂේරා කප් කණු කපාදමා, ඒවා තිබූ තැන් මිනීඇටවලින් පිරෙව්වේ ය.
15
තවද, බෙතෙල්හි තිබූ පූජාසනය ද ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් සෑදූ ගිරිකුළු දේවාල ද වන එහි පූජාසනයත්, ගිරි මුදුනත් ඔහු කඩාදමා, ඒ දේවාලය පුළුස්සාදමා කුඩු කර, අෂේරා කප් කණුව ද පුළුස්සාදැමී ය.
16
ජොෂියා එහි කන්දේ තිබූ සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුළුස්සා එය දූෂ්‍ය කෙළේ ය.
17
තවද, ඔහු කතා කොට, “මට පෙනෙන අර සොහොන් කොත, කුමක් දැ”යි ඇසී ය. නගර වාසීහු උත්තර දෙමින්, “එය ජුදා සිට අවුත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ සොහොන් කොත ය”යි කී හ.
18
රජ ද කතා කරමින්, “සොහොනට කිසිවක් නොකරන්න. කිසිවෙක් ඔහුගේ ඇටකටුවලට අත නොගසන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටකටු ද සමාරියෙන් පැමිණි දිවැසිවරයාගේ ඇටකටු ද එලෙස ම තිබෙන්නට හැරියෝ ය.
19
සමාරියේ නගරවල තිබූ සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සාදන ලද ගිරිකුළු දේවාල ජොෂියා පහකොට, බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ප්‍රකාර ඒවාටත් කෙළේ ය.
20
එහි සිටි ගිරිකුළු දේවාලවල සියලු පූජකයන් ද පූජාසන පිට මරා, ඒවා පිට මිනීඇට පුළුස්සා ඔහු ජෙරුසලමට හැරී ආවේ ය.
21
තවද, ජොෂියා රජ කතා කොට, “මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය.
22
ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර පුරුෂයන්ගේ දවස්වල පටන් ඉශ්රායෙල් රජුන්ගේ ද ජුදා රජුන්ගේ ද මුළු කාලයෙහි සැබැවින් ම එබඳු පාස්කුවක් නොපවත්වන ලදී.
23
ඒ පාස්කුව සමිඳාණන් වහන්සේ උදෙසා ජෙරුසලමේ පවත්වන ලද්දේ ජොෂියා රජුගේ දහඅට වන අවුරුද්දේ දී ය.
24
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය.
25
මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.
26
එසේ වී නමුත්, මනස්සේ විසින් සමිඳාණන් වහන්සේ කෝප කරවන ලද සියලු කාරණා නිසා ජුදාට විරුද්ධ ව ඇවිළී තිබූ උන් වහන්සේගේ ඉමහත් උදහසේ බලවත්කම උන් වහන්සේ පහකර නොගත් සේක.
27
සමිඳාණන් වහන්සේ කතා කොට, “මා ඉශ්රායෙල් පහකරදැමූ ලෙස ජුදාත් මාගේ ඇස් හමුයෙන් පහ කරදමා, මා තෝරාගත් මේ නුවර වන ජෙරුසලම ද මාගේ නාමය එහි පවතින්නේ යයි මා කී මාලිගාව ද අත්හැරදමන්නෙමි”යි වදාළ සේක.
28
ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
29
ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝහි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය.
30
ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.
31
ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි.
32
ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
33
එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.
34
තවද, පාරාවෝ-නෙකො තෙමේ ජොෂියා රජුගේ පුත් එලියාකිම් ඔහුගේ පිය වූ ජොෂියා වෙනුවට රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. එහෙත්, ඔහු ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය. එහි දී ඔහු මළේ ය.
35
ජෙහෝයාකිම් ඒ රිදී ද රන් ද පාරාවෝට දුන්නේ ය. එහෙත්, පාරාවෝගේ නීතිය ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියම කොට, පාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියම කළ හැටියට ඒ රිදී ද රන් ද දේශයේ සෙනඟගෙන් අය කෙළේ ය.
36
ජෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශෙබ්දා ය. ඈ රුමාහි පෙදායාගේ දුවකි.
37
ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25