bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 16
2 Kings 16
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 17 →
1
රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය.
2
ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නොව තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකර,
3
ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය.
4
ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය.
5
එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ.
6
ඒ කාලයේ දී සිරියාවේ රජ වන රෙශින්, ඒලත් දේශය නැවත සිරියාවට ලබාගෙන ජුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමී ය. සිරියන්වරු ඒලත්ට අවුත් අද වන තුරු එහි වසති.
7
එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය.
8
තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.
9
අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.
10
ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය.
11
උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේ ය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්නට පෙර එය සෑදුවේ ය.
12
රජ දමස්කයෙන් අවුත්, ඒ පූජාසනය දැක, ඊට ළං ව ඒ මත පූජා කෙළේ ය.
13
ඔහු තමාගේ දවන යාග පූජාවත්, ආහාර පූජාවත් පුදා, තමාගේ පානීය පූජාව වත් කොට තමාගේ සහභාගිකමේ පූජාවල ලේ පූජාසනය මත ඉස්සේ ය.
14
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.
15
ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.
16
ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය.
17
තවද, ආහාස් රජ අසිරියාවේ රජු නිසා මැසිවල පනේල කපාදමා ඒවා උඩ තිබූ භාජනය අහක් කෙළේ ය. ලෝකඩ බඳුන යට තිබූ ගව රූප අටෙන් ලෝකඩ බඳුන බස්වා ගල් ඇල්ලූ බිමක තැබී ය.
18
සබත් දවසේ යාම පිණිස මාලිගාවෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගය ද රජුට ඇතුළු වීමට තිබුණ බාහිර ස්ථානය ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව දෙසට හරවා තැබී ය.
19
ආහාස් කළ අනෙක් ක්‍රියා ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
20
ආහාස් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25