bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 25
2 Kings 25
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
1
ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.
2
මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි.
3
සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.
4
එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.
5
එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ.
6
ඔව්හු රජු අල්ලාගෙන රිබ්ලා නුවර සිටි බබිලෝනියේ රජු ළඟට ගෙන ගියහ. එවිට රජ ඔහු ගැන තීන්දුව දුන්නේ ය.
7
ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.
8
බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,
9
සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය.
10
රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.
11
සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.
12
එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.
13
තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ.
14
ඇතිලි ද හැඳි ද පහන් කතුරු ද පාත්‍ර ද මෙහෙයට පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගත්හ.
15
ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.
16
සලමොන් විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සාදන ලද කුළුණු දෙකත්, ලෝකඩ බඳුනේ මැසිත් යන සියලු බඩුවල ලෝකඩවල බර මනින්නට බැරි තරමට තිබිණි.
17
එක කුළුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුළුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.
18
රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.
19
ඔහු යුද්ධ භටයන්ගේ අධිපතියෙකු වූ ඇමතියෙකු ද රජු ඉදිරියෙහි සිටි මනුෂ්‍යයන්ගෙන් නුවර සිටි පස්දෙනෙකු ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාපතියාගේ ලේකම් ද නුවර සිටි සම්භාවනීය අය හැටදෙනෙකු ද අල්ලාගත්තේ ය.
20
එවිට රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු වෙත රිබ්ලා නගරයට ගෙන ගියේ ය.
21
බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මරාදැමී ය. මෙසේ ජුදාවරු තමන්ගේ ප්රවේණි භූමියෙන් විප්‍රවාසයට ගෙන යන ලදහ.
22
ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය.
23
බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ.
24
ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම් දී කතා කොට, “කල්දිවරුන්ගේ සේවකයන්ට බිය නොවී දේශයෙහි වාසය කොට බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය”යි කී ය.
25
එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය.
26
එවිට ලොකු කුඩා සියලු දෙනා ද සේනාවන්ගේ අධිපතීහු ද කල්දිවරුන්ට බිය වී මිසරයට පලා ගියෝ ය.
27
ජුදාහි රජ වූ ජෙහෝයාකින් බබිලෝනියට ගෙනයනු ලැබ, තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිහත් වන දා බබිලෝනියේ රජ වූ එවිල්මෙරොදක් තමා රජකමට පත් වූ අවුරුද්දේ දී ජුදාහි ජෙහෝයාකින්ට සමාව දී, හිරගෙයින් ඔහු නිදහස් කර,
28
ඔහුට කරුණාව පෙන්වා, බබිලෝනියෙහි ඔහු සමඟ සිටි රජුන්ගේ රාජ බලයට වඩා උසස් රාජ බලයක් ඔහුට දුන්නේ ය.
29
ඔහුගේ හිරඇඳුම් ද මාරු කෙළේ ය. තවද, ඔහු තමාගේ ජීවිතයේ ඉතිරි කාලයේ නිතර ම රජු ඉදිරියෙහි ආහාර වැළඳුවේ ය.
30
ඔහුගේ ආහාර කොටස ද නියම ලෙස දවස්පතා ම ඔහුගේ මුළු ජීවිත කාලය තුළ ම රජු වෙතින් ඔහුට දෙන ලද්දේ ය.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25