bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Kings 11
2 Kings 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 12 →
1
අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.
2
එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී.
3
ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.
4
සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා පණිවුඩ යවා ආරක්ෂක භටයන්ගේ ද රජ මාලිගාවේ මුරකාරයන්ගේ ද ශතාධිපතීන් ගෙන්වා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී තමා ළඟට පමුණුවාගෙන ඔවුන් සමඟ ගිවිසුමක් කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඔවුන්ගෙන් දිවුරුම් ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කතා කොට,
5
“ඔබ කරන්නට ඕනෑ දේ මේ ය: සබත් දවසේ දී ඇතුළු වන ඔබෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,
6
තුනෙන් කොටසක් සූර් දොරටුවේ ද, තුනෙන් කොටසක් මුරකාරයන්ට එපිටින් තිබෙන දොරටුවේ ද සිටින්න. මෙසේ මාලිගාව මුරකර ආරක්ෂා කරන්න.
7
ඔබෙන් කොටස් දෙකක් වන සබත් දවසේ දී පිටත යන සියල්ලන් ම රජු ළඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මුරකරන්න.
8
ඔබ එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පෙළ කඩාගෙන ඒමට වෑයම් කරන තැනැත්තා මරන්න ආ යුතු ය. රජු යන එන විට ඔබ ඔහු සමඟ සිටින්නැ”යි ඔවුන්ට අණ කෙළේ ය.
9
ශතාධිපතියෝ ජෙහෝයාදා පූජකයා අණ කළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් එනම්, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් සබත් දවසේ දී පිටත යන තැනැත්තන් ද සමඟ කැඳවාගෙන ජෙහෝයාදා පූජකයා ළඟට ආවෝ ය.
10
පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය.
11
මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.
12
එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
13
අතලියා තොමෝ මුරකාරයන්ගේත්, සෙනඟගේත් ඝෝෂාව අසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.
14
ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.
15
එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, “ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය.
16
මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.
17
සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;
18
දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය. පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය.
19
තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.
20
මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ. නුවර ද සාමකාමී ව තිබිණි.
21
ඔව්හු අතලියා රජ ගෙදර දී කඩුවෙන් මැරූ හ.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25