bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 12
1 Samuel 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 13 →
1
සාමුවෙල් සියලු ඉශ්රායෙල්වරුන්ට කථාකොට: මෙන්න, ඔබ සැම මට කී සියල්ල ගැන මම ඔබ සැමගේ හඬට ඇහුම්කන්දී ඔබ සැම කෙරෙහි රජෙකු පත්කෙළෙමි.
2
දැන් රජ්ජුරුවෝ ඔබ සැම ඉදිරියෙහි හැසිරෙන්නෝය. මම නම් මහලුය, මාගේ හිසකෙස් පැහී තිබේ; මාගේ පුත්රයෝත් ඔබ සැම සමඟ සිටිති. මම බාල වයසේ පටන් අද දක්වා ඔබ සැම ඉදිරියෙහි හැසුරුණෙමි.
3
මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත ඔබ සැමට දෙන්නෙමියි කීවේය.
4
ඔව්හුද: ඔබ අපට අයුක්තියක් කළේවත් බලාත්කාරකමක් කළේවත් කිසිවෙකුගේ අතින් මොකවත් ගත්තේවත් නැතැයි කීවෝය.
5
ඔහුද: ඔබ සැමට මා අත වරදක් සම්බනූණු බවට ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේද අද දවසේ ඔබ සැමට විරුද්ධව සාක්ෂිකාරයෝ ව සිටිතියි ඔවුන්ට කීවේය. ඔව්හුද: උන්වහන්සේ සාක්ෂියයි කීවෝය.
6
සාමුවෙල් සෙනඟට කථාකොට: මෝසෙස් සහ ආරොන් පත්කළෙත් මිසරයෙන් ඔබ සැමගේ පියවරුන් ගෙනාවෙත් ස්වාමීන්වහන්සේ ය.
7
එබැවින් ඔබ සැමටත් ඔබ සැමගේ පියවරුන්ටත් ස්වාමීන්වහන්සේ කළාවූ සියලු ධර්මිෂ්ඨ ක්රියා ගැන මා විසින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමට මතක්කර දෙන පිණිස නිශ්චලව සිටින්න.
8
යාකොබ් මිසරයට පැමිණියාට පසු ඔබ සැමගේ පියවරුන් ස්වාමීන්වහන්සේ ට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා ඔබ සැමගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.
9
එහෙත් ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතකනැතිකළෝය, එවිට උන්වහන්සේ හාශොර්හි සේනාපතියාවූ සීසෙරා අතටත් පිලිස්තිවරුන් අතටත් මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවාදුන්සේක, ඔව්හුද ඔවුන්ට විරුද්ධව යුද්ධකළෝය;
10
එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ ට මොරගසමින්: අපි ස්වාමීන්වහන්සේ අත්හැර බාල් දේවතාවන්ටත් අෂ්ටාරොත්ටත් සේවයකිරීමෙන් පව්කෙළෙමුව. එහෙත් දැන් අපේ සතුරන්ගේ අතින් අප ගැළවුව මැනව, අපි ඔබවහන්සේට සේවයකරන්නෙමුයයි කීවෝය.
11
ස්වාමීන්වහන්සේ යෙරුබ්බාල්ද බෙදාන්ද යෙප්තාද සාමුවෙල්ද එවා වටකර සිටි ඔබ සැමගේ සතුරන්ගේ අතින් ගැළවූසේක, එවිට ඔබ සැම සුරක්ෂිතව වාසයකළහුය.
12
නුමුත් අම්මොන් පුත්රයන්ගේ රජවූ නාහාෂ් ඔබ සැමට විරුද්ධව එන බව ඔබ සැම දුටු කල, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ රජව සිටි නුමුත් ඔබ සැම-එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.
13
ඉතින් ඔබ සැම තෝරාගත්තාවූ ඔබ සැම ඉල්ලුවාවූ රජ්ජුරුවන් බලන්න. ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි රජ කෙනෙකු පත්කළසේක.
14
ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ අණට විරුද්ධව කැරළි නොගසා උන්වහන්සේට භයව උන්වහන්සේට සේවයකොට උන්වහන්සේගේ හඬට කීකරුව සිටිනවානම්, ඔබ සැමත් ඔබ සැම කෙරෙහි රජකම්කරන රජුත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පස්සේ යනවානම්, යෙහෙකි.
15
නුමුත් ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ හඬට ඇහුම්කන් නොදී උන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි ගසන්නහුනම්, උන්වහන්සේගේ හස්තය ඔබ සැමගේ පියවරුන්ට විරුද්ධව තිබුණාක් මෙන් ඔබ සැමටත් විරුද්ධවන්නේය.
16
එබැවින් දැන් නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ ඇස් හමුවෙහි කරන්ට යන මේ මහත් දෙය බලන්න.
17
දැන් තිරිඟු කපන කාලය නොවේද? අහස් ගර්ජනාවද වර්ෂාවද එවන ලෙස මම ස්වාමීන්වහන්සේ ට යාච්ඤා- කරන්නෙමි; රජෙකු ඉල්ලීමෙන් ඔබ සැම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම මහත් බව එයින් ඔබ සැම දැන තේරුම් ගන්නවා ඇතැයි කීවේය.
18
සාමුවෙල් ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කෙළේය; ස්වාමීන්වහන්සේ එදා අහස් ගර්ජනාවද වර්ෂාවද එවූසේක. එවිට මුළු සෙනඟ ස්වාමීන්වහන්සේ ටත් සාමුවෙල්ටත් බොහෝසෙයින් භයවූහ.
19
එවිට මුළු සෙනඟද: අප නොනසින පිණිස ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබගේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤාකළමැනවි. මක්නිසාද රජෙකු ඉල්ලීමේ වැරැද්ද අපේ අනික් සියලු පාපවලට එකතුකෙළෙමුයයි සාමුවෙල්ට කීවෝය.
20
සාමුවෙල් සෙනඟට කථාකොට: භයනොවන්න. ඔබ සැම ඇත්තෙන්ම මේ මුළු වැරැද්ද කළහුය. එහෙත් ස්වාමීන්වහන්සේ අනුව යාම අත්නොහැර ඔබ සැමගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ ට සේවයකරන්න; අහක්ව නොයන්න.
21
එසේ ගියොත් පිහිටවෙන්ටවත් ගළවන්ටවත් නොහැකිවූ නිරර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක්නිසාද ඒවා නිරර්ථක දේවල්මය.
22
ස්වාමීන්වහන්සේ ඔබ සැම ස්වකීය සෙනඟ කරගන්ට ප්රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.
23
ඇරත් මා විසින් ඔබ සැම උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය ඔබ සැමට උගන්වන්නෙමි.
24
ස්වාමීන්වහන්සේ ට භයව ඔබ සැමගේ මුළු සිතින් උන්වහන්සේට සැබෑලෙස සේවයකරන්න. මක්නිසාද උන්වහන්සේ ඔබ සැම උදෙසා කොපමණ මහත්දේ කළසේක්ද කියා බලන්න.
25
නුමුත් ඔබ සැම තවත් නපුරම කරනවානම් ඔබ සැමද ඔබ සැමගේ රජුද නාස්ති වෙනවා ඇතැයි කීවේය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31