bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 22
1 Samuel 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 23 →
1
එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.
2
විපතට පත්වූ සියල්ලෝද ණයතුරැස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.
3
දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් ඔබ සැම වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය.
4
ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.
5
ගාද් නම් අනාගතවක්තෘ තෙම දාවිත්ට කථාකොට: කොටුවෙහි නොසිට යුදා රටට පිටත්ව එන්නැයි දාවිත්ට කීවේය. එවිට දාවිත් පිටත්ව හෙරෙත් වනයට පැමුණුණේය.
6
දාවිත් සහ ඔහු සමඟ වූ මනුෂ්‍යයන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැලවිය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇතුව ගිබියායේ රාමාහි තිබුණු ඒෂෙල් ගස යට ඉඳගන උන්නේය, ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියෝය.
7
සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා ඔබ සැම හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? ඔබ සැම සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?
8
නැත්නම් ඔබ සැම සියල්ලන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරගන සිටින්නේ මක්නිසාද? මාගේ පුත්‍රයා යෙස්සේගේ පුත්‍රයා සමඟ ගිවිසුමක් කරගන්න කල කිසිවෙක් මට නොදැන්නුවෙත්, මා ගැන දුක්වෙන කිසිවෙක් ඔබ සැම අතරේ නැත්තෙත්, අද දවසේ සිද්ධවී තිබෙන හැටියට මාගේ පුත්‍රයා විසින් මාගේ මෙහෙකරුවා මට විරුද්ධව රැකසිටීමට පෙළෙඹවු බව මට නොදන්වන්නෙත් මන්දැයි කීවේය.
9
එවිට සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියාව සිටිය ඒදොමිය දොවෙග් උත්තරදෙමින්: යෙස්සේගේ පුත්‍රයා නොබ්හි සිටින අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් ළඟට එනවා දුටිමි.
10
හෙතෙම ස්වාමීන්වහන්සේ ගෙන් ඔහු උදෙසා විචාරා, ඔහුට ආහාර දී, පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේයයි කීවේය.
11
එවිට රජතෙමේ අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් නම් පූජකයාටද නොබ්හි සිටි පූජකයන් වන ඔහුගේ පිය වංශයේ සියල්ලන්ටද අඬගස්වා ඇරියේය. ඔවුන් සියල්ලෝ රජු ළඟට ආවෝය.
12
එවිට සාවුල්: අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැයි කීය. ඔහු: මාගේ ස්වාමිනි, මම මෙහියයි උත්තරදුන්නේය.
13
සාවුල්ද: ඔබත් යෙස්සේගේ පුත්‍රයාත් මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ මක්නිසාද? ඔබ ඔහුට ආහාරද කඩුවක්ද දුන්නෙහිය, අද දවසේ පෙනෙන හැටියට, ඔහු මට විරුද්ධව රැකසිටීමට නැගිටින පිණිස ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාළෙහියයි ඔහුට කීවේය.
14
එවිට අහිමෙලෙක් රජුට උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ බෑනාවූ, ඔබගේ මන්ත්‍රණ සභාවට ඇතුළත්වූ, ඔබගේ ගෘහයේ ගරුතරව සිටින්නාවූ දාවිත් මෙන් ඔබගේ සියලු මෙහෙකරුවන් අතරෙන් විශ්වාසව සිටින්නේ කවුද?
15
මා ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාරන්ට පටන් ගත්තේ මේ දවසේදීද? එය මාගෙන් දුරුවේවා. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාවූ මා කෙරෙහිවත් මාගේ පිය වංශයේ කිසිවෙකු කෙරෙහිවත් වරද නොතබත්වා. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා මේ මුළු කාරණය ගැන අඩු වශයෙන්වත් වැඩි වශයෙන්වත් කිසිවක්ම නොදන්නේයයි කීවේය.
16
රජ්ජුරුවෝ: අහිමෙලෙක්, ඔබත් ඔබේ මුළු පිය වංශයේ සියලු දෙනාත් සැබවින් මරනු ලබන්ට ඕනෑයයි කීය.
17
රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: ඔබ සැම ළංවී ස්වාමීන්වහන්සේ ගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේ ගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.
18
එවිට රජ: ඔබ ළංවී පූජකයන්ට පහරදෙන්නැයි දොවෙග්ට කීවේය. ඒදොමිය දොවෙග් ළංවී පූජකයන්ට පහරදී, සිහින් හණරෙදි ඒඵොද් සැට්ටයක් ඇඳ සිටියාවූ අසූපස් දෙනෙකු ඒ දවසේදී මැරුවේය.
19
ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ට එනම් එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත් බාලයන්ට හා කිරිදරුවන්ටත් ගවයන්ට හා කොටළුවන්ටත් බැටළුවන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.
20
නුමුත් අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ අබියාතර් ගැළවී දාවිත් වෙතට පලාගියේය.
21
සාවුල් ස්වාමීන්වහන්සේ ගේ පූජකයන් මැරූ බව අබියාතර් දාවිත්ට දැන්නුවේය.
22
දාවිත්ද: ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින්ම දන්වන බව මම ඒ දවසේදී දැනගතිමි. ඔබේ පිය වංශයේ සියල්ලන්ගේ මරණයට හේතුවූයේ මමය.
23
ඔබ මා ළඟ සිටින්න, භයනොවන්න; මා මරන්ට සොයන්නා ඔබත් මරන්ට සොයන්නේය. නුමුත් ඔබ මා වෙත සුරක්ෂිතව සිටින්නෙහියයි අබියාතර්ට කීවේය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31