bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 7
1 Samuel 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 8 →
1
කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේ ගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේ ගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.
2
තවද පෙට්ටිය කිරියත්-යෙයාරීම්හි තැබූ දවස පටන් දීර්ඝ කාලයක් එනම් විසි අවුරුද්දක් ගතවිය. මුළු ඉශ්රායෙල් වංශය ස්වාමීන්වහන්සේ සොයා වැලපුණෝය.
3
සාමුවෙල් මුළු ඉශ්රායෙල් වංශයට කථාකොට: ඔබ සැමගේ මුළු සිතින් ඔබ සැම ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, ඔබ සැම අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා ඔබ සැමගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ සැම ගළවාගන්නවා ඇතැයි කීවේය.
4
එවිට ඉශ්රායෙල් පුත්‍රයෝ බාල් දේවතාවන්ද අෂ්ටාරොත්ද පහකරදමා ස්වාමීන්වහන්සේ ට පමණක් සේවයකළෝය.
5
සාමුවෙල්ද: මා ඔබ සැම උදෙසා ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පාට රැස්කරන්නැයි කීවේය.
6
ඔව්හු මිශ්පාට රැස්වී වතුර ඇද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට, ඒ දවසේ නිරාහාරව සිට: අපි ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කෙළෙමුයයි එහිදී කීවෝය. සාමුවෙල් මිශ්පාහිදී ඉශ්රායෙල් පුත්‍රයන් විනිශ්චයකෙළේය.
7
ඉශ්රායෙල් පුත්‍රයන් මිශ්පාට රැස්ව සිටින බව පිලිස්තිවරුන් ඇසූකල පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව නැගී ආවෝය. ඉශ්රායෙල් පුත්‍රයෝ ඒ අසා පිලිස්තිවරුන්ට භය වූවෝය.
8
ඉශ්රායෙල් පුත්‍රයෝ: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා උන්වහන්සේට නොනැවතී යාච්ඤාකළමැනවැයි සාමුවෙල්ට කීවෝය.
9
සාමුවෙල් කිරිබොන බැටළු පැටවෙකු රැගෙන ස්වාමීන්වහන්සේ ට මුළු දවන පූජාවක් කොට ඔප්පුකර, ඉශ්රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකෙළේය; ස්වාමීන්වහන්සේ ඔහුට උත්තර දුන්සේක.
10
සාමුවෙල් දවන පූජාව ඔප්පුකරන කල්හිම පිලිස්තිවරු ඉශ්රායෙල්ට විරුද්ධව සටනට ළංවූහ. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේ මහත් ශබ්දයකින් පිලිස්තිවරුන් මත්තෙහි ගර්ජනාකොට ඔවුන් විසුරුවා දැමූසේක; ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙහි පැරදුණෝය.
11
ඉශ්රායෙල් මනුෂ්‍යයෝ මිශ්පායෙන් නික්ම පිලිස්තිවරුන් පස්සේ එළවාගන ගොස් බෙත්-කාර්හි පාවුලට පැමිණෙන තුරු ඔවුන්ට පහරදුන්නෝය.
12
එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.
13
මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේ ගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය.
14
පිලිස්තිවරුන් විසින් එක්‍රොන් පටන් ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගත්තාවූ නුවරවල් ඉශ්රායෙල්වරුන්ට නැවත ලැබුණේය; ඉශ්රායෙල්වරු ඒවායේ සීමාවලුත් පිලිස්තිවරුන්ගේ අතින් ගළවාගත්තෝය. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ සමාදානය පැවතුණේය.
15
සාමුවෙල් තමාගේ ජීවිතයේ සියලු දවස්වල ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
16
ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්රායෙල්වරුන් විනිශ්චයකර,
17
රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැඟුවේය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31