bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 28
1 Samuel 28
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 29 →
1
තවද ඒ දවස්වලදී පිලිස්තිවරු ඉශ්රායෙල්ට විරුද්ධව සටන් කරන පිණිස තමුන්ගේ සේනා යුද්ධයට රැස්කළෝය. ආකීෂ් දාවිත්ට කථාකොට: ඔබ හා ඔබේ මිනිසුන් මා සමඟ සමුදාව අතරේ යන්ට ඕනෑ බව දැනගන්නැයි කීවේය.
2
දාවිත්ද: එබැවින් ඔබගේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගන්නවා ඇතැයි ආකීෂ්ට කීය. ආකීෂ්ද: එබැවින් ඔබ සෑමකල්හිම මාගේ හිස රක්ෂාකරන්නා කොට පත්කරමියි දාවිත්ට කීවේය.
3
මේ කාලයට ප්‍රථම සාමුවෙල් මළේය. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහුගේම නුවරවූ රාමාහි ඔහු තැන්පත් කළෝය. සාවුල් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේශයෙන් පහකරදමා තිබුණේය.
4
පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය.
5
සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක භයවිය, ඔහුගේ සිතද බොහෝසෙයින් වෙවුලුවේය.
6
සාවුල් ස්වාමීන්වහන්සේ ගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෘන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.
7
එවිට සාවුල් තමාගේ සේවකයන්ට කථාකොට: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් මට සොයන්න, මම ඈ ළඟට ගොස් ඇගෙන් විචාරන්නෙමියි කීවේය. ඔහුගේ සේවකයෝද: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් ඒන්-දොර්හි සිටිනවායයි ඔහුට කීවෝය.
8
සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගන, මිනිසුන් දෙදෙනෙකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රී වෙතට පැමිණ ඈට කථාකොට: ආත්ම බන්ධනයෙන් මට පේන කියන්න, මා ඔබට කියන තැනැත්තා මට නැගුටුවා දියන්නැයි කීවේය.
9
ස්ත්‍රීද: සාවුල් කළ දෙය එනම් ඔහු ආත්ම බන්ධනකාරයන් සහ අනවිනකාරයන් දේශයෙන් සිඳදැමූ හැටි ඔබ දන්නෙහිය. එසේ නම් මා නසන පිණිස ඔබ මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.
10
ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවන්නේයයි සාවුල් ඈට කියා ස්වාමීන්වහන්සේ ගැන ඈට දිවුළේය.
11
එවිට ඒ ස්ත්‍රී: මම ඔබට කවුරු නැගුටුවා ගෙනෙම්දැයි කීවාය. ඔහු: සාමුවෙල් මට නැගුටුවා ගෙනෙන්නැයි කීය.
12
ඒ ස්ත්‍රී සාමුවෙල් දුටු කල මහත් හඬින් කෑගැසුවාය. ඈ සාවුල්ට කථාකොට: ඔබ මා රැවටුවේ මක්නිසාද? ඔබ නම් සාවුල්යයි ඔහුට කීවාය.
13
රජද: භයනොවෙන්නැයි කියා-ඔබට පෙනෙන්නේ කුමක්දැයි ඇගෙන් ඇසුවේය. දෙවිකෙනෙක් පොළොවෙන් නැගී එනවා මට පෙනේ යයි ස්ත්‍රී සාවුල්ට කීවාය.
14
ඔහුගේ හැටි කොහොමදැයි ඔහු ඇගෙන් ඇසුවේය. ඈ: මහලු මනුෂ්‍යයෙක් නැගීඑන්නේය; ඔහු සළුවක් පෙරවාගෙන ඉන්නේයයි කීවාය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුහුණින් බිමට නැමී වැන්දේය.
15
එවිට සාමුවෙල්: මා නැගිටවීමෙන් ඔබ මා කැලඹුවේ මක්නිසාදැයි සාවුල්ගෙන් ඇසුවේය. සාවුල්ද: මම තද අමාරුවට පත්ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධව යුද්ධකෙරෙති, දෙවියන්වහන්සේ මා කෙරෙන් අහක්ව ගියසේක, උන්වහන්සේ දැන් අනාගතවක්තෘන් කරණකොටගෙනවත් ස්වප්නවලින්වත් මට උත්තරදෙන්නේ නැත. එබැවින් මා විසින් කළයුතුදේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬගැස්වීමියි කීවේය.
16
එවිට සාමුවෙල්: ස්වාමීන්වහන්සේ ඔබ කෙරෙන් අහක්වී ඔබට විරුද්ධව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ මක්නිසාද?
17
ස්වාමීන්වහන්සේ මා ලවා කියෙවූ හැටියට ඉෂ්ටකළසේක. ස්වාමීන්වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වාසීවූ දාවිත්ට දුන්සේක.
18
ඔබ ස්වාමීන්වහන්සේ ගේ බලවත් උදහස අමලෙක්වරුන් කෙරේ ඉෂ්ටනොකර උන්වහන්සේගේ හඬට අකීකරුවූ බැවින් උන්වහන්සේ අද දවසේ ඔබට මේ දෙය කළසේක.
19
ඇරත් ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්රායෙල්වරුන් පාවාදෙනසේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනවා ඇත. ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් සමුදාවත් පිලිස්තිවරුන් අතට පාවාදෙනසේකැයි කීවේය.
20
එවිට සාවුල් එකෙණෙහිම බිම වැතිර සාමුවෙල්ගේ වචන නිසා අතිශයින් භයවූයේය. ඔහු එදා මුළු දවාලෙහිවත් රාත්‍රියෙහිවත් කෑම නොකෑ නිසා ඔහු තුළ කිසි ශක්තියක් නොතිබුණේය.
21
ඒ ස්ත්‍රී සාවුල් ළඟට ඇවිත්, ඔහු ඉතා කැළඹී සිටි බව දැක ඔහුට කථාකොට: ඔබගේ දාසීවූ මම ඔබගේ හඬට කීකරුව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී වචන ඇසීමි.
22
ඒ නිසා ඔබත් දැන් ඔබගේ දාසීගේ වචන අසා, ඔබ ඉදිරියෙහි රොටි කෑල්ලක් තබන්ට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇතිවෙන පිණිස කෑව මැනවැයි කීවාය.
23
නුමුත් ඔහු අකැමැතිව: මම නොකමියි කීය. නුමුත් ඔහුගේ සේවකයෝද ඒ ස්ත්‍රීද ඔහුට පෙරැත්තකළ නිසා ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී බිමින් නැගිට ඇඳේ හිඳගත්තේය.
24
ඒ ස්ත්‍රීට තරකරපු වස්සෙක් ගෙදර උන්නේය; ඈ ඉක්මනින් ඌ මරා, පිටි අරන් අනා, මුහුන් නොදැමූ රොටි පුලුස්සා,
25
ඒවා සාවුල්ද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි තැබුවාය; ඔව්හුද කා නැගිට ඒ රාත්‍රියේම පිටත්ව ගියෝය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31