bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 15
1 Samuel 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 16 →
1
සාමුවෙල් සාවුල්ට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි ඔබ රජකොට ආලේපකරන පිණිස මා එවූසේක. එබැවින් දැන් ස්වාමීන්වහන්සේ ගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.
2
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.
3
දැන් ඔබ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.
4
සාවුල් සෙනඟ එකතුකරවා තෙලායිම්හිදී ඔවුන් ගණන්කෙළේය, පාබළ සෙනඟ දෙලක්ෂයක්ද යුදා මනුෂ්‍යයෝ දසදහසක්ද සිටියෝය.
5
සාවුල් අමලෙක්වරුන්ගේ නුවර ළඟට පැමිණ මිටියාවතේ සැඟවී රුක සිටියේය.
6
තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ සැම විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී ඔබ සැම ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.
7
සාවුල්ද හවිලා පටන් මිසරය ඉදිරිපිට තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේය.
8
ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.
9
එහෙත් සාවුල් සහ සෙනඟ ආගග්ද බැටළුවන් හා ගවයින්ගෙනුත් තර සතුන්ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහමුලින්ම විනාශකර දමන්ට අකැමැතිව ඉතිරි කරගත්තෝය. නුමුත් නුසුදුසුවූ නොවටින්නාවූ සියල්ලම ඔව්හු විනාශකර දැමුවෝය.
10
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය සාමුවෙල් වෙතට පැමිණ:
11
මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකෙළේය.
12
සාමුවෙල් උදය සාවුල් සම්බවෙන්ට යන පිණිස වේලාසනින් නැගිට්ටේය; එවිට: සාවුල් කර්මෙල්ට පැමිණ, එහි ජයස්තමහයක් පිහිටුවා, හැරී ගිල්ගාල්ට බැස යන්ට ගියේයයි සාමුවෙල්ට දන්වනලද්දේය.
13
සාමුවෙල් සාවුල් ළඟට පැමුණුණු කල සාවුල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. මම ස්වාමීන්වහන්සේ ගේ වචනය ඉෂ්ටකෙළෙමියි කීය.
14
සාමුවෙල්ද: එසේ නම් මාගේ කන්වල වැටෙන මේ බැටළු හඬත් මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක්දැයි ඇසුවේය.
15
සාවුල් කථාකොට: සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝය. මක්නිසාද ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජාකරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද ඉතා හොඳවුන් ඉතුරුකරගත්තෝය; අනික් එවුන් සහමුලින් විනාශකර දැමුවෙමුයයි කීවේය.
16
එවිට සාමුවෙල්: නවතින්න, මේ රාත්‍රියේ ස්වාමීන්වහන්සේ මට කී කාරණය ඔබට දන්වමියි සාවුල්ට කීවේය. කිව මැනවැයි ඔහු කීය.
17
සාමුවෙල් කථාකොට: ඔබ සුළු කෙනෙකැයි ඔබම සිතූ නුමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍රයන් කෙරෙහි අධිපතිකරනු ලැබුවා නොවේද? ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජකමට ඔබ ආලේප කළසේක;
18
ස්වාමීන්වහන්සේ ද ඔබ ගමනක් යවමින්: අමලෙක්වරුන් වන පව්කාරයන් විනාශකරදමා, ඔවුන් නැතිවී යන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධකරන්නැයි කීසේක.
19
ඉතින් ඔබ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරු නොවී, කොල්ලය පිටට පැන, ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළේ මක්නිසාදැයි කීවේය.
20
සාවුල්ද: නැත, මම ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුව, ස්වාමීන්වහන්සේ මා යැවූ ගමන ගොස්, අමලෙක්වරුන්ගේ රජවූ ආගග් ගෙනාවෙමි, අමලෙක්වරුන්ද සහමුලින්ම විනාශකර දැමීමි.
21
නුමුත් සෙනඟ වනාහි විනාශයට කැපවූ දේවලින් ප්‍රධාන කොට්ඨාසය වන බැටළුවන්ද ගවයන්ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හිදී ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජාකරන පිණිස ආවෝයයි සාමුවෙල්ට කීවේය.
22
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.
23
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. ඔබ ස්වාන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් ඔබ රජකමෙන් පහකළසේකැයි කීවේය.
24
සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේ ගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.
25
එහෙත් ඔබ දැන් මගේ පාපයට කමාවී, මා විසින් ස්වාමීන්වහන්සේ ට නමස්කාර කරන පිණිස මා සමඟ හැරී අව මැනවැයි සාමුවෙල්ට කීවේය.
26
මම ඔබ සමඟ හැරී නොඑමි. මක්නිසාද ඔබ ස්වාමීන්වහන්සේ ගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේ ද ඉශ්රායෙල් කෙරෙහි රජව සිටීමෙන් ඔබ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය.
27
සාමුවෙල් යන්ට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේය, එවිට ඒක ඉරුණේය.
28
සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්රායෙල් රජකම ඔබෙන් පැහැරගෙන ඔබට වඩා යහපත්වූ ඔබේ අසල්වාසියෙකුට දී තිබේ.
29
ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.
30
එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී අවමැනවැයි කීවේය.
31
එවිට සාමුවෙල් හැරී සාවුල් සමඟ ගියේය; සාවුල්ද ස්වාමීන්වහන්සේ ට නමස්කාරකෙළේය.
32
එවිට සාමුවෙල්: අමලෙක්වරුන්ගේ රජවූ ආගග් මා ළඟට ගෙනෙන්නැයි කීවේය. ආගග්ද: වෙවුල වෙවුලා ඔහු ළඟට ඇවිත්-සැබවින්ම මරණයේ තික්තකම පහව ගියේයයි කීය.
33
සාමුවෙල්ද: ඔබේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් ඔබේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.
34
ඉක්බිති සාමුවෙල් රාමාට ගියේය; සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය.
35
ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්ට නායේය. නුමුත් සාමුවෙල් සාවුල් ගැන ශෝකවිය. ස්වාමීන්වහන්සේ ද සාවුල් ඉශ්රායෙල් කෙරෙහි රජකමට පත්කළ බැවින් තැවුණුසේක.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31