bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 25
1 Samuel 25
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 26 →
1
තවද සාමුවෙල් මළේය; සියලු ඉශ්රායෙල්වරු රැස්ව ඔහු ගැන වැලපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත්කළෝය. දාවිත්ද පිටත්ව පාරාන් කාන්තාරයට බැස ගියේය. කර්මෙල්හි සම්පත් ඇති මනුෂ්‍යයෙක් මායොන්හි සිටියේය.
2
ඒ මනුෂ්‍යයා මහත් ධනවතෙක්ය, ඔහුට බැටළුවන් තුන්දහසක්ද එළුවන් දහසක්ද සිටියෝය. ඔහු වනාහි කර්මෙල්හි තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවමින් සිටියේය.
3
ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.
4
නාබල් තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවන බව කාන්තාරයේදී දාවිත්ට සැලවිය.
5
දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: ඔබ සැම කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,
6
සම්පත් ඇති ඔහුට කථාකොට-ඔබට සමාදානය වේවා, ඔබේ පවුලටත් සමාදානය වේවා, ඔබට ඇති සියල්ලටත් සමාදානය වේවා.
7
ඔබට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමි. ඔබේ බැටළු එඬේරු අප සමඟ සිටියෝය, අප ඔවුන්ට හිංසාකළේවත් ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලයෙහි ඔවුන්ගෙන් කිසිවක් නැතිවුණේවත් නැත.
8
ඔබේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් ඔබට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට ඔබේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. ඔබේ මෙහෙකරුවන්ටත් ඔබේ පුත්‍රවූ දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.
9
දාවිත්ගේ යෞවනයෝ ගොස් ඒ සියලු වචනවල ප්‍රකාරයට දාවිත්ගේ නාමයෙන් කථාකර නැවැත්තෝය.
10
නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය.
11
එසේවීනම් මා විසින් මාගේ රොටිද මාගේ වතුරද මාගේ බැටළු ලොම් කපන්නන්ට මා විසින් මැරූ සතුන්ගේ මස්ද අරන් කොතැනින් ආවාද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්ටදැයි කීවේය.
12
එවිට දාවිත්ගේ යෞවනයෝ හැරී ගොස් දාවිත් ළඟට පැමිණ ඒ සියලු වචනවල ප්‍රකාරයට ඔහුට දැන්නුවෝය.
13
දාවිත්ද: නූඹලා එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්නැයි තමාගේ මිනිසුන්ට කීය. ඔව්හු හැමදෙනම තම තමුන්ගේ කඩු බැඳගත්තෝය; දාවිත්ද තමාගේ කඩුව බැඳගත්තේය. මිනිසුන් හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝය; දෙසියයක් බඩු ළඟ නැවතී සිටියෝය.
14
නුමුත් වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් නාබල්ගේ භාර්යාවවූ අබීගායිල්ට කථාකොට: අපේ ස්වාමියාට ආචාරකරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවිඩකාරයන් එවුවේය; ඔහු ඔවුන්ට බැණවැදුණේය.
15
ඒ මනුෂ්‍යයෝ නම් අපට ඉතා යහපත්ව සිටියෝය, අප කෙත්වල සිටියදී ඔවුන් සමඟ ගැවසුණු මුළුකාලයේදී අපට අන්තරායක් වුණේවත් අපෙන් කිසිවක් නැතිවුණේවත් නැත.
16
අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ ඔව්හු රෑ දාවල් අපට ප්‍රාකාරයක්ව සිටියෝය.
17
ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි කීය.
18
එවිට අබීගායිල් ඉක්මන්කර, රොටි දෙසියයක්ද මුද්‍රිකපාන භාජන දෙකක්ද පුලුස්සාපු බැටළුවන් පස්දෙනෙක්ද විලඳ නැළි පහක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද අත්තික්කා කැටි දෙසියයක්ද රැගෙන, ඒවා කොටළුවන් පිට පටවා,
19
ඇගේ වැඩකාරයන්ට කථාකොට: ඔබ සැම මට පෙරටුව යන්න; මම ඔබ සැමට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.
20
ඈ කොටළුවා පිට නැගී කන්දේ මුවාව තිබුණ ස්ථානයකින් බැසයද්දී දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඈ ඉදිරිපිට බැස ආවෝය; ඈද ඔවුන්ට මුණගැසුණාය.
21
තවද: සැබවින් කාන්තාරයෙහි මොහුට ඇති සියල්ලෙන් කිසිවක් නැතිනොවන ලෙස මොහු සන්තක සියල්ල මා විසින් ආරක්ෂාකළ එක නිෂ්ඵලය. මොහු මට යහපතට අයහපතෙන් ප්‍රතිදානය කෙළේය.
22
මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.
23
අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ,
24
ඔහුගේ පාමුල වැටී කථාකොට: ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. ඔබට කථාකරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා, ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි.
25
මාගේ ස්වාමිනි, ඒ දුර්ජන මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි. ඔහුගේ නාමය යම්සේද ඔහුගේ ගතියත් එසේමය; ඔහුගේ නම නාබල්ය, මෝඩකම ඔහු තුළ තිබේ. එහෙත් ඔබගේ මෙහෙකාරීවූ මම මාගේ ස් ස්වාමිවූ ඔබ විසින් එවූ යෞවනයන් නුදුටිමි.
26
දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූ සේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.
27
ඉතින් ඔබගේ වැඩකාරීවූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවාවූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන යෞවනයන්ට දෙනුලැබේවා.
28
ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුණමැනවි. මක්නිසාද මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේ ගේ යුද්ධකරන බැවින් ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට ස්ථිරවූ වංශයක් සාදාදෙනසේක්මය, ඔබගේ සියලු දවස්වලදී ඔබ තුළ නපුර දකිනු නොලබන්නේය.
29
ඔබ පස්සේ එළවාගන ඇවිත් ඔබගේ ප්‍රාණය හානිකරන්ට මනුෂ්‍යයෙක් නැගුටුණත්, මාගේ ස්වාමියාගේ ප්‍රාණය ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලැබ, ඔබගේ සතුරන්ගේ ප්‍රාණ උන්වහන්සේ ගල් පටියෙන් මෙන් විසිකරදමනසේක.
30
තවද ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියා ගැන කී සියලු යහපත්කම් ප්‍රකාර ඔබට කර ඔබ ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කළ කල්හි,
31
මාගේ ස්වාමියා නිකරුණේ ලේ වැගිරෙවුවාය කියාවත් තමාගේම අතින් පළිගත්තාය කියාවත් මේක ඔබට චිත්ත ඛේදයක් හෝ ශෝකයක් නොවන්නේය. තවද ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට යහපත කළ කල්හි ඔබගේ මෙහෙකාරී සිහිකළ මැනවැයි කීවාය.
32
දාවිත් අබීගායිල්ට කථාකොට: මා සම්බවෙන්ට අද දවසේ ඔබ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා වේවා.
33
ඔබේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ ඔබට ආශීර්වාද වේවා.
34
මක්නිසාද ඔබට හිංසා කිරීමෙන් මා වැලැක්වුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබ ඉක්මනින් මා සම්බවෙන්ට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක්වත් හෙට එළිවෙනකොට ඉතුරු නොවන්නේයයි කීවේය.
35
මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: ඔබේ ගෙදරට සමාදානයෙන් යන්න; මම ඔබේ හඬට ඇහුම්කන්දී ඔබ පිළිගතිමියි කීවේය.
36
අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.
37
පසුවදා නාබල්ගේ වෙරි සිඳුණු කල ඔහුගේ භාර්යාව ඔහුට මේ කාරණා දැන්නුවාය, එවිට ඔහුගේ සිත ඔහු තුළ කිඳාගොස් ඔහු ගලක් මෙන් විය.
38
ඊට දස දවසකට පමණ පසු ස්වාමීන්වහන්සේ නාබල්ට පහරදුන්සේක, ඔහු මළේය.
39
නාබල් මැරුණු බව දාවිත් අසා: නාබල් අතින් මට වුණ නින්දාව ගැන යුක්තිය කළාවූ, තමන්ගේ මෙහෙකරුවා නපුරෙන් වැලැක්වුවාවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ හිස පිටටම හැරවූසේකැයි කීය. දාවිත් අබීගායිල් තමාට භාර්යාව කොට පාවාගන්නා පිණිස ඈ සමඟ කථාකරන්ට පණිවිඩකාරයන් හැරියේය.
40
දාවිත්ගේ සේවකයෝ කර්මෙල්හි අබීගායිල් ළඟට පැමිණ ඈට කථාකරමින්: දාවිත් තමාට භාර්යාව වීමට ඔබ කැඳවාගන යන පිණිස ඔබ වෙතට අප එවුවේයයි කීවෝය.
41
ඈද නැගිට මුහුණින් බිමට නැමී: ඔබගේ දාසී මාගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්ට දාසියකැයි කීවාය.
42
එවිට අබීගායිල් ඉක්මන්කර කොටළුවෙකු පිට නැගී පිටත්වුණාය, ඇගේ තරුණියෝ පස්දෙනෙක්ද ඈ අනුව ගියෝය; එසේ ඈ දාවිත්ගේ පණිවිඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවාය.
43
දාවිත් යෙස්‍රෙයෙල්හි අහිනොවම්ද පාවාගත්තේය; ඔවුන් දෙදෙනාම ඔහුට භාර්යාවූවෝය.
44
සාවුල් විසින් දාවිත්ගේ භාර්යාවවූ තමාගේ දුවවූ මීඛල් ගල්ලීම්හි විසූ ලායිෂ්ගේ පුත්‍රවූ පල්තීට දෙනලද්දීය.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31