bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 9
1 Samuel 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 10 →
1
බෙන්යමිය මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ, අපියාගේ පුත්‍රයා වන බෙඛෝරත්ගේ පුත්‍රවූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍රවූ කීෂ් නම්වූ බෙන්යමිය මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු මහත් ධනවතෙක්ය.
2
ඔහුට සාවුල් නම්වූ තරුණ ශෝභන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඉශ්රායෙල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනඟ අතරේ සියලුදෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය.
3
සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: ඔබ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය.
4
ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත.
5
ඔවුන් ශූප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි තමාගේ වැඩකාරයාට කථාකොට: අපි හැරී යමු; නැත්නම් මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වෙනවා ඇතැයි කීවේය.
6
ඔහුද: මේ නුවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් සිටී, ඒ මනුෂ්‍යයා ගෞරවණීය කෙනෙක්ය; ඔහු කියන සියල්ල සැබවින් සිදුවෙයි. අපි එහි යමු; සමහරවිට අප යන ගමන ගැන ඔහු අපට දන්වනවා ඇතැයි ඔහුට කීවේය.
7
එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය.
8
වැඩකාරයා නැවත සාවුල්ට උත්තරදෙමින්: මා අතේ රිදී ෂෙකෙලකින් සතරෙන් පංගුවක් තිබේ. අපේ මාර්ගය අපට දන්වන පිණිස ඒක දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමියි කීවේය.
9
(පෙර කාලයේදී ඉශ්රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)
10
එවිට සාවුල්: ඔබ කීවා හොඳයි; එන්න, අපි යමුයයි තමාගේ වැඩකාරයාට කීවේය. මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝය.
11
ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
12
ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු ඔබ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි.
13
ඔබ සැම නුවරට ඇතුල්වූ වහාම කෑම කන පිණිස උස් තැනට නගින්ට මත්තෙන් ඔහු සම්බවෙයි. මක්නිසාද ඔහු පූජාවට ආශීර්වාදකරන බැවින් ඔහු එනතුරු සෙනඟ කන්නේ නැත; කැඳවනලද්දෝ ඉන් පසුව කති. ඉන් නිසා යන්න; මක්නිසාද මේ වේලාවට ඔහු ඔබ සැමට සම්බවේයයි කීවෝය.
14
ඔවුන් නුවරට ගොස් නුවර ඇතුළට පැමිණදේදී සාමුවෙල් උස් තැනට යන පිණිස ඔවුන් ඉස්සරහට පිටතට ආවේය.
15
සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට:
16
මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු ඔබ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.
17
සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: මෙන්න, මා ඔබට කී මනුෂ්‍යයා! මොහු මාගේ සෙනඟ කෙරෙහි බලය පවත්වන්නේයයි කීසේක.
18
එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත්: දිවස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතනද කියා මට දැන්නුවමැනවැයි කීවේය.
19
සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද ඔබ සැම අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ ඔබ යන්ට හරින්නෙමි, ඔබේ සිතේ තිබෙන සියල්ලද ඔබට දන්වන්නෙමි.
20
තුන් දවසකට පළමුවෙන් නැතිවූ ඔබේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? ඔබ උදෙසාත් ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය.
21
සාවුල් උත්තර දෙමින්: මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.
22
තවද සාමුවෙල් සාවුල් හා ඔහුගේ වැඩකාරයත් කැඳවාගෙන ආගන්තුක ශාලාවට ඇතුල්වී, ගණනින් තිහක් පමණ වූ කැඳවනලද මනුෂ්‍යයින් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන් හින්දෙවුවේය.
23
සාමුවෙල් අරක්කැමියාට කථාකොට: ඔබ ළඟ තබාගන්ට කියා මා ඔබට දුන්නාවූ කොටස මෙහි ගෙනෙන්නැයි කීවේය.
24
අරක්කැමියා ගාතයද ඊ පිට තිබුණු දේද ගෙනැවිත් සාවුල් ඉදිරිපිට තැබුවේය. සාමුවෙල්ද: මෙන්න ඔබ උදෙසා තැබූ ඒවා! මේවා ඔබ ඉදිරිපිට තබාගෙන කන්න; මක්නිසාද මා විසින් සෙනඟ කැඳෙවුවායයි කී වේලාවට මේවා ඔබ උදෙසා වෙන්කොට තබන ලද්දේයයි කීවේය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ කෑයේය.
25
ඔවුන් උස්තැනින් නුවරට බැස ආ කල සාමුවෙල් සාවුල් සමඟ පියස්ස උඩදී කථාකෙළේය.
26
ඔව්හු අලුයම නැගුටුණෝය. තවද පහන්වෙන වේලාව පමණේදී සාමුවෙල් සාවුල්ට පියස්ස උඩට අඬගසා: මා විසින් ඔබ පිටත්කරන පිණිස නැගිටින්නැයි කීවේය. සාවුල් නැගිට්ටේය, ඔවුන් දෙදෙනා එනම් ඔහු සහ සාමුවෙල් පිටතට ගියෝය.
27
ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට ඔබේ වැඩකාරයාට කියා, මා විසින් ඔබට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස ඔබ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31