bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 19
1 Samuel 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 20 →
1
තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.
2
නුමුත් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් දාවිත් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටියේය. යොනාතාන් එය දාවිත්ට දන්වමින්: මාගේ පියවූ සාවුල් ඔබ මරන්ට සොයන්නේය. ඒ නිසා ඔබ හෙට උදේ ප්‍රවේසම්වී රහස් තැනක සැඟවී සිටින්න.
3
මම ඇවිත් ඔබ සිටින කෙතෙහි මාගේ පියාණන් ළඟ සිට ඔබ ගැන මාගේ පියාණන් සමඟ කථාකොට, කාරණ දැනගන ඔබට දන්වන්නෙමියි දාවිත්ට කීවේය.
4
යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්: රජ්ජුරුවෝ තමාගේ සේවකයාවූ දාවිත්ට විරුද්ධව පව් නොකෙරෙත්වා; මක්නිසාද ඔහු ඔබට විරුද්ධව පව් නොකෙළේය, ඔබ පිළිබඳවූ ඔහුගේ ක්‍රියාවලුත් ඔබට ඉතා ප්රයෝජනවත්ය.
5
කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය.
6
සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය.
7
යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.
8
නැවතත් යුද්ධයක් විය. දාවිත් පිටත්ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන් අතරේ මහත් නාස්තියක් කෙළේය; ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
9
තවද සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන ගෙයි හිඳින අතර ස්වාමීන්වහන්සේ ගෙන් නපුරු ආත්මයක් ඔහුට ආවේශවිය; දාවිත් තමාගේ අතින් වීණාව ගෑවේය.
10
සාවුල්ද බිත්තියටම වදින පිණිස හෙල්ලයෙන් දාවිත්ට අනින්ට උත්සාහ කෙළේය; නුමුත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය, හෙල්ලය බිත්තියට වැදුණේය. නුමුත් දාවිත් පලාගොස් ඒ රාත්‍රියේ ගැළවුණේය.
11
දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ ඔබේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට ඔබ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.
12
මීඛල්ද කවුළුවෙන් දාවිත් බැස්සෙවුවාය. ඔහු පලා ගොස් ගැළවුණේය.
13
මීඛල් තෙරඵීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ ඉස යට එළු ලොම් කොට්ටයක් තබා, ඒක රෙදිවලින් වැසුවාය.
14
දාවිත් ගෙනෙන්ට සාවුල් පණිවිඩකාරයන් යැවූ කල: ඔහු ලෙඩින්යයි ඈ කීවාය.
15
දාවිත් බලන්ට සාවුල් නැවත පණිවිඩකාරයන් යවා ඔහු මරන පිණිස ඇඳත් පිටින් මා ළඟට ගෙනෙන්නැයි කීවේය.
16
පණිවිඩකාරයන් ඇතුල්වූ කල හිසට තිබූ එළු ලොම් කොට්ටය සමඟ තෙරඵීම් රූපය ඇඳේ තිබුණේය.
17
ඔබ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් ඔබ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.
18
මෙසේ දාවිත් පලාගොස් ගැළවී රාමාහි සිටි සාමුවෙල් ළඟට පැමිණ, සාවුල් තමාට කළ සියල්ල ඔහුට දැන්නුවේය. එවිට ඔහු සහ සාමුවෙල් ගොස් නායොත්හි විසුවෝය.
19
දාවිත් රාමායේ නායොත්හි සිටින්නේයයි සාවුල්ට දන්වනලද්දේය.
20
සාවුල් දාවිත් ගෙනෙන්ට පණිවිඩකාරයන් යැවීය. ඔවුන් ධර්මවාක්‍ය පවසමින් සිට ප්‍රොපේත මණ්ඩලයද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයාව සිටින බවද දුටු විට දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගේ පණිවිඩකාරයන් කෙරෙහි පැමුණුණේය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.
21
ඒ බව සාවුල්ට දැන්වූ කල ඔහු වෙන පණිවිඩකාරයන් යැවීය. ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය. සාවුල් නැවතත් තුන්වෙනි වර පණිවිඩකාරයන් යැවීය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.
22
එවිට ඔහුත් රාමාට ගොස් සේබූහි තිබෙන මහත් ළිඳ ළඟට පැමිණ: සාමුවෙල් සහ දාවිත් කොතන සිටිනවාදැයි ඇසුවේය. අන්න, ඔවුන් රාමායේ නායොත්හි සිටිනවායයි කෙනෙක් ඔහුට කීවේය.
23
ඔහු රාමායේ නායොත්ට ගියේය. එවිට ඔහු කෙරෙහිත් දෙවියන්වහන්සේගේ ආත්මය පහළවූයෙන් ඔහු රාමාහි නායොත්ට පැමිණෙන තුරු ධර්මවාක්‍ය පවස පවසා, ගියේය.
24
ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31