bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 26
1 Samuel 26
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 27 →
1
ශීප්වරු ගිබියාහි සිටි සාවුල් ළඟට ඇවිත්: දාවිත් මරුකතර ඉදිරියේ තිබෙන හකීලා හෙලේ සැඟවී ඉන්නවා නොවේදැයි කීවෝය.
2
එවිට සාවුල් පිටත්වී, ඉශ්‍රායෙල්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් ඇතුව ශීප් කාන්තාරයෙහි දාවිත් සොයන පිණිස ශීප් කාන්තාරයට ගියේය.
3
සාවුල් මරුකතර ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේය. එහෙත් දාවිත් කාන්තාරයෙහි සිටියේය, සාවුල් තමා පස්සේ කාන්තාරයට ඇවිත් සිටින බව ඔහු දුටුවේය.
4
ඒ නිසා දාවිත් ඔත්තුකාරයන් යවා සාවුල් ඇවිත් සිටිනවා සැබෑ බව දැනගත්තේය.
5
එවිට දාවිත් පිටත්වී සාවුල් කූඩාරම් ගසාගන සිටි ස්ථානයට ඇවිත් සාවුල්ද ඔහුගේ සේනාපතිවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද නිදා උන් ස්ථානය දුටුවේය. සාවුල් ගැල් තිබුණු ස්ථානයේ වැදහොත්තේය, සෙනඟ ඔහු වටකර කූඩාරම ගසාගන සිටියෝය.
6
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.
7
මෙසේ දාවිත්ද අබිෂයිද රාත්‍රියෙහි සෙනඟ ළඟට පැමිණිවිට, සාවුල් තමාගේ හෙල්ලය තමාගේ හිස ළඟ බිම සිටුවා, ගැල් තිබුණු ස්ථානයේ නිදා ඉන්නවා දුටුවෝය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදාඋන්නෝය.
8
එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.
9
දාවිත් කථාකොට: ඔහු විනාශනොකරන්න. ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව තමාගේ අත දිගුකර නිර්දෝෂව සිටින්ට පුළුවන් කාටදැයි අබිෂයිට කීවේය.
10
තවද දාවිත් කියනුයේ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ ඔහුට පහර දෙනසේක; නැතහොත් ඔහු මැරෙන දවස පැමිණෙන්නේය; නොහොත් ඔහු යුද්ධයට ගොස් නාස්තිවන්නේය.
11
මාගේ අත ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා. එහෙත් ඔහුගේ හිස ළඟ තිබෙන හෙල්ලයත් වතුර භාජනයත් අරගන්න, අපි යමුයයි කීවේය.
12
මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් ගෙන අහක්ව ගියේය; ඒක කවුරුවත් දුටුවේ නැත, දැනගත්තෙත් නැත, කිසිවෙක් පිබිදුණෙත් නැත. සියල්ලෝම නිදාඋන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් බර නින්දක් ඔවුන්ට පැමිණ තිබුණේය.
13
එවිට දාවිත් අනික් පැත්තට ගොස්, දෙගොල්ල අතරේ මහත් ඉඩ ප්‍රමාණයක් ඇති වන ලෙස කන්ද මුදුනේ දුරින් සිටියේය.
14
තවද දාවිත් සෙනඟටත් නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් හඬගසා: අබ්නේර්, ඔබ උත්තර නොදෙන්නෙහිදැයි කීය. එවිට අබ්නේර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ට හඬගසන ඔබ කවුදැ යි ඇසුවේය.
15
දාවිත්ද: ඔබ වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් නොවේද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන කෙනෙක් කවුද? ඔබේ ස්වාමිවූ රජ්ජුරුවන් ඔබ විසින් රැකවල් නොකළේ මක්නිසාද? ඔබේ ස්වාමිවූ රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුල්වූයේය.
16
ඔබ කළ මේ දෙය හොඳ නැත. ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තා වන ඔබ සැමගේ ස්වාමියා රැකවල් නොකළ නිසා ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සැම මරණයට සුදුස්සෝය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් දැන් කොහේද කියා බලන්නැයි කීවේය.
17
සාවුල් දාවිත්ගේ හඬ ඇඳින: මාගේ පුත්‍රවූ දාවිත්, ඔය ඔබේ හඬදැයි ඇසීය. දාවිත්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, ඒ මාගේ හඬය.
18
මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා පස්සේ එළවාගන එන්නේ මක්නිසාද? මා කළේ මොකද? මා අත තිබෙන දෝෂය මොකද?
19
එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: ඔබ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේ ගේ උරුමයට බැදී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.
20
නුමුත් ස්වාමීන්වහන්සේ ගේ මුහුණ ඉදිරිපිටින් දුරුව මාගේ ලේ බිම නොවැටේවා. මක්නිසාද යමෙක් කඳුවල වටුවෙකු පස්සේ එළවාගන යන්නාක්මෙන් ඉශ්රායෙල් රජ්ජුරුවෝ බලු මැක්කෙක් සොයන්ට පිටතට ආවෝයයි කීවේය.
21
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ ඔබට අනර්ඝව පෙනුණු නිසා ඔබට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.
22
දාවිත් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න! යෞවනයන්ගෙන් එක්කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියාවේ
23
ස්වාමීන්වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ ධර්මිෂ්ඨකමද විශ්වාසකමද ලෙස විපාකදෙනසේක්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඔබ මා අතට පාවාදුන් නුමුත් මම ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිගුකරන්ට නොකැමැතිවීමි.
24
ඉතින් අද දවසේ ඔබගේ ප්‍රාණය මට උතුම්ව පෙනුණාක් මෙන් මාගේ ප්‍රාණයද ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි උතුම්ව පෙනේවා, උන්වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවනසේක්වයි කීවේය.
25
එවිට සාවුල් කථාකොට: මාගේ පුත්‍රවූ දාවිත්, ඔබට ආශීර්වාදවේවා. ඔබ මහත් දේ ඉෂ්ටකරන්නෙහිය, ඒකාන්තයෙන් ජයගන්නෙහියයි දාවිත්ට කීවේය. පසුව දාවිත් යන්ට ගියේය, සාවුල්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31