bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Samuel 4
1 Samuel 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 5 →
1
සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.
2
පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසී යුද්ධය පැතිර ගිය විට, ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙහි පරාජය වූහ. ඔව්හු යුද භූමියෙහි සේනාවෙන් මනුෂ්‍යයන් හාරදාහක් පමණ මැරුවෝය.
3
සෙනඟ කඳවුරට ආ කල ඉශ්රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය.
4
ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.
5
ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
6
පිලිස්තිවරු ඒ ඝෝෂාවේ ශබ්දය අසා: හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ තිබෙන මේ මහත් ඝෝෂා ශබ්දය කිමෙක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේ ගේ පෙට්ටිය කඳවුරට පැමිණි බව ඔව්හු දැනගත්තෝය.
7
එවිට පිලිස්තිවරු භයවුණෝය, මක්නිසාද: දෙවියන්වහන්සේ කඳවුරට වැඩියසේකැයි ඔව්හු කීවෝය. ඔව්හු කථාකොට: අපට දුක්වේ! මක්නිසාද මෙබඳු දෙයක් මීට ප්‍රථම නොවීය.
8
අපට දුක්වේ! මේ බලවන්ත දෙවිවරුන්ගේ අතින් අප ගළවන්නේ කවුද? මේ වනාහි කාන්තාරයේදී මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහරදුන් දෙවිවරුය.
9
පිලිස්තිවරුනි, ශක්තිමත්ව පුරුෂයන්මෙන් සිටින්න, හෙබ්‍රෙව්වරුන් ඔබ සැමට මෙහෙකරුවන් වූ ලෙස ඔබ සැම ඔවුන්ට මෙහෙකරුවන් නොවන පිණිස පුරුෂයන් මෙන් සිට සටන්කරන්නැයි කීවෝය.
10
පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.
11
දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය.
12
බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.
13
ඔහු එන කොට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයේ හිඳගන බලා උන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන ඔහුගේ හිත ගැහි ගැහී තිබුණේය. ඒ මනුෂ්‍යයා නුවරට ඇවිත් එපවත් කී කල නුවර වැසි සියල්ලෝ මොරගැසුවෝය.
14
ඒලී ඒ මොරගැසීමේ ශබ්දය අසා: අර කෝලාහල ශබ්දය කිමෙක්දැයි ඇසීය. ඒ මනුෂ්‍යයා ඉක්මනින් ඇවිත් ඒලීට දැන්නුවේය.
15
ඒලී වනාහි අනූ අට අවුරුද්දක් වයස්ව සිටියේය; ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.
16
ඒ මනුෂ්‍යයා කථාකොට: සේනාවේ සිට ආ තැනැත්තා මමය, අද සේනාවේ සිට පලා ආමියි ඒලීට කීවේය. ඔහුද: මාගේ පුත්‍රය, එහි සිද්ධවුණේ කිමෙක්දැයි ඇසුවේය.
17
පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.
18
ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
19
ඔහුගේ ලේලි වන පීනෙහාස්ගේ භාර්යාව ගර්භිණීව බිහිකරන්ට ළංව සිටියාය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ බවත් ඇගේ මාමණ්ඩියද පුරුෂයාද මැරුණු බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනා හටගෙන නැබුරුවී බිහිකළාය.
20
ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කථාකොට: භයනොවන්න; ඔබ පුත්‍රයෙකු බිහිකළායයි ඈට කීවෝය. නුමුත් ඈ උත්තර දුන්නේවත් සැලකුවේවත් නැත.
21
දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද් යන නම තැබුවාය.
22
ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31