bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 20
Genesis 20
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 21 →
1
ආබ්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය.
2
ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා ගැන: ඈ මගේ සහෝදරීයයි කීවේය. එවිට ගෙරාර්හි රජවූ අබිමෙලෙක් මිනිසුන් යවා සාරා ගෙන්වා ගත්තේය.
3
නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, ඔබ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා ඔබ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.
4
නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද?
5
ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය.
6
දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, ඔබේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් ඔබ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට ඔබට ඉඩනෑරියෙමි.
7
එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු ඔබ ජීවත්වෙන පිණිස ඔබ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් ඔබද ඔබ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක.
8
අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය.
9
එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: ඔබ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි ඔබ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් ඔබට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? ඔබ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.
10
තවද අබිමෙලෙක්: ඔබ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය.
11
ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.
12
ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය.
13
තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: ඔබ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය.
14
අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද දාසයන්ද දාසීන්ද රැගෙන ආබ්‍රහම්ට දී ඔහුගේ භාර්යාවවූ සාරාද ඔහුට ආපසු දුන්නේය.
15
අබිමෙලෙක්: බලව, මාගේ දේශය ඔබ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.
16
ඔහු සාරාට කථාකොට: බලව, මම ඔබේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි ඔබට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය.
17
ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.
18
මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50