bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 27
Genesis 27
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 28 →
1
තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය.
2
එවිට ඔහු කථාකොට: බලව, මම මහලුව සිටිමි, මාගේ මරණයේ දවස නොදනිමි.
3
එබැවින් ඔබේ ආයුධ වන හීකොපුවත් දුන්නත් රැගෙන වනයට ගොස් මට මුව මස් ලබාගෙන,
4
මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය ඔබ සැමට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය.
5
ඊසාක් තමාගේ පුත්‍රවූ ඒසව්ට කථාකරන කල රෙබෙකාට ඇසුණේය. ඒසව් දඩයම්කොට මුව මස් ගෙනෙන පිණිස වනයට ගියේය.
6
එවිට රෙබෙකා ඇගේ පුත්‍රවූ යාකොබ්ට කථාකරමින්: බලව, ඔබේ පියා-මා විසින් කාලා මාගේ මරණයට ප්‍රථමයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබට ආශීර්වාදකරන පිණිස මට මුව මස් ගෙනවුත්
7
රසවත් කෑම සාදන්නැයි ඔබේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි.
8
එබැවින් මාගේ පුත්‍රය, මා ඔබට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරු වෙන්න.
9
දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් ඔබේ පියාට ප්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි.
10
ඔබේ පියා කාලා තමාගේ මරණයට ප්‍රථමයෙන් ඔබට ආශීර්වාදකරන පිණිස ඒවා ඔහු වෙතට රැගෙන යන්නැයි කීවාය.
11
යාකොබ් තම මවුවූ රෙබෙකාට කථාකොට: බලව, මාගේ සහෝදරවූ ඒසව් ලෝමික කෙනෙක්ය, මම වනාහි සිලුටු කෙනෙක්ය.
12
සමහරවිට මාගේ පියා මා අතගා බලයි, එවිට මා රැවටිලිකාරයෙක් මෙන් ඔහුට පෙනීයයි; එකල්හි ආශීර්වාදයක් නොව ශාපයක් මා පිටට වන්නේයයි කීය.
13
ඔහුගේ මවු: මාගේ පුත්‍රය, ඔබේ ශාපය මා කෙරෙහි වේවා. ඔබ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය.
14
ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය.
15
රෙබෙකා ඈ වෙත ගෙයි තිබුණු ඇගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ හොඳ වස්ත්‍ර රැගෙන ඇගේ බාල පුත්‍රවූ යාකොබ්ට අන්දවා,
16
එළු පැටියන්ගේ සම් ඔහුගේ අත්වලද සිලුටු බෙල්ලෙහිද ඇන්දෙවුවාය.
17
තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටීද ඇගේ පුත්‍රවූ යාකොබ් අතට දුන්නාය.
18
ඔහු තමාගේ පියා වෙතට අවුත්: මාගේ පියාණෙනියි කීය. ඔහු: මම මෙහිය; මාගේ පුත්‍රය, ඔබ කවුදැයි ඇසීය.
19
යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය.
20
ඊසාක්: මාගේ පුත්‍රය, මෙපමණ ඉක්මනට එය ඔබට සම්බවුණේ කොහොමදැයි තම පුත්‍රයාගෙන් ඇසීය. ඔහු: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඉක්මනින් ඉෂ්ටවෙන්ට සැලැස්වූ හෙයිනැයි කීය.
21
තවද ඊසාක්: මාගේ පුත්‍රය, ඔබ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා ඔබ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය.
22
එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නුමුත් අත් ඒසව්ගේ අත්යයි කීය.
23
ඔහුගේ අත් ඔහුගේ සහෝදරවූ ඒසව්ගේ අත් මෙන් ලෝමිකව තිබුණු බැවින් ඊසාක් ඔහු නොහැඳින ඔහුට ආශීර්වාදකෙළේය.
24
ඔබ මාගේ පුත්‍රවූ ඒසව්මදැයි ඔහු ඇසීය. එසේයයි ඔහු කීවේය.
25
ඊසාක්ද: ඒවා මා ළඟට ගෙනෙන්න, මාගේ ආත්මය ඔබට ආශීර්වාදකරන පිණිස මාගේ පුත්‍රයාගේ මුව මස් කන්නෙමියි කීවේය. එසේ ඔහු ඒවා ඔහු ළඟට ගෙනගියේය, ඊසාක් කෑයේය. මුද්‍රිකපානයත් ඔහු ළඟට ගෙනගියේය, ඔහු බීවේය.
26
එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත්‍රය, ළඟට අවුත් මා සිඹගන්නැයි ඔහුට කීය.
27
එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
28
එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද ඔබට දෙන සේක්වා.
29
මනුෂ්‍ය වර්ගයෝ ඔබට සේවය කෙරෙත්වා, ජාතීහු ඔබ බැහැදකිත්වා. ඔබේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, ඔබේ මෑණියන්ගේ පුත්‍රයෝ ඔබ බැහැදකිත්වා. ඔබට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, ඔබට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
30
ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට නිමවූ කෙණෙහිම, යාකොබ් තමාගේ පියවූ ඊසාක් ඉදිරියෙන් පිටතට යන කොටම, ඔහුගේ සහෝදරවූ ඒසව් තමාගේ දඩයමින් හැරී ආයේය.
31
ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය.
32
එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඔබ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්යයි ඔහු කීය.
33
එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම ඔබ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.
34
තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය.
35
ඔහු: ඔබේ සහෝදරයා රැවටිල්ලෙන් අවුත් ඔබේ ආශීර්වාදය හැරගත්තේයයි කීය.
36
එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය.
37
ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු ඔබේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, ඔබට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය.
38
ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය.
39
එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, ඔබේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය;
40
ඔබේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, ඔබේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද ඔබ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ ඔබේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.
41
ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.
42
තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, ඔබේ සහෝදරවූ ඒසව් ඔබ නසන්ට සිතාගන ඔබ ගැන තමාම සනසාගනියි.
43
එහෙයින් මාගේ පුත්‍රය, ඔබ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;
44
ඔබේ සහෝදරයාගේ කෝපය පහවෙන තුරු, ඔබේ සහෝදරයාගේ තරහ ඔබ කෙරෙන් පහවී ඔබ ඔහුට කළ දේ සිහිනැති වෙනකල්, ස්වල්ප දිනක් එහි සිටින්න.
45
එවිට මම එතැනින් ඔබ ගෙන්වාගන්නෙමි. එක දවසේ ඔබ සැම දෙදෙනාම මට නැතිවෙන්නේ මක්නිසාදැයි කීවාය.
46
රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50