bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 43
Genesis 43
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 42
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 44 →
1
දේශයෙහි සාගතය බලවත්ව පැවතුණේය.
2
ඔවුන් මිසරයෙන් ගෙනාවාවූ ධාන්‍ය කාලා ඉවර වූ කල ඔවුන්ගේ පියා ඔවුන්ට කථාකොට: නැවත ගොස් අපට ආහාර ටිකක් මිලේට ගන්නැයි කීවේය.
3
යූදා ඔහුට කථාකොට: ඔබ සැමගේ සහෝදරයා ඔබ සැම සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.
4
ඔබ අපගේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම් අපි ගොස් ඔබට ආහාර මිලේට ගන්නෙමුව.
5
එහෙත් ඔබ ඔහු නොයවන්නෙහිනම් අපි නොයමුව. මක්නිසාද ඒ මනුෂ්‍යතෙමේ-ඔබ සැමගේ සහෝදරයා ඔබ සැම සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි අපට කීයේයයි කීය.
6
ඉශ්‍රායෙල්ද: ඔබ සැමට තව සහෝදරයෙක් ඉන්න බව ඒ මනුෂ්‍යයාට කීමෙන් මට එපමණ දුකක් පැමිණෙවුවේ මක්නිසාදැයි කීවේය.
7
ඔව්හුද: ඔබ සැමගේ පියා තවම ජීවත්ව සිටින්නේද? ඔබ සැමට තව සහෝදරයෙක් ඉන්නේදැයි කියමින් ඒ මනුෂ්‍යයා අප ගැනත් අපේ නෑයන් ගැනත් විශේෂලෙස අපෙන් විචාළේය; ඒ වචන ප්‍රකාරයට අපි ඔහුට දැන්නුවෙමු. ඔබ සැමගේ සහෝදරයා මෙහි ගෙනෙන්නැයි ඔහු කියන බව අපට යම් හැටියකින් දැනගන්ට පුළුවන්වීදැයි කීවෝය.
8
යූදා තමාගේ පියවූ ඉශ්රායෙල්ට කථාකොට: අප සහ ඔබත් අපේ දරුවනුත් නොනැසී ජීවත්වන ලෙස අප පිටත්වී යන පිණිස තරුණයා මා සමඟ යැවුව මැනවි.
9
මම ඔහු වෙනුවට ඇපකාරයෙක් වන්නෙමි; ඔබ මා අතින් ඔහු ඉල්ලනු මැනවි. ඉදින් මම ඔබ වෙතට ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි නොසිටෙවුවෙම් නම්, ඒ දෝෂය හැම කල්හි මා පිට වේවා.
10
මක්නිසාද අපි ප්‍රමාද නූණෙමුනම් සැබවින්ම දෙවෙනි වරත් ගොස් මෙලහකට හැරී එන්ට තිබුණේයයි කීය.
11
ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද ඔබ සැමගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.
12
මුදල් දෙගුණයක් ඔබ සැමගේ අත්වල තබාගන්න; ඔබ සැමගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත ඔබ සැමගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත.
13
ඔබ සැමගේ සහෝදරයාද කැඳවාගෙන පිටත්වී ඒ මනුෂ්‍යයා වෙතට නැවත යන්න.
14
ඒ මනුෂ්‍යයා ඔබ සැමගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද ඔබ සැමට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් ඔබ සැමට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.
15
ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය.
16
යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය.
17
ඒ මනුෂ්‍යයා යෝසෙප් අණකළ ලෙස කෙළේය; ඔහු ඒ මනුෂ්‍යයන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගියේය.
18
එසේ යෝසෙප්ගේ ගෙට තමන් කැඳවාගෙන ගිය බැවින් ඒ මනුෂ්‍යයෝ භයවූහ; ඔව්හු කථාකොට: අප ඇතුළට ගෙනයන්නේ පළමු වර අපේ ගෝණිවල තිබී නැවත ලැබුණු මුදල් නිසා අප පිටට වරද පමුණුවා, අප අල්ලා, අප දාසයන් කරගෙන, අපේ කොටළුවන්ද ගන්නා පිණිසයයි කීවෝය.
19
ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්:
20
අනේ ස්වාමීනි, පළමු වර අපි ආහාර මිලේට ගන්නා පිණිස ආවෙමු.
21
තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු.
22
ආහාර මිලේට ගන්නා පිණිස වෙන මුදල්ද අප අත්වල ගෙනාවෙමුව. අපේ මුදල් අපේ ගෝණිවල දැමුවේ කවුදැයි නොදනිමුයයි කීවෝය.
23
ඔහුද: ඔබ සැමට සමාදානය වේවා, භයනොවන්න. ඔබ සැමගේ ද ඔබ සැමගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ ඔබ සැමගේ ගෝණිවල ඔබ සැමට වස්තුවක් දුන්සේක. ඔබ සැමගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය.
24
ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය.
25
තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය.
26
යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය.
27
ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: ඔබ සැම කී මහලු මනුෂ්‍යයාවූ ඔබ සැමගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය.
28
ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය.
29
ඔහු තමාගේ ඇස් ඔසවා තමාගේ මවුගේ පුත්‍රවූ තමාගේ සහෝදරවූ බෙන්යමින් දැක: ඔබ සැම කී ඔබ සැමගේ බාල සහෝදරයා මොහුදැයි අසා: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේ ඔබට කරුණාකරනසේක්වයි කීවේය.
30
යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය.
31
ඔහු මුහුණ සෝදා පිටතට අවුත් තමාව හික්මවාගෙන: කෑම අරින්නැයි කීය.
32
ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.
33
ඔව්හු ඔහු ඉදිරියෙහි වැඩිමලා තමාගේ කුලුඳුල්කම ලෙසද බාලයා තමාගේ බාලකම ලෙසද හිඳගන උන්නෝය. ඊට ඒ මනුෂ්‍යයෝ පුදුමයෙන් ඔවුනොවුන් දෙස බැලුවෝය.
34
ඔහු තමන් ඉදිරියෙන් කෑම කොටස් ඔවුන්ට යැවුවේය. ඔවුන් සියල්ලන්ගේ කොටස්වලට වඩා බෙන්යමින්ගේ කොටස පස් වරක් වැඩිව තිබුණේය. ඔව්හු බී ඔහු සමඟ ප්‍රීතිමත් වූහ.
← Chapter 42
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 44 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50