bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 44
Genesis 44
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 45 →
1
තවද ඔහු තමාගේ ගෙයි ගබඩාකාරයාට අණකොට: ගෙනගිය හැකි පමණ ආහාරයෙන් ඒ මනුෂ්‍යයන්ගේ ගෝණි පුරවා එක් එක්කෙනාගේ මුදල ඒ ඒ තැනැත්තාගේ ගෝණි කටේ තබන්න.
2
තවද බාලයාගේ ගෝණි කටේ මගේ කුසලාන එනම් රිදී කුසලානද ඔහුගේ ධාන්‍ය මුදලද තබන්නැයි කීවේය. ඔහු යෝසෙප් කී ලෙස කෙළේය.
3
උදය එළිවූ වහාම ඒ මනුෂ්‍යයෝද ඔවුන් සමඟ ඔවුන්ගේ කොටළුවෝද පිටත් කරනලද්දෝය.
4
ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; ඔබ ඔවුන් කිට්ටුකළාම: ඔබ සැම යහපතට අයහපත කළේ මක්නිසාද?
5
මාගේ ස්වාමියා බොන්නෙත් ශාස්ත්‍ර කියන්නෙත් මේකෙන් නොවේද? ඔබ සැම කළේ නපුරු ක්‍රියාවකැයි කියන්නැයි කීවේය.
6
ඔහු ඔවුන් කිට්ටුකර මේ වචන ඔවුන්ට කීවේය.
7
ඔව්හුද: අපේ ස්වාමියා මෙයාකාර වචන කියන්නේ මක්නිසාද? එබඳු දෙයක් කිරීම ඔබගේ මෙහෙකරුවන්ගෙන් දුරුවේවා.
8
බැලුව මැනවි, අපේ ගෝණි කටවල තිබී අපට සම්බවූ මුදල් අපි කානාන් දේශයේ සිට නැවත ඔබ වෙතට ගෙනාවෙමු. එසේවී නම් අප විසින් ඔබගේ ස්වාමියාගේ ගෙයින් රන්වත් රිදීවත් සොරකම්කරන්නේ කොහොමද?
9
ඔබගේ මෙහෙකරුවන්ගෙන් යමෙකු වෙත ඒක තිබී සම්බවුණොත් ඔහු නසීවා, අපිද මාගේ ස්වාමියාට දාසයෝ වන්නෙමුයයි කීවෝය.
10
ඔහුද: දැනුදු ඔබ සැමගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; ඔබ සැම නිර්දෝෂවන්නහුයයි කීවේය.
11
එවිට ඔව්හු ඉක්මන් කොට සියල්ලෝ තම තමාගේ ගෝණි බිමට බා තම තමාගේ ගෝණි ලිහුවෝය.
12
ඔහු වැඩිමහල්ලාගෙන් පටන්ගෙන බාලයා දක්වා, සෙවු කල කුසලාන බෙන්යමින්ගේ ගෝණියෙහි තිබී සම්බවිය.
13
එවිට ඔව්හු තමන් වස්ත්‍ර ඉරාගෙන තම තමන්ගේ කොටළුවන් පිට බඩු පටවා නුවරට හැරීගියෝය.
14
යූදාද ඔහුගේ සහෝදරයෝද යෝසෙප්ගේ ගෙට පැමුණුණෝය; ඔහු ඒ වනතෙක් එහි සිටියේය. ඔව්හු වනාහි ඔහු ඉදිරියෙහි බිම වැටුණෝය.
15
යෝසෙප්: ඔබ සැම කළාවූ මේ ක්‍රියාව කිමෙක්ද? මා වැනි මනුෂ්‍යයෙකුට ශාස්ත්‍ර කියන්ට සැබවින්ම පුළුවන් බව නොදනිවුදැයි ඔවුන්ට කීවේය.
16
යූදා කියනුයේ: මාගේ ස්වාමියාට අපි කුමක් කියමුද? කුමක් කථාකරමුද? අපි කෙසේ අපම නිර්දෝෂකරගනිමුද? දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක. බැලුව මැනවි, කුසලාන යමෙකු අත තිබී සම්බවීද ඔහුත් අපිත් මාගේ ස්වාමියාගේ දාසයෝ යයි කීය.
17
ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; ඔබ සැම ඔබ සැමගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.
18
එවිට යූදා ඔහුට ළංවී: අහෝ, ස්වාමීනි, ඔබගේ දාසයාට මාගේ ස්වාමීන් ඉදිරියෙහි වචනයක් කියන්ට අවසර ලැබේවා, ඔබගේ උදහස ඔබගේ මෙහෙකරුවාට විරුද්ධව නොඇවිළේවා. මක්නිසාද ඔබ ඵාරාවෝ හා සමානය.
19
ඔබ සැමට පියෙක්වත් සහෝදරයෙක්වත් ඇත්තේදැයි මාගේ ස්වාමියා ඔබගේ මෙහෙකරුවන්ගෙන් ඇසුවේය.
20
අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු.
21
ඔබද: මාගේ ඇස්වලින් ඔහු දකින පිණිස ඔහු මා වෙතට ගෙනෙන්නැයි ඔබගේ දාසයන්ට කීවෙහිය.
22
ළමයාට තමාගේ පියා අත් අරින්ට බැරිය. ඔහු තමාගේ පියා අත්ඇරියොත් ඔහුගේ පියා මැරේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමුව.
23
ඔබද: ඔබ සැමගේ බාල සහෝදරයා ඔබ සැම සමඟ ආවොත් මිස නැත්නම් ඔබ සැම තවත් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඔබගේ මෙහෙකරුවන්ට කීයෙහිය.
24
තවද අපි ඔබගේ දාසවූ මාගේ පියාණන් වෙතට පැමිණි කල්හි මාගේ ස්වාමීන්ගේ වචන ඔහුට කීවෙමුව.
25
ඔබ සැම නැවත ගොස් අපට කෑම ටිකක් මිලේට ගන්නැයි අපේ පියා කීවේය.
26
එවිට අපි-අපට යන්ට බැරිය. අපේ බාල සහෝදරයා අප සමඟ යන්නේ නම් යමුව. මක්නිසාද අපේ බාල සහෝදරයා අප සමඟ නොගියොත් ඒ මනුෂ්‍යයාගේ මුහුණ දකින්ට අපට අවසර නොලැබෙන්නේයයි කීමුව.
27
ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව ඔබ සැම දන්නහුය.
28
එක්කෙනෙක් මා කෙරෙන් ගියේය, සැබවින්ම ඔහු ඉරාදමනලද්දේයයි කීමි; එදා පටන් ඔහු නුදුටිමි.
29
ඔබ සැම මොහුත් මා කෙරෙන් ගෙන ගොස් ඔහුට නපුරක් පැමුණුණොත්, ඔබ සැම මාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවනවා ඇතැයි කීය.
30
ඉතින් ළමයා අප සමඟ නැතුව ඔබගේ මෙහෙකරුවූ මාගේ පියා වෙතට මා පැමිණි කල ඔහුගේ ප්‍රාණය ළමයාගේ ප්‍රාණයට බැඳී තිබෙන බැවින්,
31
ළමයා අප සමඟ නැති බව දක්නා විට ඔහු මියයන්නේය. මෙසේ ඔබගේ මෙහෙකරුවෝ ඔබගේ මෙහෙකරුවූ අපේ පියාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවන්නෝය.
32
මක්නිසාද: මම ඔහු ඔබ වෙතට නොගෙනායෙම් නම් මාගේ පියාට සෑම කල්හිම දෝෂකාරයෙක් වෙන්නෙමැයි කියා ඔබගේ මෙහෙකරුවා ළමයා වෙනුවට මාගේ පියාට ඇපකාරයෙක් වුණේය.
33
එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි.
34
මක්නිසාද ළමයා මා සමඟ නැතුව මාගේ පියා වෙතට මා යන්නේ කෙසේද? එසේ ගියොත් මාගේ පියාට සිද්ධවෙන විපත මට දකින්ට වෙනවා ඇතැයි කීවේය.
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 45 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50