bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 42
Genesis 42
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 41
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 43 →
1
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකොබ් දැක තම පුත්‍රයන්ට කථාකොට: ඔබ සැම එකිනෙකා දෙස බල බලා සිටින්නේ මක්නිසාද?
2
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස ඔබ සැම එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.
3
එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය.
4
නුමුත් යාකොබ් යෝසෙප්ගේ සහෝදරවූ බෙන්යමින් ඔහුගේ සහෝදරයන් සමඟ නොයැවීය; කුමක් හෙයින්ද: සමහරවිට ඔහුට නපුරක් පැමිණෙන්ට පුළුවනැයි ඔහු කීවේය.
5
සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට ආ තැනැත්තන් අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝද ආවෝය.
6
යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.
7
යෝසෙප් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳිනගත්තේය, නුමුත් නාඳුනන්නාක් මෙන් පෙන්වා තද ලෙස ඔවුන්ට කථාකොට: ඔබ සැම කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමුයයි ඔව්හු කීවෝය.
8
යෝසෙප් තමාගේ සහෝදරයන් ඇඳිනගත් නුමුත් ඔව්හු ඔහු ඇඳිනනොගත්තෝය.
9
එවිට යෝසෙප් තමා ඔවුන් ගැන දුටු ස්වප්න සිහිකොට: ඔබ සැම ඔත්තුකාරයෝය; දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔවුන්ට කීය.
10
ඔව්හු: නැත ස්වාමීනි, ආහාර මිලේට ගන්නා පිණිස ඔබගේ මෙහෙකරුවෝ ආවෝය.
11
අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.
12
නැත, දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔහු ඔවුන්ට කීය.
13
ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.
14
එවිට යෝසෙප්: මා ඔබ සැමට කීවේ ඒකමය, ඔබ සැම ඔත්තුකාරයෝය.
15
මෙයින් ඔබ සැම පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා ඔබ සැමගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් ඔබ සැම මෙතැනින් නොයන්නහුයයි කියමි.
16
ඔබ සැම තුළ සැබෑකම තිබේද කියා ඔබ සැමගේ වචනවලින් පරීක්ෂාකරනු ලබන පිණිස අනික් අය හිරඅඩස්සියේ සිටියදී ඔබ සැමගේ සහෝදරයා ගෙනෙන්ට ඔබ සැමගෙන් එක්කෙනෙකු යවන්න. නැතහොත් ඵාරාවෝගේ ජීවිතය පා සැබවින්ම ඔබ සැම ඔත්තුකාරයෝයයි කියමියි කීය.
17
මෙසේ කියා ඔහු ඔවුන් සියල්ලන් තුන් දවසක් එකට හිරගෙයි තැබුවේය.
18
තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: ඔබ සැම ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.
19
ඔබ සැම අවංක මනුෂ්‍යයෝ නම් ඔබ සැමගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් ඔබ සැම සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී ඔබ සැම ඔබ සැමගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
20
ඔබ සැමගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් ඔබ සැමගේ වචන සැබෑවන්නේය, ඔබ සැමද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය.
21
ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.
22
රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම ඔබ සැමට නොකීයෙම්ද? එහෙත් ඔබ සැම ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.
23
යෝසෙප් සහ ඔවුන් අතරේ තෝල්කකෙනෙක් සිටි නිසා ඔහුට තේරුණු බවක් ඔව්හු දැනනොගත්තෝය.
24
ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.
25
එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.
26
එසේ ඔවුන්ට කරනලද්දේය. ඔව්හු තමන්ගේ කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය.
27
නවාතැන්පළේදී ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ කොටළුවාට ගොදුරු දෙන්ට තමාගේ ගෝණිය ඇරිය කල තමාගේ මුදල් තිබෙනවා දුටීය; ඒවා ඔහුගේ ගෝණි කටෙහි තිබුණේය.
28
ඔහු තම සහෝදරයන්ට කථාකොට: මාගේ මුදල් නැවත ලැබී තිබේ; මෙන්න, ඒවා මාගේ ගෝණියෙහි තිබේයයි කීය. එවිට ඔවුන්ගේ සිත් කිඳා ගියේය, ඔව්හු වෙවුලමින් එකිනෙකා දෙසට හැරී: දෙවියන්වහන්සේ අපට කළාවූ මේ දේ කිමෙක්දැයි කීවෝය.
29
ඔව්හු කානාන් දේශයට තමන්ගේ පියවූ යාකොබ් වෙතට අවුත් තමන්ට සිදුවූ සියල්ල ඔහුට දන්වමින්:
30
දේශයේ අධිපතියාවූ ඒ මනුෂ්‍යයා තද ලෙස අපට කථාකොට අපි දේශයෙහි ඔත්තු බලන්නෝයයි සිතුවේය.
31
අපි ඔහුට කථාකොට: අපි අවංක මනුෂ්‍යයෝය; ඔත්තුකාරයෝ නොවමුව.
32
අපි සහෝදරයන් දොළොස්දෙනෙක්ය, එක පියාගේ දරුවෝය; එක්කෙනෙක් නැත්තේය, බාලයා දැනට කානාන් දේශයෙහි අපේ පියා සමඟ සිටීයයි කීමුව.
33
එවිට දේශයේ අධිපතියාවූ ඒ මනුෂ්‍යයා අපට කථාකොට: ඔබ සැම අවංක මනුෂ්‍යයන් බව මෙයින් දැනගන්නෙමි; ඔබ සැමගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මා ළඟ නවත්වා, ඔබ සැමගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
34
ඔබ සැමගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න. එවිට ඔබ සැම ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට ඔබ සැමගේ සහෝදරයා ඔබ සැමට භාරදෙන්නෙමි, ඔබ සැමට දේශයෙහි වෙළඳාම්කරන්ට පුළුවන කියා කීයේයයි කීවෝය.
35
තවද ඔවුන් තමන්ගේ ගෝණි සිස්කළ කල්හි, බලව, එක් එක්කෙනාගේ මුදල් මිටිය තම තමාගේ ගෝණියෙහි තිබුණේය. ඔව්හුද ඔවුන්ගේ පියාද ඔවුන්ගේ මුදල් මිටි දැක භයවුණෝය.
36
ඔවුන්ගේ පියවූ යාකොබ්: ඔබ සැම මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, ඔබ සැම බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.
37
එවිට රූබෙන් තමාගේ පියාට කථාකොට: මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම්නම් මාගේ පුත්‍රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු භාරදුන මැනවි, මම ඔහු ඔබ ළඟට නැවත ගෙනඑන්නෙමියි කීවේය.
38
නුමුත් ඔහු: මාගේ පුත්‍රයා ඔබ සැම සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් ඔබ සැම යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් ඔබ සැම මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.
← Chapter 41
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 43 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50