bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 35
Genesis 35
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 36 →
1
දෙවියන්වහන්සේ යාකොබ්ට කථාකොට: නැගිට බෙතෙල්ට ගොස් එහි වාසය කරන්න. ඔබේ සහෝදරවූ ඒසව් ඉදිරියෙන් ඔබ පලා ගිය කල්හි ඔබට පෙනුණු දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නැයි කීසේක.
2
එවිට යාකොබ් තමාගේ පවුලටත් තමා සමඟ සිටි සියල්ලන්ටත් කථාකොට: ඔබ සැම අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්රවී, ඔබ සැමගේ වස්ත්ර මාරුකරන්න.
3
නැගිට බෙතෙල්ට යමු; මාගේ විපත්තියේ දවසෙහි මට උත්තරදුන්නාවූ, මා ගිය මාර්ගයෙහිදී මා සමඟ සිටියාවූ දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නෙමියි කීය.
4
එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.
5
ඔව්හු ගමන්කළෝය. ඔවුන් අවට තිබුණු නුවරවල් කෙරෙහි මහත් භයක් පැමුණුණු බැවින් ඔව්හු යාකොබ්ගේ පුත්රයන් ලුහු නොබැන්දෝය.
6
මෙසේ යාකොබ්ද ඔහු සමඟ සිටියාවූ සියල්ලෝද කානාන් දේශයෙහි වූ ලූස්ට පැමුණුණාහ. ඒ වනාහි බෙතෙල් නම් ස්ථානයයි.
7
ඔහු එහි පූජාසනයක් ගොඩනගා ඒ ස්ථානයට ඒල්-බෙතෙල් යන නම තැබුවේය. මක්නිසාද ඔහු තම සහෝදරයා ඉදිරියෙන් පලා ගිය කල්හි දෙවියන්වහන්සේ එතැන්හි ඔහුට ප්රකාශවූසේක.
8
රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.
9
යාකොබ් පදන්-අරාමෙන් ආ කල දෙවියන්වහන්සේ නැවත ඔහුට පෙනී ඔහුට ආශීර්වාදකළ සේක.
10
දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ නම යාකොබ්ය. මින්මතු ඔබේ නාමය යාකොබ් නොව ඉශ්රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්රායෙල් යයි නම්තැබූසේක.
11
තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; ඔබෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, ඔබේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;
12
මම ආබ්රහම්ටද ඊසාක්ටද දුන් දේශය ඔබට දෙන්නෙමි, ඔබට පසුව ඔබේ වංශයට ඒ දේශය දෙන්නෙමියි කීසේක.
13
තවද දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයේ සිට ඔහු වෙතින් නැගී ගියසේක.
14
යාකොබ් උන්වහන්සේ තමා සමඟ කථාකළ ස්ථානයෙහි කණුවක් එනම් ගල්කණුවක් සිටුවා ඒ පිට බොන පූජාවක් වත්කෙළේය. ඒ පිට තෙල්ද වත්කෙළේය.
15
යාකොබ් වනාහි දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයට බෙතෙල් යන නම තැබීය.
16
ඔව්හු බෙතෙල් සිට ගමන්කළෝය; එප්රාත්ට පැමිණෙන්ට මඳක් දුර තිබියදී රාඛෙල් ප්රසව වේදනාවට පත්ව මහත් අමාරු වින්දාය.
17
තවද ඇගේ වැදීමේ අමාරුවේදී වින්නඹුව ඈට කථාකොට: භයනොවෙන්න; ඔබ තව පුත්රයෙකු ලබන්නෙහියයි කීවාය.
18
ඈ මළාය, ඇගේ ප්රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින් යන නම තැබීය.
19
මෙසේ රාඛෙල් නැසී එප්රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය.
20
යාකොබ්ද ඇගේ සොහොන පිට කණුවක් සිටෙවුවේය. ඒක අද දක්වා රාඛෙල්ගේ සොහොන් කණුවය.
21
ඉශ්රායෙල් ගමන්කොට ඒදෙර් කොතට එහා තමාගේ කූඩාරම ගසාගත්තේය.
22
තවද ඉශ්රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්රයෝ දොළොස් දෙනෙක්ය.
23
ලෙයාගේ පුත්රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.
24
රාඛෙල්ගේ පුත්රයෝ යෝසෙප් සහ බෙන්යමින්ය.
25
රාඛෙල්ගේ දාසීවූ බිල්හාගේ පුත්රයෝ දාන් සහ නප්තලීය.
26
ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්රයෝ මොව්හුය.
27
යාකොබ් ආබ්රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිර්යත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්රොන්ය.
28
ඊසාක්ගේ වයස එකසිය අසූ අවුරුද්දක්ය.
29
ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 36 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50