bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 31
Genesis 31
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 32 →
1
යාකොබ් අපේ පියා සන්තකවූ සියල්ලම පැහැරගත්තේය; අපේ පියාට තිබුණු දෙයින් මේ සියලු සම්පත ඔහු ලබාගත්තේයයි ලාබන්ගේ පුත්‍රයන් කී වචන යාකොබ්ට ඇසුණේය.
2
ලාබන්ගේ මුහුණ තමා කෙරෙහි ඉස්සර වාගේ ප්‍රිය නැති බව යාකොබ් දුටුවේය.
3
ඔබේ පියවරුන්ගේ දේශයටද ඔබේ නෑයන් වෙතටද හැරී යන්න; මම ඔබ සමඟ සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ට කීසේක.
4
යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන:
5
ඔබ සැමගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමඟ සිටිසේක.
6
මා විසින් මාගේ මුළු ශක්තියෙන් ඔබ සැමගේ පියාට මෙහෙකළ බව ඔබ සැම දන්නහුය.
7
ඔබ සැමගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක.
8
ලප ඇතිවුන් ඔබේ කුලී වන්නේයයි ඔහු කී කල, මුළු රැළ ලප ඇතිවුන් බිහිකළෝය. රේඛා ඇතිවුන් ඔබේ කුලී වන්නෙහියයි කී කල, මුළු රැළ රේඛා ඇතිවුන් බිහිකළහ.
9
මෙසේ දෙවියන්වහන්සේ ඔබ සැමගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක.
10
තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි.
11
එවිට දෙවියන්වහන්සේගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහියයි කීයෙමි.
12
උන්වහන්සේ: දැන් ඔබේ ඇස් ඔසවා බලව, සිව්පා රැළ පිට නගින සියලු එළුවෝ රේඛාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබන් ඔබට කරන සියල්ල දුටුවෙමි.
13
මම වනාහි ඔබ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව ඔබ උපන් රටට හැරී යන්නැයි කීසේකැයි කීය.
14
එවිට රාඛෙල්ද ලෙයාද උත්තරදෙමින්: තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද?
15
ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකරදැම්මේය.
16
දෙවියන්වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන්වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය.
17
එකල යාකොබ් නැගිට තම පුත්‍රයන් සහ භාර්යාවන් ඔටුවන් පිට නංවා,
18
තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.
19
එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
20
යාකොබ් තමා පලා යන බව අරාමියවූ ලාබන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය.
21
මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලාගියේය.
22
යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය.
23
එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහුබඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය.
24
දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: ඔබ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.
25
ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමඟ ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය.
26
ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක්‍රියාවක්ද?
27
මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව ඔබ පිටත් කරන පිණිස මට නොදන්වා,
28
සැඟවී රහසින් පලාගියේ මක්නිසාද? ඔබ අනුවණ ලෙස ක්‍රියාකෙළෙහිය.
29
ඔබ සැමට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්රියේදී ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට-යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.
30
ඉතින් ඔබේ පියාගේ ගෙදරට යන්ට ඔබ අතිශයින් ආශා ඇති බැවින් ඔබ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය.
31
යාකොබ් උත්තරදෙමින්: ඔබ බලාත්කාරයෙන් ඔබේ දූවරුන් මා කෙරෙන් පැහැරගන්නෙහි දෝහෝයි සිතා මා භයවූ නිසාය.
32
කවරෙකු ළඟ නුමුත් ඔබේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. ඔබේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගන්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය.
33
එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලෙයාගේ කූඩාරමටත් දාසීන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුල්වී සෙවූ නුමුත් ඒවා සම්බනූණේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාඛෙල්ගේ කූඩාරමට ඇතුල් විය.
34
රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.
35
ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත්රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය.
36
එවිට යාකොබ් කිපී ලාබන් සමඟ විවාදකොට උත්තරදෙමින්: ඔබ වේගයෙන් මා පස්සේ එළවාගන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද?
37
ඔබ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; ඔබේ ගෙයි බඩු සියල්ලෙන් ඔබට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද ඔබේ සහෝදරයන්ද ඉදිරියේ තබන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා.
38
දැනට විසි අවුරුද්දක් ඔබ සමඟ සිටියෙමි; ඔබේ බැටළුදෙන්නුද ඔබේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, ඔබේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.
39
වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් ඔබ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් ඔබ මා අතින් අය කෙළෙහිය.
40
දවාලේ රස්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව ගියේය.
41
මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද ඔබේ ගෙයි සිටියෙමි; ඔබේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද ඔබේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. ඔබ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.
42
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් ඔබ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ ඔබට තරවටුකළසේකැයි ලාබන්ට කීය.
43
ලාබන් උත්තරදෙමින්: දූවරු මාගේ දූවරුය, දරුවෝ මාගේ දරුවෝය, රැළවල් මාගේ රැළවල්ය, ඔබට පෙනෙන මේ සියල්ල මාගේය. මේ මාගේ දූවරුන්ට හෝ ඔවුන්ට බිහිකළ දරුවන්ට හෝ අද කුමක් කළහැකිවෙම්ද?
44
ඉතින් දැන් එන්න, මමත් ඔබත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ ඔබ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය.
45
යාකොබ් ගලක් රැගෙන කණුවක් කොට සිටුවා:
46
ගල් රැස් කරන්නැයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය.
47
ලාබන් ඊට ඉගර්-සාහදූතා යන නම තැබුවේය. එහෙත් යාකොබ් ඊට ගල්යේද් යන නම තැබුවේය.
48
අද මේ ගොඩ මා සහ ඔබ අතරේ සාක්ෂියක්යයි ලාබන් කීවේය. එහෙයින් ඊට ගල්යේද් යන නම තබනලද්දේය.
49
තවද එයට මිශ්පායයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේ බලාඉන්නසේක්වා.
50
ඉදින් ඔබ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ ඔබ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය.
51
තවද ලාබන්: මා සහ ඔබ අතරේ මා සිටෙවූ මේ ගොඩත් මේ කණුවත් බලන්න.
52
නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර ඔබ වෙතට නේන බවටත් ඔබ මේ ගොඩ සහ මේ කණුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා, මේ කණුවද සාක්ෂි වේවා.
53
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.
54
තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.
55
ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 32 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50