bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 21
Genesis 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 22 →
1
ස්වාමීන්වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක, ස්වාමීන්වහන්සේ කථාකළ ලෙස සාරාට කළසේක.
2
සාරා ගර්භිණීව දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කීවාවූ නියම කාලයෙහිදී ඔහුගේ මහලු වයසෙහි ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.
3
ආබ්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබීය.
4
දෙවියන්වහන්සේ තමාට අණ දුන් ලෙස ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක්ට අට දවසක් වයස්වූ කල්හි ඔහු චර්මඡේද්‍යයකෙළේය.
5
ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේය.
6
දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇතැයි සාරා කීවාය.
7
තවද: සාරා දරුවන්ට කිරිදෙනවා ඇතැයි ආබ්‍රහම්ට කියන්ට සිතුවේ කවුද? මක්නිසාද මම ඔහුට ඔහුගේ මහලු වයසෙහිදී පුත්‍රයෙකු වැදුවෙමියි ඈ කීවාය.
8
ළදරුවා වැඩී කිරිවැරුවේය. ඊසාක් කිරිවැරූ දවසෙහි ආබ්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙළ කෙළේය.
9
මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ පුත්‍රයා ඊසාක්ට සරදම්කරනවා සාරා දුටුවාය.
10
එහෙයින් ඈ ආබ්‍රහම්ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත්‍රයා පිටත දමන්න. මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මාගේ පුත්‍රයාවූ ඊසාක් සමඟ උරුමක්කාර නොවන්නේයයි කීවාය.
11
ආබ්‍රහම්ට මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය.
12
එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් ඔබේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා ඔබට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න; මක්නිසාද ඔබේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය.
13
දාසියගේ පුත්‍රයා ඔබේ බීජය බැවින්, ඔහුගෙන්ද ජාතියක් කරන්නෙමියි ආබ්‍රහම්ට කීසේක.
14
ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
15
භාජනයෙහි වතුර ඉවර විය, ඈ දරුවා පඳුරක් යට තබා ගොස්
16
ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය.
17
දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, ඔබට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක.
18
නැගිට ළමයා ඔසවා ඔබේ අතින් අල්ලා ගනින්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක.
19
දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.
20
තවද දෙවියන්වහන්සේ ළමයා සමඟවූසේක, ඔහු වැඩී වනයෙහි වාසයකොට දුනුකාරයෙක් විය.
21
ඔහු පාරාන් නම්වූ වනයෙහි වාසය කෙළේය. ඔහුගේ මවු ඔහුට මිශරදේශයෙන් භාර්යාවක් ගෙන දුන්නාය.
22
ඒ කාලයෙහි අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් ආබ්‍රහම්ට කථාකොට: ඔබ කරන සියල්ලේදී දෙවියන්වහන්සේ ඔබ හා සමඟය.
23
එබැවින් ඔබ මටවත් මාගේ දරු මුණුබුරන්ටවත් වංචාවක් නොකරන හැටියටද, මා විසින් ඔබට කළ කරුණාව ලෙස ඔබ මටත් ඔබ විදේශීව සිටින මේ දේශයටත් කරන හැටියටද, දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් මෙහිදී මට දිවුරන්නැයි කීවේය.
24
ආබ්‍රහම්ද: මම දිවුරන්නෙමියි කීය.
25
එහෙත් අබිමෙලෙක්ගේ මෙහෙකරුවන් බලාත්කාරයෙන් උදුරාගත් වතුර ඇති ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට තරවටු කෙළේය.
26
අබිමෙලෙක්ද: මේ දේ කළේ කවුදැයි මම නොදනිමි. ඔබ මට නොකීයෙහිය, අද වන තුරු ඒ ගැන මා ඇසුවෙත් නැතැයි කීය.
27
ආබ්‍රහම් බැටළුවන් හා ගොනුන් ගෙන අබිමෙලෙක්ට දුන්නේය; ඔව්හු දෙදෙන ගිවිසුමක් කරගත්තෝය.
28
ආබ්‍රහම් රැළෙන් බැටළු නෑම්බියන් සත් දෙනෙකු වෙන්කොට තැබුවේය.
29
අබිමෙලෙක්ද: ඔබ වෙන්කොට තැබූ මේ බැටළු නෑම්බියන් සත්දෙනා කුමක් පිණිසදැයි ආබ්‍රහම්ට කීය.
30
ඔහු: මේ ළිඳ මා විසින් හැරෙවූ බවට මේ බැටළු නෑම්බියන් සත්දෙනා මට සාක්ෂියක් පිණිස මාගේ අතින් පිළිගන්නැයි කීය.
31
එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.
32
මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහිදී ගිවිසුමක් කරගත්තෝය. තවද අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් නැගිට පිලිස්තිවරුන්ගේ දේශයට හැරීගියෝය.
33
ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය.
34
ආබ්‍රහම් පිලිස්තිවරුන්ගේ දේශයෙහි බොහෝ දවස් පොරොත්තුව සිටියේය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50