bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 50
Genesis 50
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 49
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
1
යෝසෙප් තමාගේ පියාගේ මුහුණ මතුයෙහි හඬ හඬා ඔහු සිඹගත්තේය.
2
පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය.
3
ඔව්හු ඔහු උදෙසා සතළිස් දවසක් සම්පූර්ණකළෝය; මක්නිසාද සුවඳ ද්‍රව්‍ය ගැල්වීමට එපමණ දවස් ගතකරත්. මිසරවරුද ඔහු ගැන සැත්තෑ දවසක් වැලපුණෝය.
4
ඔහු ගැන වැලපීමේ දවස් ඉකුත්වූ කල්හි යෝසෙප් ඵාරාවෝගේ ගෙයි වැසියන්ට කථාකොට: ඔබ සැමගෙන් මට කරුණාව ලැබී තිබේනම් ඔබ සැම ඵාරාවෝට කථාකරමින් මෙසේ කියන ලෙස ඉල්ලමි-
5
මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය.
6
ඵාරාවෝද: ඔබේ පියා ඔබ දිවුරෙවු ලෙස ගොස් ඔහු තැන්පත් කරන්නැයි කීවේය.
7
එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද
8
යෝසෙප්ගේ ගෙයි වැසි සියල්ලෝද ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ ගෙයි වැසියෝද ඔහු සමඟ ගියෝය. ඔව්හු තමන්ගේ දරුවන්ද තමන්ගේ එළුබැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද පමණක් ගෝෂෙන් දේශයෙහි නවත්වා ගියෝය.
9
රථ සහ අසරුවෝද ඔහු සමඟ ගියෝය. ඒ වනාහි ඉතා මහත් පිරිසක් විය.
10
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
11
දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය.
12
ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය.
13
මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.
14
යෝසෙප් තමාගේ පියා තැන්පත්කළ පසු ඔහුද ඔහුගේ සහෝදරයෝද තම පියා තැන්පත්කරන පිණිස ඔහු සමඟ ගිය සියල්ලෝද මිසරයට හැරී ආවෝය.
15
එවිට යෝසෙප්ගේ සහෝදරයෝ තමන්ගේ පියා නැසීගිය බව දැක: සමහරවිට යෝසෙප් අපට වෛරකොට අප විසින් ඔහුට කළ සියලු නපුරුකම් ගැන සම්පූර්ණ ලෙස අපෙන් පළිගන්නේයයි කීවෝය.
16
ඔව්හු යෝසෙප් වෙතට පණිවිඩයක් යවමින්: ඔබගේ පියා තමාගේ මරණයට පළමුවෙන් අපට අණකරමින්-
17
ඔබ සැම යෝසෙප්ට මෙලෙස කියන්න; ඔබගේ සහෝදරයන්ගේ අපරාධයත් ඔබට නපුරුකම්කළ ඔවුන්ගේ පාපයත් කමාකළ මැනවි. දැනුදු ඔබගේ පියාගේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වරද ක්ෂමාකරන ලෙස ඉල්ලමුයයි කීවෝය. ඔවුන් යෝසෙප්ට කථාකළ විට ඔහු හැඬුවේය.
18
ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැටී: මෙන්න, අපි ඔබගේ මෙහෙකරුවෝයයි කීවෝය.
19
යෝසෙප්: භයනොවෙන්න. මම දෙවියන්වහන්සේ වෙනුවට සිටිම්ද?
20
ඔබ සැම වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
21
එබැවින් භය නොවන්න. මම ඔබ සැම සහ ඔබ සැමගේ දරුවන්ද පෝෂ්‍යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය.
22
යෝසෙප්ද ඔහුගේ පියාගේ වංශයද මිසරයෙහි වාසයකළෝය. යෝසෙප් එකසිය දස අවුරුද්දක් ජීවත්ව
23
එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.
24
යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ඔබ සැම බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් ඔබ සැම ගෙනයනවා ඇතැයි කීවේය.
25
තවද යෝසෙප් ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම ඔබ සැම දෙස බලා වදාරනවා ඇත, එවිට ඔබ සැම මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය.
26
යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.
← Chapter 49
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50