bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 41
Genesis 41
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 42 →
1
සම්පූර්ණ දෑවුරුද්දක් ගතවූ කල්හි ඵාරාවෝ ස්වප්නයක් දුටීය. එනම්: ඔහු ගංගාව ළඟ සිටියේය.
2
බලව, පෙනීමට ලක්ෂණවූ මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් පන්ගස් අතරෙහි කමින් සිටියෝය.
3
බලව, උන්ට පසුව පෙනීමට අවලක්ෂණ වූ මාංසයෙන් කෙට්ටුවූ තවත් එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් ගං ඉවුරෙහි අනික් එළදෙනුන් ළඟ සිටියෝය.
4
පෙනීමෙන් අවලක්ෂණවූ මාංසයෙන් කෙට්ටුවූ එළදෙන්නු මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය. එවිට ඵාරාවෝ පිබිදුණේය.
5
නැවත ඔහු නිදාගෙන දෙවෙනි වරද ස්වප්නයක් දුටුවේය. බලව, තරවූ හොඳ කරල් සතක් එක ගොයම් ගසක හටගත්තේය.
6
බලව, ඒවාට පසුව හීන්වූ පෙරදිග සුළඟින් වියළීගියාවූ කරල් සතක් හැදුණේය.
7
හීන්වූ කරල් තරවූ සම්පූර්ණවූ කරල් සත ගිලගත්තේය. එවිට ඵාරාවෝ පිබිදුණේය, ඒක ස්වප්නයක් බව ඔහු දැනගත්තේය.
8
උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.
9
එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි.
10
ඵාරාවෝ තමන් සේවකයන් කෙරෙහි උදහස්වී මා සහ පූප සාදන්නන්ගේ නායකයාද රැකවලුන්ගේ අධිපතියාගේ ගෙයි හිරේදැම්මේය.
11
මමත් ඔහුත් එක රාත්‍රියෙහි ස්වප්නයක් දුටිමුව; අපි එක් එක්කෙනා තම තමාට අදාළවූ අර්ථ ඇති ස්වප්නයක් දුටිමුව.
12
රැකවලුන්ගේ අධිපතියාගේ මෙහෙකරුවූ හෙබ්‍රෙව් තරුණයෙක් අප සමඟ එහි සිටියේය; ඔහුට අපේ ස්වප්න කීවෙමුව, ඔහු ඒවා අපට තෝරාදුන්නේය; එක් එක්කෙනාගේ ස්වප්නයේ හැටියට තේරුම කියාදුන්නේය.
13
ඔහු අපට තේරුම කියාදුන් ලෙසම සිද්ධවිය; රජතෙම මාගේ තනතුරට මා නැවත පමුණුවා ඔහු එල්ලා දැමුවේයයි කීවේය.
14
එවිට ඵාරාවෝ පණිවිඩ යවා යෝසෙප් කැඳවීය, ඔව්හු වහාම ඔහු ඇඳිරිගෙයින් ගෙනාවෝය. ඔහු රැවුල කපාගෙන තමාගේ වස්ත්‍ර මාරුකර ඵාරාවෝ වෙතට ආයේය.
15
ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයක් දුටිමි, ඒකේ තේරුම කියාදීමට පොහොසත්වූ කවරෙක්වත් නැත්තේය. ඔබ ස්වප්නයක් ඇසූ කල්හි ඒකේ අර්ථය තෝරාදෙන්ට ඔබට පුළුවනැයි ඔබ ගැන කියනවා මම ඇසීමියි කීයේය.
16
යෝසෙප් ඵාරාවෝට උත්තරදෙමින්: මා නොව දෙවියන්වහන්සේ ඵාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේකැයි කීවේය.
17
එවිට ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයෙන් ගංඉවුරෙහි සිටියෙමි.
18
බලව, මාංසයෙන් තරවූ, පෙනීමට ලක්ෂණවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී ඇවිත් පන්ගස් අතරේ කමින් සිටියෝය.
19
උන්ට පසුව හීන්වූ, පෙනීමට ඉතා අවලක්ෂණවූ, කෙට්ටුවූ වෙන එළදෙනුන් සත්දෙනෙක් නැගී ආවෝය, එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටිමි.
20
කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙන්නු තරවූ පළමු එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය.
21
මෙසේ උන් කාදැමූ පසුත් කෑ බවක් දැනගන්ට නොතිබුණේය; උන්ගේ පෙනීම මුලදී මෙන්ම අවලක්ෂණව තිබුණේය. එවිට මම පිබිදුණෙමි.
22
නැවත මම ස්වප්නයෙන් එක් ගොයම් ගසක සම්පූර්ණවූ හොඳ කරල් සතක් හටගන්නවා දුටිමි.
23
බලව, ඒවාට පසු බොල්වූ හීන්වූ පෙරදිග සුළඟින් වියළීගියාවූ කරල් සතක් හැදුණේය.
24
හීන්වූ කරල් හොඳ කරල් සත ගිලගත්තේය. මම එය මායාකාරයන්ට කීමි; එහෙත් එය මට ප්‍රකාශකළ හැකිවූ කිසිවෙක් නොවූයේයයි කීය.
25
එවිට යෝසෙප් ඵාරාවෝට කථාකොට: ඵාරාවෝගේ ස්වප්නය එකක්මය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට ප්‍රකාශ කළසේක.
26
හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය.
27
උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය.
28
මා විසින් ඵාරාවෝට කී කාරණය මේය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට දැක්වූසේක.
29
මුළු මිසර දේශයෙහි ඉතා සාරවූ අවුරුදු සතක් පැමිණෙයි.
30
ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;
31
පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය.
32
ඵාරාවෝට ස්වප්නය දෙවරක් පෙනුණේ ඒ කාරණය දෙවියන්වහන්සේ විසින් ස්ථිරකර තිබෙන නිසාය, දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉෂ්ටකරනසේක.
33
එහෙයින් දැන් ඵාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත්කෙරේවා.
34
එසේ කොට, දේශය කෙරෙහි මුලාදෑනීන් පත්කර, සාරවත්වූ අවුරුදු සතේදී මිසර දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටස ගනීවා.
35
ඔව්හු පැමිණෙන මේ හොඳ අවුරුදුවල ආහාර සියල්ල රැස්කොට නුවරවල ආහාර පිණිස ඵාරාවෝගේ අත යටතේ ධාන්‍ය රැස්කර තබාගනිත්වා.
36
දේශය සාගතයෙන් විනාශනොවෙන පිණිස ඒ ආහාර මිසර දේශයෙහි පැමිණෙන සාගත අවුරුදු සතේදී දේශයට ගබඩාවක් වන්නේයයි කීවේය.
37
ඒ කාරණය ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද හොඳව පෙනුණේය.
38
එවිට ඵාරාවෝ තමාගේ සේවකයන්ට කථාකොට: තමා තුළ දෙවියන්වහන්සේගේ ආත්මය ඇත්තාවූ මේ මනුෂ්‍යයා වැනි කෙනෙක් අපට සොයාගන්ට පුළුවන්දැයි කීවේය.
39
ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල ඔබට දැක්වූ නිසා ඔබ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත.
40
ඔබ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ ඔබේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම ඔබට වඩා උසස්වෙමියි කීවේය.
41
තවද ඵාරාවෝ: මුළු මිසර දේශයට මා විසින් ඔබ අධිපති කොට පත්කළ බව දැනගන්නැයි යෝසෙප්ට කීවේය.
42
ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,
43
ඔහුට තමාගේ දෙවෙනි රථයෙන් යන්ට සැලැස්විය. මිනිස්සුද: දණ නමව් කියා මොරගසමින් ඔහුට පෙරටුව ගියෝය. ඵාරාවෝ මුළු මිසර දේශය කෙරෙහි ඔහු අධිපති කොට තැබුවේය.
44
ඔහු යෝසෙප්ට කථාකරමින්: මම ඵාරාවෝය, ඔබ නැතුව මුළු මිසර දේශයෙහි කිසිවෙක් තමාගේ අතවත් පයවත් ඔසවන්නේ නැතැයි කීවේය.
45
තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය.
46
යෝසෙප් මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියට පැමිණෙන කල්හි තිස් අවුරුදු වයස්විය. ඔහු ඵාරාවෝ ඉදිරියෙන් නික්ම මිසර දේශය මුළුල්ලෙහි ගමන්කෙළේය.
47
සාරවත්වූ සත් අවුරුද්දෙහි පොළොවෙන් අතිශයින්ම ඵල හටගත්තේය.
48
ඔහු ඒ සත් අවුරුද්දේ මිසර දේශයෙහි තිබුණාවූ ආහාර සියල්ල රැස්කොට ඒවා නුවරවල තැබුවේය. එක එක නුවර වටකර කෙත්වල තිබුණු ආහාර ඔහු එහිම තැබුවේය.
49
යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය; මක්නිසාද ඒවා ගණන්කළ නොහැකිවිය.
50
සාගත අවුරුද්ද පැමිණෙන්ට ප්‍රථම යෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා වැදුවාය.
51
යෝසෙප්ද: දෙවියන්වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතකනැතිකරන්ට මට සැලැස්වූසේකැයි කියා තමාගේ කුලුඳුලාට මනස්සේ යන නාමය තැබීය.
52
මාගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵලකළසේකැයි කියා දෙවෙනියාට එප්‍රායිම් යන නාමය තැබීය.
53
මිසර දේශයෙහි පැවතුණු සාරවූ අවුරුදු සත කෙළවරවිය.
54
යෝසෙප් කී ලෙස සාගත අවුරුදු සත පැමිණෙන්ට පටන්ගත්තේය. සියලු දේශවල සාගතය විය; නුමුත් මිසර දේශය මුළුල්ලෙහි ආහාර තිබුණේය.
55
මුළු මිසර දේශයෙහි සාගතය වූ කල සෙනඟ ආහාර ගැන ඵාරාවෝට මොරගැසුවෝය. ඵාරාවෝ සියලු මිසරවරුන්ට කථාකොට: යෝසෙප් වෙතට ගොස් ඔහු ඔබ සැමට කියන දේ කරන්නැයි කීය.
56
සාගතය මුළු පොළෝතලයෙහි විය. යෝසෙප් සියලු ගබඩා ඇර මිසරවරුන්ට වික්කේය; තවද සාගතය මිසර දේශයෙහි බලවත් විය.
57
සාගතය මුළු පොළොවෙහි බලවත්ව තිබුණු නිසා සියලු දේශ වාසීහු ධාන්‍ය මිලේට ගන්නා පිණිස මිසරයට යෝසෙප් වෙතට ආවෝය.
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 42 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50