bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Genesis 22
Genesis 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 23 →
1
මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂාකරමින්: ආබ්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය.
2
උන්වහන්සේ: ඔබේ පුත්‍රවූ ඔබ ප්‍රේමකරන ඔබේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් ඔබට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.
3
ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.
4
තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය.
5
ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ ඔබ සැම මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට ඔබ සැම වෙතට නැවත එන්නෙමුයයි කීය.
6
එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍රවූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය; ඔව්හු දෙදෙනා එක්ව ගියෝය.
7
ඊසාක් තමාගේ පියවූ ආබ්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය.
8
ආබ්‍රහම්: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇතැයි කීවේය.
9
මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය.
10
තවද ආබ්‍රහම් තමාගේ අත දිඟුකොට තම පුත්‍රයා මරන පිණිස පිහිය ගත්තේය.
11
එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.
12
දේවදූතයා: ඔබේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් ඔබ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.
13
ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.
14
ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේ ගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති.
15
ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා:
16
ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින්
17
මම ඒකාන්තයෙන්ම ඔබට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද ඔබේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; ඔබේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;
18
මාගේ ශබ්දයට ඔබ කීකරුවූ නිසා ඔබේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
19
ආබ්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේය, එවිට ඔව්හු නැගිට බෙයර්-ෂෙබාට එක්ව ගියෝය; ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි වාසය කෙළේය.
20
තවද මේ කාරණාවලට පසු: බලව, මිල්කාත් ඔබේ සහෝදරවූ නාහොර් නිසා පුත්‍රයන් වැදුවායයි ආබ්‍රහම්ට කියනලද්දේය;
21
එනම්, ඔහුගේ කුලුඳුලාවූ ඌශ්ද ඔහුගේ සහෝදරවූ බූශ්ද ආරම්ගේ පියාවූ කෙමුවෙල්ද,
22
කෙසෙද්ද හශෝද පිල්දාෂ්ද ජීද්ලප්ද බෙතුයෙල්ද යන මොව්හුය.
23
බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය.
24
රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50